ආර්ය නිශ්ශබ්දතාවය හා ජීවිතයේ සැබෑ අර්ථය පිළිබඳ දේශනයක්, සම්මා දිට්ඨිය සහ අවධානයෙහි වැදගත්කම විස්තර කරයි.
Key Takeaways
- ජීවිතය සැබෑවෙන්ම මේ මොහොතේ දැනෙන දේවල් මත පදනම් වේ.
- සිතුවිලි වලින් නිදහස් වීම සහ අවධානය යොමු කිරීම ජීවිතයේ සතුටට මාර්ගයක් වේ.
- සම්මා දිට්ඨිය සහ සම්මා සතිය බුදු මාර්ගයේ මූලික මඟපෙන්වීම් වේ.
- අසහනය සහ ආනන්දය මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවික කොටස් වන අතර ඒවා සමඟ ජීවත් විය යුතුය.
- භාවනාවෙන් මනස පිරිසිදු කර, ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි කළ හැක.
What the video covers
- ආර්ය නිශ්ශබ්දතාවය හෝ ආර්ය තෘෂ්ණීම් භාවය පිළිබඳ දේශනයක්.
- ජීවිතයේ සැබෑ අර්ථය සහ ජීවත් වීමේ සැබෑ අත්දැකීම් පිළිබඳ අවධානය යොමු කෙරේ.
- අනාගතයට හෝ අතීතයට නොව, මේ මොහොතේ ජීවත් වීමේ වැදගත්කම.
- සිතුවිලි දාමයක පැටලී සිටීමෙන් ජීවිතය අහිමි වීමේ අවදානම.
- සම්මා දිට්ඨිය සහ සම්මා සතිය යන බුදු මාර්ගයේ මූලික කරුණු.
- අසහනය සහ ආනන්දය පිළිබඳ මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය.
- අවධානය සහ නිහඩියාව පුහුණු කිරීමෙන් ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි කිරීම.
- බුදු දහමේ භාවනාවන් සහ ඒවායේ ප්‍රයෝජන.
- ජීවිතයේ සැබෑ තෘප්තිය සොයා ගැනීම සඳහා සිතුවිලි වලින් නිදහස් වීමේ අවශ්‍යතාවය.
- සම්මා දිට්ඨියෙන් ආරම්භ වන මනෝභාවයන් සහ ඒවායේ බලපෑම්.
Full Transcript — Download SRT & Markdown
Speaker A
[සංගීතය] [සංගීතය] [සංගීතය] [සංගීතය] හෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
Speaker A
සැදැහැවත් පින්වත්නි, අද දේශනාවට මාතෘකා කරගන්න හිතුවේ ආර්ය නිශ්ශබ්දතාවය, එහෙම නැත්නම් ආර්ය තෘෂ්ණීම් භාවය. අපිට පුංචි කාලේ ඉඳලා අහන්න ලැබෙනවා ජීවිතයේ අපිට ලැබිලා තියෙන්නේ මොකක් හරි වැදගත් දෙයක් වෙනුවෙන් කියලා. අපි ජීවත් වෙන්න ඕනේ මොකක් හරි වැදගත් දෙයක් වෙනුවෙන් කියලා.
Speaker A
බොහෝ ආගම් උගන්නවා අපි ජීවත් වෙන්න ඕනේ දිවියෝ වෙනුවෙන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝකය ආම වෙනුවෙන්.
Speaker A
සමහරක් වෙලාවට බෞද්ධයෝ පවා කියනවා අපි ජීවත් විය යුත්තේ නිවන් අවබෝධ කිරීම වෙනුවෙන්. එහෙම නැත්නම් පින් සිද්ධ කර ගැනීමෙන්.
Speaker A
දේශපාලඥයෝ කියනවා අපි ජීවත් විය යුත්තේ රට ජාතිය වෙනුවෙන් කියලා. සමාජවාදයෙන් කියනවා අපි ජීවත් විය යුත්තේ සමාජවාදය ආරක්ෂා කර ගැනීමෙන් කියලා.
Speaker A
මේ ආදී වශයෙන් හැමදෙනාම පාහි මේ ජීවිතයට මොකක්ද එහා තියෙන අරමුණක් දෙනවා. හැබැයි ඇත්තෙන්ම අප ජීවත් විය යුත්තේ ජීවත් වීම වෙනුවෙන්. ජීවිතය අරමුණ ජීවත් වීම. අපි ජීවත් වීම හැම මොහොතකම අතීතයට හෝ අනාගතයට කල් දානවා.
Speaker A
ජීවිතය කියලා කියන්නේ මේ මොහොතේ ඔබට දැනෙන දේ. මගේ ශබ්දය ඇහෙනවා විදිහට ගෙවිලා යන්නේ ඔබේ ජීවිතයේ මේ වෙලාවේ දැනෙන හුළඟ රස්නය සිසිලොස විදියට ගෙවිලා යන්නේ ඔබේ ජීවිතය.
Speaker A
ඒ වගේම ඔබට ඔබේ හුස්ම දැනෙනවා නම් ඒ හුස්ම දැනෙනවා විදිහට ගෙවිල්ලා යන්නේ ඔබේ ජීවිතය.
Speaker A
ඔබ වාඩි වෙලා ඉන්න ආසනයේ ස්පර්ශය ඔබට දැනෙනවා නම් ඒ ස්පර්ශය විදිහට ගෙවිල්ලා ඔබේ ජීවිතයේ. ඔබ කොච්චර උත්සාහ කළත් ඔබට එක තත්පරයක්වත් ඒකෙන් අතීතයට යන්නත් බැහැ. ඒකෙන් අනාගතයට යන්නත් බැහැ. අපේ හැමදාමත් මේ මොහොතට වෛර කරමින් අනාගතන මොහොතක් බලාපොරොත්තු වෙනවා.
Speaker A
අපි හැම මොහොතකම ජීවත් වීම කල් දානවා. ඒ වෙනුවට අපි තෝරගන්නවා සිතුවිලි දාමයක පැටලී සිටීම.
Speaker A
ජීවත් වීමට වඩා අපි සිද්ධ කරන්නේ ජීවත් වීම වෙනුවට ඒ වෙලාව සිතුවිලි දාමයක පැටලිලා ඉන්නවා.
Speaker A
උදාහරණයකට ඔබ කුඩා කල විභාගයකට මුහුණ දෙන්න උන්න මෙන්න තියෙන කාලයක ඔබ හිතනවා මම විභාගයෙන් පස්සේ ජීවත් වෙනවා කියලා.
Speaker A
මෙහෙම හිතාගෙන ඔබ ජීවත් මේ විභාගෙට සූදානම් වෙන කාලේ තේ එකක් බිව්වත් ඔබ ඉන්නේ සිතුවිලිදාම. මේක මොනවාහරි ආහාරයට ගත්තත් ඔබ ඉන්නේ සිතුවිලිදාම. මේක සින්දුවක් ඇහුවත් ඔබ ඉන්නේ සිතුවිලිදාම. මේක ඔබ හැම මොහොතකම ජීවත් වීම පැත්තකට දාලා සිතුවිලි දාම මේක පැටලී සිටීම තෝරගන්නවා.
Speaker A
මෙන්න මේ විදියට අපි හැමදාමත් පුරුදු වෙලා තියෙන්නේ ජීවත් වීම පැත්තකට දාලා සිතුවිලිවල පැටලිලා ඉන්න. හැබැයි මම ඔබට කියනවා යම් දවසක ඔබ හීන මවන ජීවිතය සැබෑවක් බවට පත්වෙන්නෙත් මෙතන මේ මොහොතක් විදිහට.
Speaker A
අන්න එදාටත් මේ පුරුද්ද ඔබ අතහැරියේ නැත්නම් ඒ මොහොතටත් ඔබ වෛර කරමින් ඒ මොහොතත් සිතුවිලි ටිකක නිමග්න වෙලා කාල දානවා.
Speaker A
ඇතැන්ම ජීවිතය කියන්නේ මේ වෙලාවේ දැනෙන දේ. බුදුරජාණන් වහන්සේ බාහිය සූත්‍රයේ, බද්ධක රත්ථ සූත්‍රයේ ආදී ආරාධනා කරනවා ඔබට මට.
Speaker A
මේ මොහොතේ දැනෙන දැනීම තුළ පරිපූර්ණ වදිමත් වෙන්න කියලා. බලවත් ලෙස අවධානයත් වෙන්න කියලා. එක සිතුවිල්ලකටවත් එන්න ඉඩක් නැති තරම්ම මේ මොහොතේ දැනෙන දේට අවධානය දෙන්න කියලා.
Speaker A
ජීවිතය ඇත්තටම මේ මොහොතේ දැනෙන දේ. අපි හරිම කළබලයි. අපි ජීවිතයේ මොකක්ද හෝ තෘප්තියක් හොයනවා. මොකක්ද හෝ පරිපූර්ණත්වයක් හොයනවා. මොකක්ද ආනන්දයක් හොයනවා.
Speaker A
ඒක නිකන් උදාහරණයකින් කිව්වොත් මාළුවෙක් ඉන්නවා. මේ මාළුවා ඔවුන්ගේ මාළුවන් අතරේ ඉන්න ප්‍රඥාවන්තම මාළුවා ලගට ගිහිල්ලා අහනවා.
Speaker A
මේ වතුර කියලා එකක් තියෙනවා. මට මේ වතුර අත්විඳින්න ඕනේ. වතුර කියන්නේ මොකක්ද කියලා. අන්න ඒ වෙලාවේ ඒ ප්‍රඥාවන්ත මාළුවා උත්තර දෙනවා, ඔබ දැනටමත් ඉන්නේ වතුරේ, ඔබ අවට තියෙන්නේ ඒ වතුර කියලා. ඒ වගේම ඔබ හොයන ජීවිතයත් තියෙන්නේ මෙතන මේ මොහොතේ.
Speaker A
මේ නිහඩියාව තුළ ආර්ය නිශ්ශබ්දතාවය කියලා කියන්නේ සිතුවිලිවල නැතිකම විතරක් නොව, දිමත් භාවයේ වැඩිකමයි. ඔබේ මේ මොහොතට ඔබ දෙන අවධානය කොතරම්ද, එතරම් ඔබ ජීවත් වෙනවා.
Speaker A
ඔබ මේ මොහොතේ ජීවත් නොවොත් තමයි ඔබේ මරණය ලං වෙච්ච දවසට ඔබට අත්සේ ගහගෙන අඩන්න වෙන්නේ අහු මෙච්චර කාලයක් මම ජීවත් වෙලා නෑ කියලා. හැමදාම ඔබ සිද්ධ කරලා තියෙන්නේ ජීවත් වෙන්න සැලසුම් කරපු එක. ජීවිතය ප්ලෑන් කරපු එක.
Speaker A
හැබැයි ඔබ ප්ලෑන් කරන ජීවිතය යම් දවසක ඇත්තක් වුනාද, ඔබ එදාට කරන්නෙත් ආයෙත් ප්ලෑන් කරන එක.
Speaker A
මේක ඉවරයක් නෑ. යම් කෙනෙක් සැබෑ අවධිමත් භාවයෙන් ජීවිතය අත්විදිනවද, ඔහුට අත්විදින දෙයක්වත්, අත්විදින මමෙක්වත් පැනවින්නේ නැතුව යනවා.
Speaker A
ඒ වගේම ඔහුට වැටහෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ යමක් පේනවද, ඇහෙනවද? දැනෙනවද? මේකේ ගුණාත්මක භාවය කොච්චර අඩු වුණත්, කොච්චර වැඩි වුණත් අවසානයේ බලපුවම මේවා ඉතුරු වෙන්නේ ඒකාකාරී දැනීම් මාත්‍රයක් පමණයි කියලා.
Speaker A
උදාහරණයකට බලන්න, ඔබට ඔබ ළඟට එනවා එක්තරහ ප්‍රභූවරයෙක් හමුදාවෙන් හෝ පොලීසියෙන් පිරිවරාගෙන. ඔහු දිහා බලන ඔබට හිතෙනවා.
Speaker A
ඔහු හරියම ගුණාත්මක ජීවිතයක් ගත කරනවා. ඔහුගේ ජීවිතය හරිම තෘප්තිමත් ඇති, හරිම ආනන්දනීය ඇති කියලා.
Speaker A
හැබැයි ඒ කෙනාගේ ජීවිතයට අපි එබිකම් කරලා බැලුවොත්, ඔහුගේ ඒ ප්‍රභූ ජීවිතයත් ඔහුට, ඔබට මේ රූප පෙනෙද්දි දැනෙනවාම, ඔබට ශබ්ද ඇහැ හැදි දැනෙනවාම, ගෙවිලා යන ජීවිතයක්.
Speaker A
තවත් උදාහරණයකින් කිව්වොත්, ඔබේ විවාහයට පෙර විවාහයේ දිනය ගැන ඔබ හීනමවන් ඇති. හැබැයි ඒ දිනට මුහුණ දෙද්දී පෝරුව උඩ විනාඩියක් දෙකක් තුනක් ගත වෙද්දී ඔබට වැටහෙන්නේ ඇති අමුතු දෙයක් නැහැ. වෙනදා වගේම පේනවා.
Speaker A
වෙනදා වගේම ඇහෙනවා. වෙනදා වගේම දැනෙනවා. වෙනදා වගේම හිතෙනවා. මේක තමයි ජීවිතය ඇත්ත. මේ ආර්ය නිශ්ශබ්දතාවය පුහුණු කරන්න යන කෙනෙක් මේක ඇත්තෙන්ම අයිති වෙන්නේ සම්මා සතියටත්, සම්මා සමාධියටත්. මේ සම්මා සතිය සම්මා සමාධිය නිවැරදිව ඇති වෙන්නේ. එහෙම නැත්නම් මේ ආර්ය
Speaker A
නිශ්ශබ්දතාවය සැබවින්ම ගොඩනැගෙන්නේ සම්මා දිට්ඨියෙන් සන්නන්ත වෙච්ච කෙනෙක්ට. ඉතින් අද සම්මා දිට්ඨිය විග්‍රහ කරන්න කල්ගත කරන්න නැහැ. වෙනත් දේශනාවල ඕන තරම් විග්‍රහ කරලා තියෙනවා. සම්මා දිට්ඨියේදී ඇතුලත් වෙනවා මුලින්ම මේ කාමයන්ගේ ආදීනව.
Speaker A
මේ ලෝකයේ කිසිම දේක අපි මානසිකව බලාපොරොත්තු වෙන තරම් රස වින්දනයක් නෑ. අපි දෙයක් ලැබෙන්න කලින් ලොකුවට බලාපොරොත්තු වුනාට මේ තරම් තෘප්තියක්, මේ තරම් ආනන්දයක් මට මේකෙන් ලැබෙයි කියලා කවදාවත් ඒ තරම් සතුටක් කිසිම දේකින් ලැබිලා නෑ.
Speaker A
උදාහරණයකට ඔබ වාහනයක් අලුතෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. ගන්න කලින් ඔබ මාධ්‍යලිය තෝරවපු ගමන් හිතනවා මේ මාධ්‍යලියේ වාහනයක යාමෙන් මට මෙවැනි තෘප්තියක් ඇතිවෙයි.
Speaker A
මිනිස්සු මම දිහා මෙසේ දැකීමෙන් මට මෙසේ තෘප්තියක් ඇතිවෙයි කියලා. හැබැයි ඔබ ඒ ගත්තට පස්සේ ඔබ ඇත්තෙන්ම වාහනය රස විදිමින් එක විනාඩියක්වත් පදවලා තියෙනවද?
Speaker A
ඔබ වාහනය සැබවින්ම රස විදිනවා නම්, ඔබ ඒකේ වාඩි වෙනවා. ඒ ෂීට් එකේ තියෙන පහසුව උපරිමෙන්ම රස විදිනවා. ඒසියකෙන් එන සිසිලස හොඳින් රස විදිනවා. සුඛාන්නමේ ස්පර්ශය හොඳින් රස විදිනවා. කිසිම සිතුවිල්ලක් නැතුව සමස්ත ඉදිරියේ පේන දර්ශනය රස විදමින් ඔබට ඒ පදවන්න පුළුවන් වෙනවා. හැබැයි
Speaker A
ඔබ මේ කිසිම දවසක එසේ වාහනය පදවන නැතුව ඇති. මෙන්න මේ වගේමයි ජීවිතය. අපි බලාපොරොත්තු වෙන ජීවිතය, අපි බලාපොරොත්තු වෙන හීන වල, අපි බලාපොරොත්තු වෙන ආශාවන් වල, කවදාකවත් අපි බලාපොරොත්තු වෙච්ච තරම් රහක් නෑ. ඒ වගේම එක ආසාවක් ඉවර වෙදී තව එකක්. මේකේ
Speaker A
නැති දේ අනිත් එකෙන් හම්බවෙයි කියලා අපි හිතනවා. අපි සැබවින්ම හොයන්නේ කෙනෙක්වත්, දෙයක්වත්, තනතුරක්වත් නොවෙයි.
Speaker A
හිත පිරිලා යන ආනන්දයක්, එක්ට්‍රසි එකක්. මේ ආනන්දය අපිට කිසිම දේකින් හම්බවෙන්නේ නෑ. මේ නිසාමයි අපි එකක් පිටිපස්සේ එකක් දුවන්නේ.
Speaker A
අපි තරහතිරම් දහයක මිනිස්සු දහ දෙනෙක් ගත්තොත් මේ දහ දෙනාම එකම ආකාරයේ අසහනයකින්, එකම ආකාරයේ ආනන්දයේ උණතාවයකින්, මදිමකින් පීඩා විදිෙනවා.
Speaker A
කෙනෙක් කියවේ මට යහපත් දෙමව්පියන් හිටියා නම් ඒ ජීවිතයේ හරිම ආනන්දනීයයි කියලා. තවත් කෙනෙක් කියාවේ මට ධනවත් දෙමව්පියන් සිටියනම් ඒ ජීවිතය ආනන්දනයේය කියලා. තවත් කෙනෙක් ගියාවේ මට දරුවෙක් ඉන්න ජීවිතය ආනන්දනීයයි කියලා. තවත් කෙනෙක් සිතාවේ මගේ දරුවන් අහවලාගේ දරුවන් වගේ හොඳ දරුවන් වුනානම්
Speaker A
මගේ ජීවිතේ ආනන්දනීයයි කියලා. මේ අරමුණ ඔජෙක්ට් එක විතරයි වෙනස්. හැබැයි හැමදෙනාගෙම මදිකම අසහනය සමානයි.
Speaker A
ඇත්තෙන්ම ගැටලුව ඔබට ඒ යමක් නැතිකම නොවෙයි. ආනන්දය නැතිකම, මදිකම අසහනය මේ පැවැත්මේදී ඔබට අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක්. ඒයි පැවැත්මේ ස්වභාවය.
Speaker A
එතකොට ඕනෑම අරමුණක් ඉස්සරහට දාලා මේ මධිකම ඔබට දැනෙන්න සලස් වනවා. ඔබ ඒ දේ ලබාගත්තත් අසහනය ඉවර වෙන්නේ නැහැ.
Speaker A
තවත් එකකින් අසහනය දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි ජීවිතය යථාර්ථය. මෙන්න මේ සැකැස්ම තේරෙන්න පටන් ගනිද්දී ඔබට වැටහෙනවා යමක් නැතිකම නොවෙයි මෙතන ගැටලුව ආනන්දය උණතාවය කියලා.
Speaker A
මේ අසහනය මධිකම කියන්නේ අපි තුළ ඇත්තෙන්ම තියෙන දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේගේ භාවනාව කණ්නාඩි දෙකක් වගේ නෙමෙයි. ඇස් දෙක වගේ.
Speaker A
කණ්නාඩිය
Speaker A
ඔබට ගැටලුවක් ආපුවාම විදර්ශනා කරලා ඒ දුග තුනී කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඔබට අංශු මාතෘකවත් දුකක් නැතුව ජීවත් වෙන්න හැකියාව ලැබෙන එකක් නෑහ.
Speaker A
ඔබට පුංචිම දුකක්වත් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය නම් ඔබට ආර්ය නිශ්ශබ්දතාවය පුරුදු කරන්න සිද්ධ වෙනවා.
Speaker A
ඔබට මෙන්න මේ මොහොතේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. හිතලා බලන්න සම්මා දිට්ඨියේදී අපි කිව්වා මේ කාමයන්ගේ ආදීනව. ඊළඟට මේ සියලු කායික වාචික මානසික ක්‍රියාකාරකම් අවසානයේ වෙහෙසක් බව අවබෝධ වීම තවදුරටත් තමුනුත් අනුනුත් කියන්නේ අනාත්ම යාන්ත්‍රණයක් බව වැටහී තිබීම මෙන්න මේ
Speaker A
කියන අවබෝධය කල්‍යාණ මිත්‍රාශයෙන්, සර්ශ්‍රවණයෙන්, යෝනිසෝ මනසිකාරයෙන් යම්කිසි කෙනෙක් ඇති කරගෙන තියෙනවා නම් අන්න ඒ කෙනාට තමයි සැබවින්ම ආහාරය තෘෂ්ණීම් භාවය උත්තරීතර නිහඩියාව පුරුදු කරන්න පුළුවන් වෙන්නේ.
Speaker A
අර මාළුවාගේ උපමාවය වගේ අපේ ජීවිතයේ තියෙන්නෙම නිහඩියාව තුළ සමාජයෙන් දාගත්තු බොහෝ සිතුවිලි බොහෝ රාමු නිසා අපි අපේ නිහඩියාව මකාගෙන නොයෙකුත් දේවල් හිතන්න පටන් ගන්නවා. මේක මදියි කියලා හිතන්න පටන් ගන්නවා. මේ මට ගැලපෙන්නේ නෑ කියලා හිතන්න පටන් ගන්නවා. මේක නිකන්
Speaker A
සැබවින්ම නටන රූකඩයක් වගේ. රූකඩය ඇත්තෙන්ම දේශපාලඥයන් විසින් දෙමව්පියන් විසින් ඒ වගේම ජාත්යන්තර ව්‍යාපාරයන් විසින් අධ්‍යාපන රටාව විසින් සංස්කෘතිය විසින් රටවන්නේ.
Speaker A
හැබැයි රූකඩය හිතනවා තමන් තමන්ගේ නටුමකුයි රටන්නේ කියලා. අන්න ඒ වගේ අපේ ජීවිතයත්. අපි ඇත්තෙන්ම සමාජයෙන් දාපු රාම වලින් ඇති වුණු සිතුවිලිවල පැටලිලා ඒ අපේ සිතුවිලි කියලා මුලාවට පත්වෙලා ජීවත් වෙනවා. හැබැයි ඒ සිතුවිලි අපිට අචි සිතුවිලි නෙමෙයි. ඒ සිතුවිලි
Speaker A
ඇත්තෙන්ම අපේ ඔලුවට දාපු රාමුවල ප්‍රතිඵල. අපි ඇත්තටම හොයන්නේ අපිට ඕන දේ නෙමෙයි. අපි ඇත්තටම හොයන්නේ මේ දෙයින් අපිට මේක ලැබෙයි කියලා තියෙන විශ්වාසයට.
Speaker A
අපිට ඇත්තටම ඕනේ තෘප්තියක් හිතට. අපිට ඇත්තටම ඕනේ හිතේ පිරියාමක්. අපිට ඇත්තටම ඕනේ සිතට ආනන්දයක්.
Speaker A
මේ ආනන්දය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කේතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතූ කියලා.
Speaker A
මේ අපි හොයන ආනන්දය පරිපූර්ණත්වය තියෙන්නේ සියලු සංස්කාරයන්ගේ සංසිදීම තුළ සියලු කායික ක්‍රියා සංසිදිය ගිය අවස්ථාව තුළ සියලු වාචික ක්‍රියා සංසිදිය ගිය අවස්ථාව තුළ සියලු මානසික ක්‍රියා හදුනා ගැනීම රසිතීම් පවා සංසිදියේ ගිය අවස්ථාව තුළ අපි හැම මොහොතකම නිහඩියාව පැත්තකට දාලා සිතුවිලි
Speaker A
තෝරගන්නවා. ඒ සිතුවිලි තෝරගන්නෙත් ඒ සිතුවිලි කල්පනා කිරීමෙන් බඩ දෘප්තිය උදා වේ කියලා. හැබැයි කවදාවත් මොන දේ කල්පනා කර කර හිටියත් තෘප්තියක් උදා වෙන්නේ නෑ වෙහෙසක් මිසක ඉතින් බුදුරජාණන් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා මෙතන මේ මොහොත තුළ අවධිමත් වෙන්න
Speaker A
සමාජය කියයි ඔබට අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා කියලා. ඔබ කලබල වුනත් නැතත් මුහුණ දෙන්න සිද්ධ වෙන දේට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
Speaker A
ඔබට ඇත්තෙන්ම යමක් සිතන්න අවශ්‍ය නම් ඔබේ හිතට දෙන්න අපොයිමන්ට් එකක්. මම ඔබට පැයක් දෙනවා ඔය ප්‍රශ්නය ඇති තරම් හිතලා ඉවර කරපන් කියලා.
Speaker A
ඒක ඕනම් ලියලා පැත්තකින් තියන්න. ඒ අදාල දේ අදාල වෙලාවට කරන්න. සමහර වෙලාවට ඔබේ ප්‍රශ්නයට උත්තරේ ඔබ හිතන වෙලාවේ නෙමෙයි. ඔබ නිහඩියාව තුළ ඉන්න වෙලාව තුළ ඔබට ඇතිවෙන්න පුළුවන්.
Speaker A
මොකද ඔබයි ප්‍රශ්නයට ඉඩ දීලා තියෙන්නේ. අත පෙවීම නතර කරලා. ඉතින් ගරිසියේ හිටපු ප්‍රසිද්ධ දර්ශනිකයෙක් වෙච්ච සොක්‍රීස් එයාගේ මරණ මංචකයේ මෙන්න මේ විදියට කියනවා.
Speaker A
බුදුරජාණන් වහන්සේට පස්සේ හිටිය දාර්ශනිකයෙක් වෙච්ච සොක්‍රටිස් සමහර විට බුදු දහමේ ආභාශයත් යම් විදිට ලබන්න ඇති කියලා හිතන්න පුළුවන්. තිබෙන මේ කරුණුත් එක්ක මේ සොක්‍රටිම මරන්නේ රජයෙන් නියම කරනවා.
Speaker A
මුහු ජීවත් වීම රාජ්‍යයට තර්ජනයක් කියලා මෑට වස පොරණ දණ්ඩනය නියම කරනවා. ඉතින් අන්න ඒ වෙලාවෙත් එයාගේ ගෝලයෝ එයාගෙන් අහනවා ගුරුතුමනි මැරුනට පස්සේ ඔබේ ආත්මයට මොකද වෙන්නේ කියලා. ඔබ තවදුරටත් ආය ජීවත් වෙනවද මරණයෙන් පසි සියල්ල අවසන්ද කියලා.
Speaker A
අන්න ඒ වෙලාවෙත් මේ මොහොතට අවධිමත් වෙන්න දැනන් හිටපු සොක්‍රීස් සුත්තර දෙනා ඔබ ආයෙත්තේ මෝඩ ප්‍රශ්න ඇහුවා පොඩ්ඩක් හිටන් මම මැරිලා ඉවරෙලා ඔබට කියන්නම් කියලා. ආත්මයට මොකද වෙන්නේ කියලා.
Speaker A
ඉතින් සිතුවිලි තුළ පැටිලා අපි ජීවත් වෙනවා. මේ මොහොතට මුණ දෙන්නේ නැතුව. ඉතින් ඊන් පස්සේ මේ වස නිර්මාණය කරන අලුගෝසුවා මේ වස නිර්මාණය කිරීම් එන්න එන්න ප්‍රමාද කරනවා. අන්න ඒ වෙලාවේ සොක්‍රීස් අහනවා ඇයි ඔබ මෙහෙම පමා කරන්නේ?
Speaker A
ඒ වෙලාවේ අලුගුස උත්තර දෙනවා. මම කැමතියි ඔබතුමාට එක මොහොතක් හරි වැඩිපුරවන ජීවත් වෙන්න දෙන්න. අපි හැමෝම ඔබට ආදරය කියලා.
Speaker A
ඒ වෙලාවේ සොක්‍රටිස් ලස්සන උත්තරයක් දෙනා. මට එක මොහොතක්වත් වැඩියෙන් ජීවත් වෙන්න ඕනේ නෑ. මම ජීවිතයේ හැම මොහොතක්ම හැම තත්පරයක්ම පරිපූර්ණවම බලවත් ලෙස ජීවත් වුණා. හැම පෙනීමක්ම මම අවධිමත්ව අත්වින්දා. අහන්න පුළුවන් හැම දෙයක්ම මම පරිපූර්ණවත්.
Speaker A
දැනගන්න පුළුවන් හැම දෙයක්ම මම පරිපූර්ණව අවධිමත් වුණා. මට අත්ද අත්විඳින්න බැරි වුණු එකම දේ මරණ අවස්ථාව විතරයි. ඉතින් මම මරණ මොහොත එනකන් බලන් ඉන්නේ ඒකත් රස විදින්නද අන්න ඔබටත් එහෙම මැරෙන්න පුළුවන් වෙයි.
Speaker A
ජීවත් වීම ඔබ පරිපූර්ණව ජීවත් වෙන්න පටන් ගත්තොත් අපිට තාමත් අපි ජීවත් වුණා මදි. මෙහෙම ජීවත් වීම අවධිමත් භාවය ගැන කතා කරාට සමහරවිට මොකක්ද මේ කියන අවධිමත්භාවය කියලා ඔබට නොතේරෙනවා වෙන්න පුළුවන්.
Speaker A
මේ ගැන පැහැදිලි අවබෝධයක් ඔබට ගන්න පුළුවන් මේ ද්වතානුපස්සනාව ගැන අවධානය දුන්නොත් අපි පෙර දේශනා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් අපේ හිත හැම මොහොතකම ඒ කියන්නේ අපේ ජීවිතය කියලා කියන්නේ දැනීම් ප්‍රවාහයකට ඇහේ දැනීම්, කනේ දැනීම්, නහයේ, දිවේ, කයේ මනසේ දැනීම්
Speaker A
මේ දැනීමක් ඇතිවන වාරයක් පාසා මේ ආන්ත්‍රණය විසින් දැනුනු දේ අතන දැනුණු මම මෙතන කියලා ද්වේතාවයක් මේ ආන්ත්‍රණය තුළම නිර්මාණය කරනවා. යමක් ඇහුනට පස්සේ ඇහුණු සද්දය අතන ඇහුණු මම මෙතන කියලා. තවත් උදාහරණයක් කිව්වොත් ඔබ ඉන්න ගමන්ම පොළොවට කකුලෙන් තට්ටු කරොත් ඔබේ හිතාවේ පොළොව
Speaker A
පොළොවයි කකුලයි කියලා. පොළොව කකුලේ වැදුනා කියලා. මෙහෙ යාන්ත්‍රණය පුරුදු වෙලා තියෙන්නේ මේ ද්වතාවේ මේ ටවැලිටි එක බෙදාගන්න මේ දෙපැත්ත බෙදීම තමයි සියලු සිතුවිලිවල සියලු අරමුණු වල මූල පරියාය බවට පත්වෙන්නේ. මේ දෙපැත්ත බෙදුනට පස්සේ තමයි ප්‍රශ්න සිතුවිලි සැලසුම් සියල්ල බිහිවෙන්න පටන් ගන්නේ.
Speaker A
හැබැයි යම් ක්‍රමයකින් ඔබට මේ ද්වේතාවය නිර්මාණය නතර කරන්න පුළුවන්ද? එතනින්ම ඔබට සිතුවිලිවෙලා නිර්මාණය නතර කරන්න පුළුවන් වෙනවා. ඔබේ හිත නිහැඩියාවට පත් කරන්න පුළුවන් වෙනවා.
Speaker A
ඉතින් මේ සඳහා අපි කලිනුත් කියලා දීලා තියෙනවා ද්වේතානුපස්සනාව භාවනා කරන්න කියලා. කොහොමද? ඔබට ඇහෙන සද්දයක් වේවා. දැනෙන ස්පර්ශයක් වේවා, පෙනෙන රූපයක් වේවා. සිතෙන සිතුවිල්ලක් වේවා. මුලින්ම ඒ ස්පර්ශයට හොඳින් අවධානය දෙන්න කිව්වා පියවර තුනක් කිව්වා. පළවෙනි එක මුලින්ම දැනෙන ස්පර්ශයට
Speaker A
අවධානය දෙන්න. දෙවනට ඉබේම පෙනෙන දෙපැත්ත දිහා බලන්න. ඔබට මගේ සද්දය ඇහෙනවා, ඔබ අහන් ඉන්නවා.
Speaker A
ඉබේම බෙදන දෙපැත්ත හාමුදුරුවන්ගේ සද්දෙයි ඒක අහන මමයි. දැන් ඒ බෙදනු දෙපැත්ත දැනුනට පස්සේ තමන්ගෙම සිතුවිලි වලින්ම බෙදාගත්තු දෙපැත්තක් බව දැනගෙන ආයෙත් අහං ඉන්න.
Speaker A
අන්න එවිට ඔබට තේරෙයි ඇහෙන දේකින් තොර ඇහෙන මමින් තොර හුදු ඇහීම් මාත්‍රයක් පමණක් ඔබට අත්විදන්න පුළුවන් වෙයි. කිසිම සිතුවිල්ලක සංකල්යක් නැතුව.
Speaker A
මේ සිතුවිලි වලින් තමයි දැනුණු දේකුත්, දැනුණු මමකුත් ඒ අතර මැතකුත් ඔබට නිර්මාණය කරලා දෙන්නේ. ඒකයි බාහ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිට්ඨේ දිට්ඨ මතං භවිස්සති සුතේ සුත මතං භවිස්සති මුතේ මුතං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මතං භවිස්සති ඔබ දැක්කොත් දැක්ක පමණින් නැවතුනොත්,
Speaker A
ඇහුනොත් ඇහුණු පමණින් නැවතුනොත්, දැනුනොත් දැනුණු පමණින් නැවතුනොත්, සිතුනොත් සිතුණු පමණින් නැවතුනොත් ඔබ එයින්නවන්නේය ඔබ එයින්න නොවන කල්හි බාහිය ඔබ එහි නොවන්න අන්‍යය ඔබ එහි නොවන කල්ලී බාහිය ඔබ මෙහිත් නැත එහිත් නැත ඒ අතර මැදත් නැත ඒ සේවන්ත වූ දුක්ඛස්ස ඒම දුගෙහි කෙළවරයි කියලා.
Speaker A
මේ දැනුණු දේයි, දැනුණු මමයි බෙදනකන් නතර කොරොත් ලෝකයයි මායි බෙදන එක නතර වෙනවා. මමත්වය කියන්නේ සිතුවිලිවලම නිර්මාණයක්.
Speaker A
මේ බෙදීම සියල්ල හටගන්න ඔබ නිහඩියාව පැත්තකට දාලා සිතුවිලි තෝරගන්න නිසා. ඉතින් ඔබ හරියටම මේ ද්වයතානුපස්සනාව සිද්ධ කරොත් ඔබට වැටහේවි මේ බුදුරජාණන් වහන්සේ කියන අවධිමත් භාවය අවධානය කොයි තරම් ශක්තිමත් අවධිමත් භාවයක්ද කියලා. අවිට ඔබට තේරේවි ඔබ ජීවත් වෙලා තියෙන්නේ නින්දක සැබෑ අවධු එකයි කියලා.
Speaker A
ඔබ සිතුවිලි තුළ පැටල ඉන්න තාක්කල් ඔබ ජීවත් වෙන්නේ හීන එකයි. කිසිම සිතුවිල්ලක් නැතුව පරිපූර්ණ මේ මොහොතට අවධිමත් වෙන්න පුළුවන් දාට ඔබ අත්විද ජීවිතය.
Speaker A
ඒ ජීවිතය අත්විඳින්න ඔබට මාලිකා අවශ්‍ය නෑ. ඒ ජීවිතය රස විඳින්න ඔබට වාහන අවශ්‍ය නෑ.
Speaker A
මොකද මා ඔබට කලිනුත් දේශනා කරවා අපිට කවදාකවත් ගෙදරට තියෙන තණ්හා, මහත්තයාට තණ්හා, නෝනට තණ්හා, ළමයාට තණ්හා, වාහනයට තණ්හා, සල්ලි වලට තණ්හා අතහරින්න බැ.
Speaker A
අපිට අතහරින්න පුළුවන් රූප තණ්හා, සබ්ද තණ්හා, ගන්ධ තණ්හා, ජිව්හා තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා විතරයි. ඒ කිව්වේ අපිට කවම දාගවත් යම්කිසි ප්‍රපංචයක් විදිහට ගත්තු යම්කිසි වස්තුවක්වත් යම්කිසි දෙයක් යම්කිසි කෙනෙක් කෙරෙහි තියෙන කැමැත්ත ආශාව අතහරින්න බැහ.
Speaker A
අපිට අතහරින්න පුළුවන් ආශාව මෙතන මේ මොහොත තුළ. ඒ දේ බලන්න තියෙන ආසාව, ඒ දේ අහන්න තියෙන ආසාව, ඒ දේ හිතන්න තියෙන ආසාව හිතලා බලන ඔබ මේ බුලත් අසයි.
Speaker A
ඔබට කවක්වත් මේ මුලත් ැප්පුව අතහරෙනවා කියලා. ඊට තියෙන ආසාව අතහරෙනවා කියලා අතහැරෙන්නේ නැහ. හැබැයි ඔබට බලන්න පුළුවන් ඔබට මේ බුලත් හෙප්පුව පිළිබඳ ආසාව ඇත්තෙන්ම තියෙන්නේ.
Speaker A
උපදින්නේ කොතනද? මේ දිහා දකිද්දී මේක තව තව බලන්න හිතෙනවා. වෙන පැත්තක් බලන් ඉද්දී මේක ගැන හිතන්න හිතෙනවා.
Speaker A
මේක බලන්න හිතෙද්දී අන් ඒ බලන්න හිතෙන ආසාව ඔබට අතහරින්න පුළුවන්. මේක හිතන්න හිතෙද්දී ඒක හිතන්න තියෙන ආසාව අතහරින්න පුළුවන්.
Speaker A
ඔබට ඔබේ මිය ගිය ළමයා ගැන ආසාව අතහරින්න බැ. හැබැයි ළමයා ගැන හිතන්න හිතෙද්දී ඒ සිතුවිල්ලට තියෙන ආසාව අත්හරින්න පුළුවන්. ඔබ මෙන්න මේ විදිහට මේ මොහොතේ ආශාව හටගත්තොත් හටගන්නේ මේ මොහොතේ පෙනීමක් තුළ ඇහීමක් තුළ දැනීමක් තුළ හිතක් තුළ ආශාව නැති කරොත් නැති කරන්න පුළුවන්
Speaker A
වෙන්නෙත් මේ මොහොතේ දැනීමක් තුළ පමණයි. කවදාවත් ගෙඩිය පිටින් මේක අතහරිනවා කියලා අතහැරෙන්නේ නෑ. අන්න එහෙමනම් මේ හැමදේටම සමා දිට්ඨියෙන් සන්නද්ද වුණු සම්මා සතියක් ආර්යණි හැඩියාවක් ඔබට අවශ්‍ය වෙනවා.
Speaker A
අපේ ජීවිතයේ පිරිලා තියෙන්නේ එක්කෝ වික්ෂිප්තකමකින් එක්කෝලිනුකමකින්. අපි හිත හරි දක්ෂයි එක්කෝලෙන්න එක්කෝ විසිරෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔබට ආරාධනා කරනවා ඔබේ ජීවිතයේ පරිපූර්ණ බලවත් ලෙස සත්විඳින්න කියලා.
Speaker A
පුංචි උදාහරණයක් ඔබට කියන්නම් උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා රාත්‍රී නින්දට යනකන් ඔබ කොහොමද මේ අවධිමත් භාවය මේ ආර්ය නිශ්ශබ්දතාවය පවත්වන්නේ කියලා.
Speaker A
ඔබට උදෑසන ඇහැරුනා යැයි සිතන්න. අංගුලි මාලට බුදුහාමුදුරුවෝ දේශනා කළා අහිංසක ඔබ නවතින්න මම නැවතිලා ඉන්නේ කියලා.
Speaker A
ඒ වගේම ඔබත් ඔබට විධාන කරන්න ඔබ නවතින්න කියලා. අපි හිත හරි දක්ෂයි මොනවා හරි කියන්න.
Speaker A
අන්න ඒ හැම වෙලාවකම ඔබ හිතට ආරාධනා කරන්න ඔබ නවතින්න කියලා. ඇහැරුනාද නිදිමතේම ඔබ නැවතුනා.
Speaker A
ඔබේ මුළු ශරීරයම ලිහිල් කළා. සම්පූර්ණයෙන් මෙ ස්පර්ශය හොඳින් රස විතින්න. ඔබේ ශරීරයේ සෛලයක් සෛලයක් පාසා ලිහිල් කරන්න.
Speaker A
ඔබට එවිට ඔබේ හුස්ම දැනෙන්න පටන් ගනි. හුස්මට හොඳින් අවධිමත් වෙන්න. බලවත් ලෙස අවධිමත් වෙන්න.
Speaker A
ඔබට තවමත් ද්වයතාවය බෙදෙනවා නම් හුස්මයි නහයයි කියලා හරි සද්දයක් ඇහෙනවා නම් කුරුල්ලගේ සද්දෙහි ඇහෙන මමයි කියලා හරි අර පියවර තුන පාවිච්චි කරන්න. පළවෙනි එක අවධානය දෙන්න. දෙවෙනි එක ඉබේ බෙදිලා තියෙන ද්වතාවය බලන්න තුන්වෙනි එක ඒ ද්වතාවයේ බෙදීම සිතුවිලි වලින්ම බෙදාගත්තු
Speaker A
දෙපැත්තක් බව දැනගෙන ආයෙත් බලන්න අන්න එතකොට ඔබට මේ දැක්කොත් දැක්කා පමණයි ඇහුනොත් ඇහුන පමණයි කිව්ව විදිය පරිපූර්ණ අවධිමත් භාවයක් අත්විඳින්න පුළුවන් වෙයි.
Speaker A
මේ දැක්කොත් දැක්කා පමණයි කියන්නේ. දැක්ක දේකින් තොර දැක්ක මමෙක්ගෙන් තොර හුදු වූ දැකීම් මාත්‍රයකට ඇහුණු දේකින් තොර ඇහුනු මමෙක්ගෙන් තොර හොඳ ඇහින් මාත්‍රයකට ඉතින් මෙන්න මේ විදියට කොටම ඔබට ඇතිවෙන සිතුවිල්ලක් පවා. ඔබේ හිතට වද දෙන ප්‍රබල සිතුවිල්ලක් එනවා නම්
Speaker A
ඔබට ඒ සිතුවිල්ලට හොඳින් අවධානය දෙන්න පුළුවන්. එයාට හිතන්න දීලා ඔබ අවධානය දෙනවා. අන්න එතකොට බලන්න පුළුවන් දෙපැත්ත ප්‍රශ්නෙයි ඒක මතක් වෙන මමයි. මැරුණු කෙනයි එයාව මතක් වෙන මමයි. ගෙදරයි ගේ මතක් වෙන මමයි.
Speaker A
අන්න ඊළඟට පුළුවන් තුන්වෙනි පියවර. මේක හිතිලා හිතුනට පස්සේ සිතුවිලි වලින්ම හිතුණු දේයි, හිතුණු මමයි බිදුවේ. මේක සිතුවිල්ලිල්ලිමේ නිර්මාණයක් බව දැනගෙන ආයෙත් බලන් ඉන්නවා. එතනම සිතුවිලිවල නිර්මාණය නතර වෙනවා. එතනම ඒ කතාව ලොප් වෙනවා.
Speaker A
ඔබ හිතුවට ඒ දේ ඔබ හිතන්න ඕනේ කියලා ඇත්තටම ඒක ඔබේ ඔලුවට දාපු රාමල ප්‍රතිඵලයක් විතරයි. ඔබේ යථා ස්වභාවය නිහඩියාව.
Speaker A
ඔබේ යථාර්ථය නිහඬකම. ඔබට මේ නිහඬකමෙන් සිද්ධ වෙන්න පුළුවන් උපරිම හානිය ගැන හිතලා බලන්න. වස්ට් ක casේස් එක්කෝ හිර යන්න නෙවෙයි.
Speaker A
එක්කෝ ස්පිරිතාලයක් යන්න නෙවෙයි. එහෙම නැත්නම් මැරෙන්න නුවෙයි. ස්පිරිතාලෙක් ගියොත් තවත් ලේසිය උයන්න පිහන්න මුකුත් දැක් නැ.
Speaker A
ඔබට මේ විදියටම පුළුවන් ඒ ඇදේ මේ මොහොතට අවදිමත් වෙලා නිහඩියාව තුළ ජීවත් වෙන්න ඔබ හැමදාම නිහඩියාව පැත්තකට දාලා මොකක් හරි අරමුණක එල්ලිලා ඒකෙන් තෘප්තිය ලැබෙයි කියලා හිතාගෙන ඒ අරමුණ පසි දුවනවා. අපි උදේ ඉදලා රාත්‍රී වෙනකම්ම උපතේ ඉදලා මරණය දක්වාම අරමුණු
Speaker A
මාරු කරමින් මොකක්ද හොයනවා. හම්බෙන්නේ නෑ ඒක. ඒක ඇත්තෙන්ම ඔබ හෙව්වට අර මාල්වා වතුර හෙව්වා වගේ. ඒ ඇත්තෙන්ම ඔබ තුළම තිබිලා මේ මොහොතේ නිහඩියාව තුළ තිබිලා. හැබැයි ඔබ එක වෙන කොහෙවත් හොයනවා.
Speaker A
ඔබට ඒ ස්පිරිතාල ඇද මත තෘප්තිමත් වෙන්න පුළුවන්. ඔබ හිරේ ගියොත් ඒ හිරේ ඉන්න තැනක ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන්.
Speaker A
ඔබ මරණයට පත් වුනොත් ඔබට අර සොක්‍රටිස් වගේ මේ මොහොතේ අවධිමත් වෙලා මරණයට පත්වෙන්න පුළුවන්.
Speaker A
ඉතින් ඔබට වෙන්න පුළුවන් ලොකු හානියක් නෑ. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා සිතුවිලි තෝරගන්න නැතුව හැම මොහොතකම නිහඩියාව තෝරගන්න.
Speaker A
අර අහිංසකට බුදුහාමුදුරුවෝ කිව්වා වගේ මම නැවතිලා ඔබත් නවතින්න කියලා ඔබ හිතට ආරාධනා කරන්න. ඉතින් ඔබ නිධාන හින්දෙන් ඇහැරෙන වෙලාවේ මුලින්ම මුළු ඇගම ලිහිල් කරා. හොඳට අවතිමත් වුණා. ද්වේතාවය බෙදෙනවා නම් ටක්් ගාලා ඒක විසදගත්තා. එතකොට ඔබ දන්නවා කොයිතරම්ඉන්ටසිටි එකකින්ද කොයි තරම් ප්‍රබලත්වයකින්ද ඔබමත්
Speaker A
විය යුත්තේ කියලා. ද්වතාවය හරියට භාවනා කරපුව ඔබට යම් සද්ද ඇහෙනවා නම් කොරුල්ලන්ගේ සද්ද ඒ ශබ්ද තුළ පරිපූර්ණ ඔබට අවතිමත් වෙන්න පුළුවන්.
Speaker A
ඊළඟට ඔබට සිසික් දහඩියක් දැනෙනවා නම් ඒ දැනීමට පරිපූර්ණයෙන් අවධිමත් වෙන්න පුළුවන්. ඔබේ හිත කිව්වොත් ඔබට බඩගිනෙයි කියලා.
Speaker A
අවශ්‍ය නම් විතරක් ඔබට සිහියෙන්ම නැගිටින්න පුළුවන්. කකුලේ කකුල්දක පොළොවේ වදිද්දී ඒ පොළොවේ ස්පර්ශය තුළ පරිපූර්ණව අවධිමත් වෙන්න පුළුවන්.
Speaker A
ඇවිදින වාරයක් ගානේ අඩියක් අඩියක් පහසා අවධිමත්ව යන්න පුළුවන්. කාමරේලයිටස් න් කරද්දී ඒ ස්විච් බෝඩ් එකේ ස්පර්ශයට හොඳටමත් වෙන්න පුළුවන්. ඉතින් ජීවිතය හැම මොහොතක්ම සැමරීමක් කරගන්න පුළුවන්. ජීවිතේ හැම මොහොතක්ම අලුත් දවසක් කරගන්න පුළුවන්.
Speaker A
ජීවිතේ හැම තත්පරයක්ම හැම ස්පර්ශයක්ම රස වින්දනයක් බවට ඔබට පත් කරගන්න පුළුවන්. අන්න එතකොට ඔබට පේන හැම දෙයක්ම සැමරීමක් විදියට පේන්න පටන් ගනි. අලුත් පුන් හදක් වගේ පේන්න පටන් ගනි. ඔබට ඇහෙන හැම ශබ්දයක්ම සංගීතයක්ම ඔබට ඇහෙන්න පටන් ගන්නේ. ඔබට
Speaker A
දැනෙන හැම දැනීමක්ම සහදයක් වෙන්න ඔබට පටන් ගනි. පරිපූර්ණව යමකට ඔබ අවධිමත් වෙනවා නම් ඔබට අවධිමත් වෙන දෙයක්වත්, අවධිමත් වෙන කෙනෙක්වත් හමුණු වේවි.
Speaker A
ඔබ සින්දුවකට අවධිමත් වුනොත් ඔබට එතන සින්දුවක් ඇහෙන එකක් නෑහ. ඔබ ඒ සංගීතය රසවිදි හැබැයි සංගීතයේ යයි දෙයක් පනවාගන්නේ නැතුව ඔබ කාගේ හරි බැමක් රස විදියේ බැමක් කියයි දෙයක් පනවාගන්නේ නැතුව අර උදාහරණයටම යමු ඔබ කුස්සයට යනවා.
Speaker A
කුස්සේ ලයිට්ස් න් කරද්දී ඒ ස්පර්ශයට හොඳට අවධිමත් වෙනවා. ඔබ කේතලය අතින් අල්ලද්දී ඒකට හොඳින් අවතිමත් වෙනවා. ඒ ස්පර්ශය ඔබ රස විදෙනවා.
Speaker A
ටැප් එක අරිද්දී ඒ ස්පර්ශයත් ඔබ රසදෙනවා. ඔබ ඒ තරම්ම නතර වෙලා. ඔබට කිසි හදිස්සයක් නෑ.
Speaker A
ඔබට උත්තර දෙන්න කවුරුත් නෑහ. කේතලේව ඇහුව තිබ්බා. බලන් ඉන්න කෙනෙක් සමහර විට ඔබට නැගිටලා ඇවිත් කියයි මොකද මේ ලත වෙන්නේ ඔබට පිසුද කියලා.
Speaker A
ඔබට පුළුවන් ඒකත් භාවනාවක් කරගන්න. මොකෝත්ම නොකියා දිහා පරිපූර්ණ බලවත්ව අවතිමත්ව බලන් ඉන්න ඔහුගේ ඒ ශබ්දය දිහා පරිපූර්ණව රස විඳින්න. ඒ බැම ප්‍රශ්නයක් වෙන්නේ බැමක් සහ ඒකහන මමෙක් පැන වුනොත් විතරයි.
Speaker A
ඒකයි මම ඔබට කිව්වේ මේ දැනුම ඔබ තියාගෙන දවසට පැයක් දෙකක් භාවනා කරලා කවුරුහරි බණියෙද්දී බැනුමයි බැනුනා බැමහන මමයි ද්වතාවයක් කියලා ඔබට බලාගන්න ශක්තිය නැ.
Speaker A
ඔබටුමට දුක් නොවී ඉන්න නම් ඔබට භාවනාව කණ්නාඩි දෙක කරගන්න නැතුව ඇස් දෙක බවට පත් කරගන්න සිද්ධ වෙනවා. ඔබට හැම මොහොතකම මතක් වෙන මතක් වෙන හැම මොහොතකම ආයේ එයාෙත් සිහියට එන්න වෙනවා. නිහඩියාවට එන්න වෙනවා.
Speaker A
ඔබට හදිස්සයක් නෑ ජීවිතය ගැන. හේතුවක් ග්‍රහිතව ඔබ හදිසි වෙලා ඉන්නේ. ඔබට නතර වෙන්න පුළුවන්.
Speaker A
කොටම මේ දේශනාව අහද්දී පවා නවත්තන තැනක් තැනක් ගානේ ඔබට ඒ නිහඩියාව දැනෙන්න පටන් ගනි.
Speaker A
දැනෙන කෙනෙක්ගෙන් තොර දැනෙන මම්බෙක්ගෙන් තොර දැනීම් මාත්‍රයක්. අද දේශනාවේ මට ඔබට යමක් ඉගැන්වීමට අවශ්‍ය නැහ.
Speaker A
ඔබේ මනස අවදිමත් කිරීමට මෝහණෙන් ඉවත් කිරීමට දේශනාව භාවිතා කරන්න විතරයි අවශ්‍ය. අලුත් දැනුමක් ඔබට දෙන්න අවශ්‍ය නැහ. ඔබ මේ දේශනාව හරහා මේ දැන් අවධිමත් වෙන්න පටන් ගන්න.
Speaker A
ජීවිතයේ තියෙන මේ දැන්. ඔබ දවසක ලෝකේ රජ වුණත් ඔබට ඒක රස විඳින්න පුළුවන් ඔබ ඒ මොහොතට අවධිමත්තු වෙනවා නම් විතරයි.
Speaker A
එහෙම නැත්නම් ඔබ එදාටත් ඉන්නේ තවත් සිතුවිලිදාමයක. ඔබට ඒකේ රහවත් හරියට විඳින්න බැහ. හැබැයි ඔබ හරියටම රස විදන්න පටන් ගනිද්දී ඔබට රස විදින දෙයක්, රස විදින කෙනෙක් නොපැනවෙන නිසා ඔබට ඒකාකාරී දැනීම් ප්‍රවාහයක් හමුව වේවි.
Speaker A
අන්න ඒ තුළ ඔබ තුළ උදයව්‍යය ඥානය බිහිවෙන්න පටන් ගනේ. දැරීම ඇති වෙනවා නැති වෙනවා. ස්පර්ශ ඇති වෙනවා නැති වෙනවා.
Speaker A
පේන්න පටන් ගනි. ලෝකයම ගලාගෙන යන ප්‍රවාහයක් විදිට දැනෙන්න පටන් ගනි. ලෝකය ලෝකේ පාඩුවේ ගලන් යනවා. තමන් පැත්තකට වෙලා බලන් ඉන්නවා.
Speaker A
මේ පුහුණු අතරදී ඔබගේ හිත කොච්චර පිටකියත් කොච්චර කලබල වුනත් කමක් නෑහ. අතීතය ගැන හිතලා වැඩක් නෑ. මතක් වෙච්ච සැනින් හොඳ හුස්මක් ගන්න ආයෙත් අදිමත් වෙන්න.
Speaker A
ඔබ කලබල වුනාට ඔබට කිසිම ප්‍රයෝචනයක් නෑ. නතර වෙන්න. ඊළඟට ගෙදර උපමාවෙම ඔබ වැඩ කරන හැම මොහොතකම අවධිමත්වය වැඩේ සිද්ධ කරන්න. ඔබ තේක බොන වයයි සිතන්න.
Speaker A
කෝප්පය අතට ගනිද්දකේ ස්පර්ශය හොඳින් රස විදින්න. අත උස්සද්ධියේ ස්පර්ශය හොඳින් රස විදින්න. ඒ තේ එකේ අර රෝමයක සුවද හොඳට අත්විදන්න.
Speaker A
උගුරට එක උගුරක් ගන්න. ඒක හොඳින් රස විදන්න. කලබලයක් නෑ. හිතන්න දෙයක් නෑ. ජීවිතය කියන්නේ මේ වෙලාවේ දැනෙන දේ. මේකින් ඔබට පළන්න බෑ. ඔබ කොච්චර කැමති වුනත්, කොච්චර අකමැති වුණත් මේ මොහොතේ දැනෙන දෙෙන් ඔබට පළන්න බැහ.
Speaker A
මුඩ කලකි උපරිම දේ ඊට මුහුණ දෙනක විතරයි. ඔබට යමක් වෙනස් කරගන්න ඕනද ඔබ ඔබටම අපොයිමන්ට් එකක් දීලා ඒක ප්ලෑන් කරලා පැත්තකින් තියන්න අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට විතරක් කරන්න අනිත් වෙලාවේ ඔබ නිහඬව ඉන්න ඔබ ජීවිතය අත්විඳින්න ජීවිතයේ රස විදින්න අන්න එවිට
Speaker A
අනේ මට මේක නෑනේ කියලා කියන කෙනෙක් ඔබට අහුවෙන එකක් නැ. අනේ මට මේක තිබ්බ නම් කියලා කියන කෙනෙක් ඔබට හමුවෙන එකක් නැහ.
Speaker A
මම මෙයාට වඩා බාලා ඉන්නේ, මම මෙයාට වඩා පොසත්නේ ලස්සනයිනේ කියන කෙනෙක් ඔබට හම්බවෙන එකක් නැහ.
Speaker A
මේ සංසන්දනය කිරීම නතර වෙන්න පටන් ගනි. ඔබ ඒ තරම්ම මේ මොහොතට අතිමත් වෙන්න පටන් ගන්නේ.
Speaker A
ආයෙත් ඔබ නින්දට යන මොහොතේ පවා ඔබට පුළුවන් ඇදේ වාඩි වෙන එකටත් පරිපූර්ණ අවධිමත් වෙන්න කකුල් දෙක අරගෙන නිදාගන්න එකටත් අවධිමත් වෙන්න උපරිමෙන්ම ඇක ලිහිල් කරලා ඒ ස්පර්ශය උපරිමෙන් රස විදින්න ඇහෙන ශබ්දයක් තියෙනවා නම් ඒකට සම්පූර්ණයෙන් අවතිමත් වෙන්න ඔබේ හුස්මට අවධන යනවා නම් ඒ හුස්ම තුළ
Speaker A
පරිපූර්ණ බලවත් ලෙස අවද බදිමත් වෙන්න මෙන්න මේ විදියට ඔබට ආයෙත් අවශ්‍ය නම් සමහරුන්ට පුරුදු තියෙනවා කොට්ට බදාගෙන නිදාගන්න එහෙමත් ඕනනම් සිහියෙන්ම හැරින්න සිහියෙන්ම කොට්ටල්ල ගන්න එක ස්පර්ශය උපරිමෙන් රස විදන්න හැබැයි නතර වෙන්න මේ ලෝකේ ඔබට ඔබ හිතුවා හිතුවේ නෑ කියලා ඔබ
Speaker A
නිහඩියාව තෝරගත්තයි කියලා ඔබට සිද්ධ වෙන්න පුළුවන් උපරිම නරක තුනයි. එක්කෝ ස්පිරිතාලය එක්කෝ හිර ගෙදර එහෙම නැත්නම් මරණය.
Speaker A
ප්‍රශ්න ඇක්නේ නැ. ඒ තුනට මුුණ දෙන බෙහෙත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ හිත කලබල වෙන්න හදන හැම මොහොතකම ඔබ යව නතර කරන්න. මොකද ඔබේ යථාර්ථය මේ නිහඩිය ආවා.
Speaker A
මේ ලෝකය වටින්නේ දුර්ලභ දේවල්. දියවන් වලට වටිනවා කියන්නේ දියමති දුර්ලභ නිසා. රතරන් වටින්නේ දුර්ලභ නිසා.
Speaker A
ඒ වගේමයි ඔබ වටින්නෙත් ඔබ දුර්ලභ වුනොත් ඔබ දුර්ලභ වෙන්නේ ඔබ නතර පුද්ගලයෙක් වුනොත් මේ ලෝකේ හැමෝම දුවනවා.
Speaker A
ඔබට එයි අවස්ථාවක්. තෙල් භාජනයකින් තෙල් තවත් භාජනයකට වක්කරන්න ආමෙන් ඔබේ හැම ඉරියව්වක්ම ලාලත්යකට සිද්ධ වෙන්න පටන් ගන්න.
Speaker A
මුළු ලෝකය දෙවම ලාිත්තයකට බලන් ඉන්න පුළුවන් කමක් ඔබට ඇති වෙන්න පටන් ගන්නේ. ලෝකේ ලෝකේ පාඩුමේ චිත්‍ර පටියක් වගේ ප්ලේ වෙනවා. තමන් පැත්තකට වෙලා බලන් ඉන්නවා.
Speaker A
මේක කවුරුත් ඔබට උඩින් පාත් කරලා දෙන්නේ නැ. මොකක් හරි භාවනාවක් කර කරෙද්දී ඔබ ඔලුවට උඩින් පත් වෙන්නේ නෑ මේ බලාසිටීමේ නිහඩියාවේ හැකියාව. මේක ඔබ මේ දැන් මෙතන මේ මොහොත තුළ පුහුණු වෙන්න පටන් ගන්න ඕනේ.
Speaker A
ඔබටමයි ඔබව වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔබ වෙනස් වෙන්නේ වෙන කාගේවත් මෝහනයකට නෙමෙයි. ඔබ අවධිමත් වෙන්න ඔබේ යථාර්ථයට.
Speaker A
ඔබ අයින් කරන්නේ සමාජය විසින් දේශපාලනයින්, මල්ටිිනැෂනල් කම්පනීස් විසින්, දෙමව්පියෝ විසින්, ගුරුවරු විසින් ඔබට දුන්නු ඔබට දාපු රාම. ඔබට දාපු සිතුවිලි.
Speaker A
ඒ සිතුවිල්ල ඔබට කියන්නේ ඔබ තාම දුප්පත් කියලා. ඒ සිතුවිල්ලිය ඔබට කියන්නේ ඔබේගේ අපේ සමාජයට මිය කියලා. ඒ සිතුවිල්ලේ ඔබට කියන්නේ මම කැතයි කියලා.
Speaker A
ඔබේ සිතුවිලි වෙනකොට හැඩියව තෝරගන්න. කාටවත් කිසිවක් ඔප්පු කරන්න අවශ්‍ය නොවන. ඉතින් මේකට ආරම්භයක් විදිට මේ දේශනාව තුළම කෙටියෙන් මේක භාවනාවට නම් වන්න පුළුවන් ක්‍රමයත් ඔබටම කියන්නම්.
Speaker A
අපි මේක විනාඩි පහක් භාවනා කරමු. ඔබට දවසට දෙපාරක් මේක භාවනා කරන්න පුළුවන්ද? මේ භාවනාව බූස්ට් එකක් විදිහට තියාගෙන ඉතුරු අනිත් හැම වෙලාවෙම මතක් වෙන මතක් වෙන හැම වෙලාවෙම නතර වෙන පටන් ගන්න එහෙමනම් හැමදෙනාම කොන්ද කෙලින් කරගන්න පුටුවට හේත්තු වෙන්න එපා. පපෝ ඉස්සරහට
Speaker A
කොන්ද කෙලින් ඇස් පියාගන්න. ඔබේ අවධානය ඔබේ හුස්මේ ස්පර්ශයට දෙන්න. ආශ්වාස කරද්දිත් ස්පර්ශයක් ඇතිවෙනවා. ප්‍රාශ්වාස කරද්දිත් ස්පර්ශයක් දැනෙනවා.
Speaker A
අන්න ද්වතාවය බලන්න හුස්මයි නහයයි කියලා හිත බෙදනවා. හුළඟයි නහයයි කියලා දෙපැත්තක් අහුවෙයි. දැන් බලන්න ඒ දෙපැත්ත දැනුනට පස්සේ නෙමෙයිද? සිතුවිලි වලින්ම මෙන්න හුළඟ මෙන්න නහය කියලා බෙදුවේ. අන්න ඒ බව දැනගෙන ආයෙත් බලන් ඉන්න.
Speaker A
අන්න එවිට ඔබට දැනුනු දේකින් තොර දැනුළු මමින් තොර දැනීම් මාත්‍රය අත්විදින පුළුවන් වේ. ඔබට මගේ සද්දය ඇහෙනවා සද්දයට අවධානය දෙන්න කොන්ද කෙලින්.
Speaker A
මේ සද්දේ තුළ බෙදෙන දෙපැත්ත බලන්න. සද්දෙයි ඒක ඇහෙන මමයි. බලන්න දැනුනට පස්සේ නෙමෙයිද? හාමුදුරුවන්ගේ සද්දෙයි ඉහෙන මමයි සිතුවිලිම බෙදුනේ.
Speaker A
අන්න එතකොට ඔබට මගේ ඇහීමට සවන් දෙන්න පුළුවන් වෙයි ඇහෙන දෙයක්වත් ඇහෙන මමෙක්වත් පැනවෙන්නේ නැතුව.
Speaker A
තවත් උදාහරණයක් ඔබට ඔබේ කකුලේ ස්පර්ශයට අවධානය දෙන්න පුළුවන්. ඔබ හිතාවේ පොළොවයි කකුලයි කියලා. ඔබ ආයෙත් අතිමත්ව බැලුවොත් ඔබට අහුවේ දැනුනාට පස්සේ සිතුවි වලින්ම පොළොව කියන්නෙත් කකුල බෙදන්නෙත්. ඒ බව දැනගෙන ඔබ ආයෙත් කකුලේ ස්පර්ශයට අවධානය දුන්නොත් පොළොවක්වත් කකුලක්වත් ඔබට අහුවෙන එකක්
Speaker A
නෑහ. ඔබට මේ පරිපූර්ණ අවතිමත් භාවය කියන එක අත්විඳින්න පුළුවන් වෙයි. කොහොමද බලවත්ව අවදිමත් වෙන්න කියලා ඔබ දැන් තේරුම් ගත්තා නම් ඔබට දැන් පුළුවන් භාවනාව නතර කරන්නේ නැතුව ඔහොමම ඇස් හරින්න ඇස් හැරලා එක තැනක් ෆෝකස් කරන්නේ නැතුව එක තැනක් අරමුණු කරන්නේ නැතුව සමස්ත චිත්‍රය
Speaker A
දිහාම සමස්ත පෙනීම දිහාම බලන් ඉන්න බලවත්ව බලන් ඉන්න පරිපූර්ණව බලන් ඉන්න එක සිතුවිල්ලකටවත් එන්න ඉඩක් නැති තරම්ම ම අවධමත් වෙන්න දැන් ඒ වගේම අවතිමත් භාවයක් ඇහෙන ශබ්ද වලට දෙන්න ඇහෙන ශබ්ද තුළ පරිපූර්ණව අවධිමත් වෙන්න බලවත්ව අවධමත් වෙන්න ඇහෙන දෙයක්
Speaker A
ඇහෙන මමෙක් නොපැනවෙන තරම්ම සද්ද ඉතා උපරිමෙන් රස වෙන්න දැන් ඔබට දැනෙන්න න ස්පර්ශ වලට අවධිමත් වෙන්න පුටුවේ ස්පර්ශ කකුලේ ස්පර්ශූර්ණව අවධිමත් වෙන්න බලවත් ලෙස අවධිමත් වෙන්න දැන් වේගයෙන් මේ තුන කරන් යමු බලන්න සම්පූර්ණ අවධානය පෙනීමට සම්පූර්ණ අවධානය ඇහීමට
Speaker A
සම්පූර්ණ අවධානය ස්පර්ශයට ආය පෙනීමට ආයේ ඇහීමට ආයේ ස්පර්ශයට ආයේ පෙනීමට ආය ඇහීමට ආයේ ස්පර්ශයට දැන් මේ තුනටම එකවර අවධමත් වෙන්න පෙනීම් ඇහීම් දැනීම් තුනටම මේක හරියටම කරොත් ඔබට ඇස් පියාගන්න හිතෙයි පියාගන්න හිතුනොත් එහෙම පියාගෙනත් ඒ අදුරු පෙනීමටයි ඇහීම් දැනීම් වලට අවදිමත් වෙන්න
Speaker A
සුළු මොහොතකින් ඔබේ හිත කිසිම අරමුණක් නගාගන්න බැරි පරිපූර්ණ හිස් බවකට පත්වෙනවා ඇති. ඒ හිස් බවටත් පරිපූර්ණ බලවත් ලෙස අවතිමත් වෙන්න සමහර විට හිස් බව තුළත් ද්වයතාවයක් බෙදෙනවා ඇති හිස් බවයි ඒක දැනෙන මමයි කියලා.
Speaker A
අන්න ඒකත් සිතුවිලි දෙපැත්තක් බව දැනගෙන ඒ හිස් බවත් සිතුවිල්ලක් එක දැනෙන මමත් සිතුවිල්ලක් බව දැනගෙන ඒ දෙහා අවධානය දෙන්න. එවිට ඔබේ හිත ඒ හිස් බවත් ඉක්මවාගිය පරිපූර්ණ නිවියාමකට පත්වෙනවා ඇති.
Speaker A
මේ විදියට උද්ගත වෙන උද්ගත වෙන සෑම හිස් බවකටම පවා ඔබට අවධිමත් වෙන්න පුළුවන්. භාවනාව කැඩුනොත් නැවතත් පෙනෙන ඇහෙන දැනෙන දැනීම් වලට අවදිමත් වෙන්න පුළුවන්.
Speaker A
හොඳයි භාවනාවේ නැගිහිටෙන්න. කිටියෙන් නමුත් මේ භාවනාව සිද්ධ කරා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා. මේ ආර්ය නිශ්ශබ්දතාවය තුළ ජීවත් වෙන්න.
Speaker A
ඔබ ව්‍යාපාරිකයෙක් නොවී සූ කෙලින්ෙක් වෙන්න. ඒ කිව්වේ ව්‍යාපාරිකයා ජීවත් වෙන්නේ සැලසුම් තුළ සිතුවිලි තුළ උපමාවේ අදාල කොටස විතරක් තේරුම් ගන්න සුදු කෙලින් ජීවත් වෙන්නේ එතන ඒ මොහොතේ.
Speaker A
ඒ වෙලාවේ හිතුන එක කළා. ආවොත් ආවා ගියොත් ගියා. ඔබේ ජීවිතයත් ඔබේ එදින ජීවිතයත් අන්න ඒ වගේ සිද්ධ කරන්න. උයන්න හිතුනද? කිව්වා.
Speaker A
නැත්නම් නිකන් හිටියා. අතු ගාන්න හිදුන අතු ගැහවා නැත්නම් නිකන් හිටියා. ඔබට ජීවිත එක දෙයක්වත් ඔබට අදාල නැහැ. ඔබ හිතන්න ඕනේ එකම එක දෙයක් ගැන විතරයි. ඒ තමයි ඔබ සතුටින්ද ඉතින් ව්‍යාපාරිකයෙක් නොවෙහි සූ කෙලිල්ලන ලෙස ජීවත් වෙන්න කිව්ව අවවාදය හරියට
Speaker A
අවබෝධාත්මකව හිතට අරගෙන අන්න ඒ විදියට ආර්යණ හැඩියාව පුහුණු කරන්න එහෙම පුහුණු කරලා මේ ජීවිතයේම මාර්ගඵල ප්‍රතිවේද කරන්න ඔබ හැමටම වාසනාව ලැබේවා කියලා ආශිංශනය කරමින් දේශනාව නතර කරනවා ඔබ සැමටන නිවන් සුවත්පත් වේවා.
Speaker A
අද දේශනාවට දායකත්වය දරන්නේ දර්ශනීය නනරංගොඩ මහත්මිය විසින් අරමුණු වශයෙන් ඔවුන්ට නිරන්තරයෙන් අබවධනුශාසනා කරන තුරුිල ධම්ම විචය ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේගේ සියලු මහාචාර්ය උප්පාදයන් වහන්සේලාටත් මව්පියන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ට æූ දරුවන්ට මුණුබුරු මිනින්ට ආශිර්වාද කරනවා. ඒ වගේම
Speaker A
පින්කම සඳහා සහභාගී වූ හැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. කෙළබෙන මතු බව පටන් ඉදිරි භවයන් සුගතිගාමී වීමටත් මතුවට කෙලෙස් වසඟෙට හසුණ වී විදසුන් වැඩීමට ජීවත් වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ලැබීමටත් සුවසේ පාරමී දම් සපුරාගෙන තව තවත් පතන
Speaker A
අයුරින්, පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීමට මෙනිත වෙන කුසල් හේතු වාසනා වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත් ඥාතීන්වන මහින්ද රත්න නාරහරංගුඩ පියානන්ට ප්‍රේමාරංගුඩ මෑණියන්ට සුදත් නහරංගල සොහුයුරාට ඇතුළු පරලොව සැපත්ම සංසාරකත ඥාතීන්ට මේ පින් හේතු වෙලා නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවායි කියලා ඔවුන් ප්‍රාර්ථනා
Speaker A
කරනවා. ඉතින් අපි හැමදෙනාමත් මේ ධර්ම දානයෙන් ඔබට යම් දෙයක් ලැබුණද ඒ ධර්ම ප්‍රීතියෙන් යුක්තව දායකත්වය දරපු අයට පින් අනුමෝදන් කරමු. ඔවුන්ගේ නමින් මිය පරලොව ගිය සියලුම ජාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ ජීවිත සැපවත් වෙත්වා. සුවපත් වෙත්වා. සංසාර දුකින්
Speaker A
අතමිදෙත්වා. කල්‍යාණ මිත්‍ර ආශ්රයක් හොයාගෙන ඥාතිහු නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම දායකත්වය තරපු දර්ශනය නාරම් ගුණ මහත්මිය ඇතුළු හැමටත් නිදුක් නිරෝගී දීර්ඝාශ සහිතව මේ ජීවිතයේම ඉහළ මාර්ගඵල ප්‍රතිවේද කරගන්න වාසනාව ලැබේවා ධෛර්ය ලැබේවා සියලු බාධාව උදුරුව වෙත්වා කියලා
Speaker A
ආශිර්වාද කරමු. [සංගීතය] เฮ [සංගීතය] [සංගීතය] [සංගීතය] [සංගීතය] เฮ [සංගීතය] [සංගීතය] [සංගීතය] [සංගීතය] [සංගීතය] රාගයෝ නිබ්බානං ัง
Topics:ආර්ය නිශ්ශබ්දතාවයසම්මා දිට්ඨියබුදු දහමජීවිතයේ අර්ථයඅවධානයසිතුවිලි නිදහසභාවනාවඅසහනයතෘප්තියසම්මා සතිය











