පංචාලීගේ A/L අත්දැකීම් සහ අසාර්ථකත්වය, නැවත පාස් වී කොළඹ විශ්වවිද්‍යාලයට ආවේ කතාව.
Key Takeaways
- අසාර්ථකත්වය ජීවිතයේ අගය සහ ඉදිරියට යාමට හේතු වේ.
- විෂය තෝරා ගැනීමේදී පුද්ගලික ආසාවන් සහ පවුල් පසුබැසීම සැලකිල්ලට ගත යුතුය.
- සබ්ස්ක්‍රයිබර් සහ ප්‍රේක්ෂක ආදරය මොහොතකට බලවත් සහාය වේ.
- අභියෝග සහ අපහසුතා මැදින් දිරවා ඉදිරියට යාමට හැකියාව තිබේ.
- ගෙදර සිට වැඩ කිරීම සහ නිදහස් කාලය ඉගෙනුම් ප්‍රතිඵල වැඩි දියුණු කරයි.
What the video covers
- පංචාලීගේ චැනලයට සබ්ස්ක්‍රයිබර් 20,000ක් ලැබීම සහ ඒ ගැන ඔහුගේ ස්තුති.
- ඔහුගේ A/L විභාගයේ ප්‍රථම වතාවට අසාර්ථක වීම සහ එම අත්දැකීම.
- පංචාලීගේ පෞද්ගලික ඉතිහාසය, පාසල් කාලයේ හොඳ ඉගෙනුම් ප්‍රතිඵල සහ නර්තනයේ ආසාව.
- A/L විභාගයට පෙර විෂය තෝරා ගැනීමේ ගැටලු සහ ආර්ට්ස්, කොමර්ස්, සහ බයෝලොජි අතර තේරීම.
- ඔහුගේ බයෝලොජි ආසාව සහ ඩොක්ටර් වීමට ඇති සිහින.
- ක්ලාස් මාරු කිරීමේ අත්දැකීම් සහ විවිධ ගුරුවරුන්ගෙන් පාඩම් ගැනීම.
- මාතරට යාමට ඇති ගමන් ගැටලු සහ බෝඩින් හවුස් එකේ ජීවිතය.
- විභාගයට සූදානම් වීමේදී ඇති වූ අභියෝග සහ ක්ලාස් වලට යාමට ඇති අපහසුතා.
- ගෙදර සිට වැඩ කිරීමෙන් ලැබුණු වාසි සහ නිදහස් කාලය.
- අවසන් වශයෙන්, අසාර්ථකත්වයන්ට පසු නැවත උත්සාහ කර කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම.
Full Transcript — Download SRT & Markdown
Speaker A
Hi.
Speaker A
මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 20,000ක් ඇවිල්ලා.
Speaker A
ඉතින් මට 20,000 අරන් දුන්නේ වෙන කවුරුත් නෙමෙයි ඕගොල්ලෝ.
Speaker A
ඕගොල්ලොන්ගේ ආදරේ, මට මේ 20,000ට එද්දි මට දැනුනු ආදරේ, හැමදාම ලස්සන දිග කමෙන්ට්ස් තියෙනවා.
Speaker A
කමෙන්ට් සෙක්ෂන් එක කියන්නේ මට කොහොමද කියන්නේ පිස්සුවක්.
Speaker A
හරිද, ඒක මම මාර ආසයි බලන්න.
Speaker A
ඒ විතරක් නෙමෙයි, මැසේජස් ටික, ඔයා නිසා මෙහෙම මෙහෙම දේවල් වුනා.
Speaker A
මේ වගේ මැසේජස් දවසට දෙක තුනක් හරි එනවා, මම අනිවාර්යෙන් නිදියන්න කලින් හරි මැසේජස් ටික ඔක්කොම බලනවා.
Speaker A
අනේ හරිම ආදරණීය ඒවා එවන්නේ ඕගොල්ලෝ මට හිතාගන්න බැහැ.
Speaker A
මම එච්චර, ඒ කියන්නේ මම එච්චර දෙයක් කරාද කියලා.
Speaker A
ඉතින් ඕගොල්ලොන්ට ගොඩාක් තැන්ක් යු, ගොඩාක් ආදරෙයි.
Speaker A
ඉතින් මම හිතුවා සබ්ස් 20,000 අරන් දුන්නේ ඕගොල්ලෝ නිසා, ඕගොල්ලෝ ගොඩාක් අය ඉල්ලපු දෙයක් අද ඕගොල්ලොන්ට ගිෆ්ට් කරන්න.
Speaker A
ඒ තමයි.
Speaker A
මගේ A/L ස්ටෝරි එක.
Speaker A
ඉතින් ඕගොල්ලෝ ගොඩාක් අය, ඒ කියන්නේ මගේ Q&A එකෙන් ඕගොල්ලෝ දැනගත්තා මම එක්සෑම් ෆස්ට් අයි එක ෆේල් වුනු ළමයෙක් කියලා.
Speaker A
මෙහෙම හිටියට.
Speaker A
ඕගොල්ලෝ ගොඩාක් අය ඒකෙන් පස්සේ මගේ A/L ස්ටෝරි එක ඉල්ලුවා, හැමදාම වීඩියෝ එකක් යටින් කමෙන්ට් එකක් වැටෙනවාමයි.
Speaker A
අක්කී, කවද්ද ඒක අපි ඒක ශෙයා කරගන්නේ කියලා.
Speaker A
ඔන්න අද තමයි ශෙයා කරගන්නේ.
Speaker A
අද මම ඕගොල්ලෝ මගේ චැනල් එකට ආවා නම්, මම තමයි පංචාලී.
Speaker A
මම ආයුර්වේද එක් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්, කොළඹ යුනිවර්සිටි එකේ.
Speaker A
මම කියන්න යන්නේ අද මම කොහොමද A/L කරේ, මම කොහොමද A/L ෆේල් වුනේ.
Speaker A
ඇයි මම ෆේල් වුනේ, එතකොට මම කොහොමද ආයේ A/L හොඳට පාස් වෙලා කොළඹ යුනිවර්සිටි එකට ආවේ.
Speaker A
පොඩි කාලේ ඉඳලා මම සාමාන්‍යයෙන් හොඳට වැඩ කරපු ළමයෙක්.
Speaker A
ප්‍රයිමරි ස්කූල් යන කාලේ හැමදාම පන්තියේ පළවෙනියා, දෙවෙනියා, එහෙම හොඳට වැඩ කරා.
Speaker A
ඩාන්සින් කරා, සින්දු කියන්න යනවා ඉස්සරහට.
Speaker A
සින්දු කියන්න බැහැ.
Speaker A
මම දැන් සින්දුවක් කිව්වොත් ඕගොල්ලෝ තවත් මගේ චැනල් එක බලන්නෙත් නැහැ.
Speaker A
එච්චරකට කැතයි මම සින්දු කියනවා.
Speaker A
ඒ කාලේ ඉඳන් මම සින්දු කියන්නත් ඉස්සරහට යනවා.
Speaker A
සමහර දවස් වලට තිබ්බා අපේ උදෑසන රැස්වීම් වෙලාවට මම ගියාට පස්සේ ඒ වයිස් ප්‍රින්සිපල් මැඩම් ඉන්නේ එතන.
Speaker A
ඒ මැඩම් කියනවා ඔය ළමයා හැමදාම එනවා, ඔය ළමයි යන්න.
Speaker A
වෙල ළමයෙක් වෙන්න කියනවා කියලා.
Speaker A
එච්චරකට මම හරියට ඉදිරිපත් වෙනවා දේවල් කරන්න ඒ කාලේ.
Speaker A
ශිෂ්‍යත්වය හොඳට පාස් වෙලා අපි තුන්දෙනාම වියකැඩි සෙන්ට්‍රල් එකට ගියේ.
Speaker A
හය වසරේ ඉඳලා, ඊට පස්සේ ශේප් එකේ වැඩ ටික කරගෙන ගියා.
Speaker A
O/L වලට මට A 6යි B 3ක් තිබ්බේ.
Speaker A
ඊට පස්සේ තමයි මගේ A/L පටන් ගත්තේ.
Speaker A
මම රිසල්ට්ස් එන්න කලින්ම මම ක්ලාසස් වලට යන්න පටන් ගත්තා.
Speaker A
මට තිබ්බ ප්‍රශ්නයක් තමයි මොනවද තෝරගන්න සබ්ජෙක්ට්ස් කියලා.
Speaker A
එතකොට තුනකට කැමති වෙලා හිටියා.
Speaker A
එකක් තමයි මට ආර්ට්ස් කරන්න ඕනකම තිබ්බා, මොකද මට ඩාන්සින් පුළුවන් නිසා.
Speaker A
ඊට පස්සේදී මට හිතුනා මට කොමර්ස් කරන්නත් පුළුවන් කියලා.
Speaker A
මොකද මගේ අම්මගේ බැක්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණ අම්මගේ ගෙදර මාමලා, පුංචිලා, ඒ හැමෝම කොමර්ස් කරලා යුනිවර්සිටීස් වලට ගිහිල්ලා අද වෙද්දි හොඳ හොඳ තැන් වල ඉන්න කට්ටිය.
Speaker A
ඉතින් ඒක නිසා මට හිතුනා මටත් මේ බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන නිසා මට ඒ සයිඩ් එකටත් මට ඉස්සරහට යන්න පුළුවන් වෙයි.
Speaker A
අනිත් එක තමයි බයලජි කියන එක.
Speaker A
බයෝ තමයි මගේ ආසාව.
Speaker A
මම පොඩි කාලේ ඉඳන් ආසයි ඩොක්ටර් කෙනෙක් වෙන්න.
Speaker A
ඒක අම්මයි තාත්තයි ඔලුවට දීපු එකක් නෙමෙයි.
Speaker A
කලින්ම චූටිම චූටි කාලේ මගේ කන් දෙක විදපු ඩොක්ටර් ඩොක්ටර් ඒක නායක ඩොක්ටර් අංකල් කියලා මම කියන්නේ.
Speaker A
ඩොක්ටර් ඉස්සර මිස්සට පනාමුරේ තමයි අපි හිටියේ.
Speaker A
මට අවුරුදු හතරකට කොහෙද වෙනකන් හිටියේ.
Speaker A
ඒක එතන පීපී එකක් තිබ්බා ඩොක්ටර්ගේ.
Speaker A
ඉතින් මම ඩොක්ටර්ගේ පීපී එක ඇතුලෙමයි හැම තිස්සෙම ගිහිල්ලා ඉන්නේ, ඩොක්ටර් මට හරි ආදරෙයි.
Speaker A
අපේ තාත්තා එනවා කෝටුවකුත් අරගෙන මාව හොයන්න.
Speaker A
අපේ තාත්තා ආස නැහැ මම අර හැම තැනම ඇවිදින එහෙම කෙනෙක් වෙයි කියලා බයේ වෙන්න ඇති කෝටුවකුත් අරගෙන එනවා.
Speaker A
මම ඩොක්ටර් අංකල්ගේ මේසෙ යටට වෙලා හැංගිලා ඉන්නවා ඩොක්ටර් අංකල්ට කියලා කියන්න එපා මම ඉන්නවා කියලා.
Speaker A
අද වෙනකුනුත් අපේ අම්මයි තාත්තයි මොනවා හරි වුන ගමන්ම යන්නේ ඩොක්ටර් ළඟට.
Speaker A
ඉතින් පොඩි කාලේ ඉඳන් ඒ ඩොක්ටර්ව දැකලා වෙන්න ඇති මට හරි ආසයි ඩොක්ටර් කෙනෙක් වෙන්න.
Speaker A
ඒ කාලේ ඉඳන් ඒ පිස්සුව තිබ්බා මට.
Speaker A
මම හිතුවා දැන් මම බයෝ කරනවද, කොමර්ස් කරනවද, ආර්ට්ස් වලින් කරලා ඩාන්සින් පැත්තෙන් යනවද කියලා.
Speaker A
දැන් O/L ගත්තොත් ඔය තුනටම මට A 3ක් තිබ්බා, ඩාන්සින් වලට A එකක් තිබ්බා.
Speaker A
කොමර්ස් වලටත් A එකක් තිබ්බා, සයන්ස් වලටත් A එකක් තිබ්බා.
Speaker A
මම හිතුවා දැන් බයෝ කරොත් මට අමාරු වෙයිද දන්නේ නැහැ කියලා.
Speaker A
බයලජි අමාරුයි කියලා මතයක් තියෙනවනේ සාමාන්‍යයෙන් කරන්න අමාරුයි කියලා.
Speaker A
ඉතින් මට ඒකත් ඔලුවේ තිබ්බා දැන් බයෝ කරොත් අමාරු වෙයිද දන්නේ නැහැ මට කියලා.
Speaker A
ඒ නිසා මම ආර්ට්ස් කරන්නේ නැහැ කියලා ඊට පස්සේ තීරණයකට ආවා.
Speaker A
ඊට පස්සේ මම ක්ලාසස් ගියේ කොමර්ස් වලට සහ බයෝ වලට.
Speaker A
ඔය දෙකටම මම ක්ලාසස් වලට ගිහින් බැලුවා, ගොඩක් දවසට අපේ අම්මටත් නිවාඩු දාලාත් එයාත් ආවා මාත් එක්ක ක්ලාසස් වලට යන්න.
Speaker A
ඒක බලන්න.
Speaker A
ක්ලාසස් තෝරගද්දි අම්මත් මගේත් එක්ක ආවා ඉතින් ගොඩක් දවසට.
Speaker A
පස්සේ කොහොම හරි එක දවසක් මම කොමර්ස් ක්ලාස් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට මම අම්මට තාත්තට හැමදාම උදේට වඳිනවා ගිහිල්ලා.
Speaker A
තාත්තට වඳිද්දි තාත්තා කිව්වා මට මගේ පුතා දැන් කොහෙද ක්ලාස් යන්නේ.
Speaker A
මොකටද යන්නේ කියලා තාත්තා ඇහුවා.
Speaker A
ඉතින් මම කිව්වා කොමර්ස් වලට කියලා.
Speaker A
තාත්තා නින්දෙන් ඇහැරුනා විතරයි.
Speaker A
ඊට පස්සේදී තාත්තා මගෙන් ඇහුවා පුතා ඩොක්ටර් කෙනෙක් වෙන්න ආස නැද්ද කියලා.
Speaker A
ඊට පස්සේ මට හිතුනා හරි, දැන් තාත්තා, ඒ කියන්නේ තාත්තාගේ හීනේ ඒක මම දන්නවා ඒක.
Speaker A
තාත්තා ආසයි මම ඩොක්ටර් කෙනෙක් වෙනවට.
Speaker A
ඉතින් මම හිතුවා හරි, දැන් තාත්තත් ආසයි, මමත් ආසයි, ඇයි මම මේකට බයේ ඉන්නේ.
Speaker A
මම මේක කරනවා එහෙනම් කියලා.
Speaker A
කොහොම හරි මුලදි මම තංගල්ලේ ක්ලාසස් වලට ගියේ.
Speaker A
ඒ කරලා තංගල්ලේ O/L රිසල්ට්ස් ඇවිල්ලා නැහැ ඒ වෙනකොට.
Speaker A
ඊට පස්සේ ක්ලාසස් වලට ගිහිල්ලා ඊට පස්සේ ඒ කාලේ මම හොඳට වැඩ කරා, හැමදාම ගෙදර ඇවිල්ලා ඒ වැඩ ටික කරා.
Speaker A
මුල් පටන් ගත්තු කාලේනේ කොහොමත් එතකොට අර පොඩ්ඩක් තියෙනවනේ කරන්න ඕනේ කියන එක.
Speaker A
ඒ කාලේ ඉතින් එදිනෙදා වැඩ එදිනෙදාම නිම කරා.
Speaker A
හරිද.
Speaker A
ටික දවසක්.
Speaker A
මාව මාතරට ක්ලාසස් මාරු කරා.
Speaker A
මාතර ගිහින් යද්දි තිබ්බ ප්‍රශ්නේ තමයි මම සාමාන්‍යයෙන් දුර ගමන් යද්දි වොමිට් කරන මනුස්සයෙක්.
Speaker A
එතකොට මාතර ක්ලාසස් ගිහිල්ලා එනකොට මට මාර අමාරුයි, අර හක්මන පාරේ යන අය දන්නවා ඇති අර වංගු ටික එනකොට.
Speaker A
මම එන්නේ භාගෙට මැරිලා ගෙදර එද්දි, මට මාර අමාරුයි, ඔලුව රිදෙනවා, කැරකෙනවා, එන්නේ නිකන් පණ නැතුව ගෙදර.
Speaker A
ඇවිල්ලා සමහර දවසට මම බත් එක අතේ තියා නිදියනවා.
Speaker A
මට එච්චර අමාරුයි ඒක.
Speaker A
ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා අම්මට තාත්තට තේරුනා.
Speaker A
මට අමාරුයි කියන එකේ.
Speaker A
ඒ කියන්නේ මගක් ඇවිල්ලා මට කලන්තෙත් හැදෙනවා.
Speaker A
ඊට පස්සේ කොහොම හරි ඒ දෙන්නා තීරණය කරා මාව බෝඩ් කරනවා කියලා.
Speaker A
ඊට පස්සේ තමයි මම බෝඩ් වෙන්න යන්නේ.
Speaker A
මාතර.
Speaker A
අම්මයි තාත්තයි හොඳ තැනක් හොයලා මාව බෝඩ් කරා.
Speaker A
ඒ බෝඩින් හවුස් එකේ ආන්ටි මාර සැරයි.
Speaker A
හරිද.
Speaker A
එයා උදේට අපි ඇහැරෙන වෙලාවල්, රෑට නිදියන වෙලාවල්, පාඩම් කරනවද, හැමදේම ඇවිල්ලා බලනවා උඩට.
Speaker A
ඇවිල්ලා හැමදේම බලනවා අපි මොනවද කරන්නේ ඒ වගේ.
Speaker A
එයා එහෙම ළමයි ටික නිකන් අතහැරලා ඉන්න ආන්ටි කෙනෙක් නෙමෙයි.
Speaker A
ඉතින් ඒ නිසාම තමයි අපේ අම්මයි තාත්තයි මාව එතන.
Speaker A
බෝඩ් කරේ.
Speaker A
ඒ අක්කලා ටිකක් හිටියේ, මම තමයි ඉඳපු පොඩිම එක්කෙනා එතන.
Speaker A
අක්කො මයි ඉතින් මම වැඩ කරන්නේ නැහැ.
Speaker A
අක්කලා ටික වැඩ කරනවා මට පේනවා.
Speaker A
ඒගොල්ලෝ වැඩ කරන විදි දැක්කාම මට බයත් හිතුනා, අනේ මම මෙච්චර මැරෙන්න ඕනෙද තව ඉස්සරහට කියලා.
Speaker A
ක්ලාසස් වලට යනවා, ගිහිල්ලා ඇවිල්ලා.
Speaker A
මම ඉතින් ඒ ක්ලාසස් වල වැඩ ටික ශේප් එකේ කරගෙන හිටියා මුලදි.
Speaker A
ඊට පස්සේදී මම ක්ලාසස් ගොඩක් මගෙන් වුනු වැරැද්දක් ඒක.
Speaker A
මම ක්ලාසස් මාරු කරා.
Speaker A
කෙමිස්ට්‍රි අද එක්කෙනෙක් යනවා, හෙට තව එක්කෙනෙක් ගිහින් බලනවා.
Speaker A
එහෙම එහෙම එක එක සර්ලාගේ ගිහිල්ලා බලනවා, එතකොට මට එක මාසෙක එක සර් කෙනෙක්ගේ, තව මාසෙක තව සර් කෙනෙක්ගේ.
Speaker A
එතකොට එක එක තැනින් පාඩම්, ඒ කියන්නේ හරිම අච්චාරුවක් වගේ.
Speaker A
අර සර්ගෙන් චුට්ටයි, මේ සර්ගෙන් චුට්ටයි.
Speaker A
ඊට පස්සේ ආයේ අනිත් සර්ගේ ඒ කලින් කියපු සර්ගේම යනකොට ඒ සර් ගොඩාක් කරගෙන ගිහිල්ලා ඉවරයි.
Speaker A
ඒක මම කරපු හරිම නරක වැඩක් කෙමිස්ට්‍රි වලට.
Speaker A
බයෝ වලටත් ඒක වුනා.
Speaker A
බයෝ වලට මුලින්ම ගියේ තංගල්ලෙදි ගියේ අජිත් සර්ගේ.
Speaker A
අජිත් සර්ගෙන් පස්සේ දිලිප් සර්ගේ ගියා.
Speaker A
දිලිප් සර් නැති වුනා මාතර ක්ලාස් යද්දි.
Speaker A
ඊට පස්සේ මම ගියේ ටීචර් කෙනෙක්ගේ ක්ලාස්.
Speaker A
මට එක එක ක්ලාසස් වල මාරු කර කර ඉඳලා බයෝත් බැහැ, කෙමිස්ට්‍රිත් බැහැ, අන්තිමට ෆිසික්ස් විතරයි මම එක දිගට එක ක්ලාස් එකකට ගියේ.
Speaker A
කොහොම හරි ඉතින් ඒ විදියට මම ක්ලාසස් මාරු කර කර පළවෙනි අවුරුදු දෙකම හිටියා.
Speaker A
ඊට පස්සේ කොහොම හරි අන්තිම කාලේ මම මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක බෝඩ් වුනා මාතරම.
Speaker A
එතකොට චුට්ටක් වැඩ කරා ඒ දෙන්නා ඉන්නවා.
Speaker A
අපි තුන්දෙනා වෙනම වැඩ කරේ, එකට පාඩම් කරේ නැහැ.
Speaker A
ඒ වුනාට මට ඒ වෙද්දි ඇනෙන්න ඕනේ එක හොඳටම ඇනිලා තිබ්බේ.
Speaker A
එක්සෑම් එකට මාස තුනක් විතර තියලා මම ක්ලාසස් වලට ගියෙම නැහැ.
Speaker A
මට ගිහින් වැඩක් නැහැ, රිවිෂන් එහෙම පටන් අරගෙනනේ.
Speaker A
එතකොට මට ක්ලාසස් වලට ගියාට පේපර් එකක් ලියාගන්න බැහැ, මට මොනවත් තේරෙන්නේ නැහැ.
Speaker A
අන්තිම පාඩම් ටික යන්නේ මොනවත්ම තේරෙන්නේ නැහැ, මට එපා වෙනවා, මම ගිහිල්ලා නිදිමතයි, මට නිදි යනවා ක්ලාසස් වල.
Speaker A
ඒ කියන්නේ තේරෙන්නෙත් නැහැ මුකුත්, කරගන්න තේරෙන්නෙත් නැහැ, මට නිදිමතයි.
Speaker A
මම නිදියනවා ක්ලාසස් වලට ගිහිල්ලා.
Speaker A
නිදි වැටෙනවා මෙහෙම.
Speaker A
ඉතින් මම හිතුවා මේ වැඩේ හරියන්නේ නැහැ, මම ක්ලාසස් වලට ගිහිල්ලත් මම මොනවත් කරගන්නේ නැහැනේ.
Speaker A
මම ගෙදර ඉඳන් වැඩ කරනවා.
Speaker A
ගෙදර ඉඳන් වැඩ කරන ටික තමයි හොඳ, එතකොට මට කොලිටි ටයිම් එකක් ගත කරන්න පුළුවන්.
Speaker A
මම තනියෙන් වැඩ කරන ටික තමයි හොඳම ටික.
Speaker A
තනියෙන් වැඩ කරන තරමට තමයි මට ගොඩ යන්න පුළුවන්.
Speaker A
ඔය වගේ පොඩි පණ්ඩිත අදහසක් ඔලුවට ඇවිල්ලා.
Speaker A
මම ක්ලාසස් යන්නේ නැහැ.
Speaker A
ඒක නතර කරලා දාලා ෆිසික්ස් වලට විතරයි ක්ලාසස් වලට ගියේ.
Speaker A
අනිත් දෙකටම ගියේ නැහැ.
Speaker A
ගෙදර ඉඳගෙන හිටියා.
Speaker A
ඒ හිටියා කියලත් මම කරපු වැඩක් නම් නැහැ ඉතින්.
Speaker A
හරිද.
Speaker A
ඊට පස්සේදී ඔන්න එක්සෑම් එක ගොඩාක්ම ලං වෙලා අපිව ගෙදර යවනවනේ.
Speaker A
ගෙදර යද්දි මට බයෝත් බැහැ, කෙමිස්ට්‍රිත් මුකුත් බැහැ.
Speaker A
බයෝ ටික අරගෙන පාස් පේපර්ස් වලට අදාලව බැලුවා තියරි පොත් ටික.
Speaker A
තියරි හරි එහෙම මෙහෙම ටියුට් තිබ්බා.
Speaker A
ඉතින් ඔක්කොම කම්ප්ලීට් වෙලා තිබ්බේ නැහැ ඒ වුනාට.
Speaker A
පොඩ්ඩක් S එකක් මට්ටමට ගොඩ දාගත්තා.
Speaker A
ෆිසික්ස් ගැන බැලුවෙම නැහැ ඒ ටිකේ.
Speaker A
ෆිසික්ස් මට චුට්ටක් පුළුවන් ඉතින්.
Speaker A
ඊට පස්සේදී කෙමිස්ට්‍රි.
Speaker A
කොහොමටවත්ම බැහැ.
Speaker A
ඒ කියන්නේ පාස් පේපර් පොත ගත්තත් මට ලියාගන්න නෝට් එකක්වත් නැහැ.
Speaker A
ඒ කාලේ අපිට යූටියුබ් අනම් මනම් තිබ්බෙත් නැහැ, අපේ ගෙදර ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බට අපි දන්නේ නැහැ එහෙම කොහොමද ඒවා.
Speaker A
කිසිම දෙයක් දන්නේ නැහැ ඒවා ගැන.
Speaker A
ඊට පස්සේ ඔය අතරේ අපේ 2015 ලියපු අයට මතක ඇති 2015 ඉලෙක්ෂන් එකක් තිබ්බා.
Speaker A
කෙමිස්ට්‍රි පේපර් එකට අපිට දවස් 10ක වගේ බ්‍රේක් එකක් හම්බුනා.
Speaker A
ඒ කාලය තුළ මම චුට්ටක් හරි මොනවා හරි තිබ්බා නම් මට ගොඩ දාගන්න තිබ්බා.
Speaker A
නමුත් මට එහෙම ගොඩ දාගන්න හැකියාවක් තිබ්බේ නැහැ.
Speaker A
මම හිටියේ කවද්ද මේ දවස් 10 ඉවර වෙන්නේ, මේක ඉවරයක් කරන්න මට.
Speaker A
ඒ තරම් අමාරුයි, ඒ අයට දවස්, ඒ කියන්නේ කෙමිස්ට්‍රි පේපර් එක තියෙනවා කියලත් දන්නවා, මුකුත් කරගන්න දන්නෙත් නැහැ.
Speaker A
දවස් ඔහේ ගෙවෙනවා මගේ.
Speaker A
අම්මයි තාත්තයිත් බලාගෙන ඉන්නවා මේ ළමයා මේ මොනවද කරන්නේ කියලා.
Speaker A
එක්සෑම් ගිය ළමයෙක් හැසිරෙන විදියටත් නෙමෙයිනේ හැසිරෙන්නේ.
Speaker A
බලන්න තේරෙන්නේ නැහැ, පොත ගත්තට නිකන් ඔහේ ඒක දිහා බලාගෙන ඉන්නවා විතරයි.
Speaker A
මාර ස්ට්‍රෙස් එකක් ඒ කාලේ ඒක හිතද්දිත්.
Speaker A
කොහොම හරි ඔය දැන් එක්සෑම් ලියන දවස් ටිකේ වීරකැටි සෙන්ට්‍රල් එකෙන් මම ඉස්කෝලේ ගියේ.
Speaker A
එතකොට වීරකැටි සෙන්ට්‍රල් එකේ තමයි එක්සෑම් ලිව්වේ.
Speaker A
එක්සෑම් කාලේට අම්මා නිවාඩු දාලා අම්මා වාහනෙන් මාව එක්කගෙන යනවා.
Speaker A
එක්කගෙන එනවා, එක්කගෙන යනවා, එක්කගෙන එනවා.
Speaker A
ඔහොම එක දවසක් අම්මයි මායි ගෙදර එනකොට තාත්තා ගෙදර හිටියා.
Speaker A
මම එක්සෑම් අමාරු වුනා කියලා එහෙම එහෙනම් දුකින් මැරිලා වගේ ගෙදර එන්නෙත් නැහැ.
Speaker A
හරිද.
Speaker A
මම හොඳට හිනා වෙලා චිල් එකේ සතුටින් ගෙදරත් එනවා.
Speaker A
කොහොම හරි එක දවසක් එද්දි තාත්තා ගෙදර.
Speaker A
හරියටම තාත්තා ඉස්සරහා හිටියේ, මම වාහනෙන් බහිද්දි තව කවුරු හරි හිටියා අපේ තාත්තා එක්ක.
Speaker A
තාත්තා කිව්වා ආ එක්සෑම් ලේසියි වගේ නේද කියලා.
Speaker A
තාත්තත් නිකන් අර එයා බලාපොරොත්තු තියාගෙන හිටියේ කොහොමත් මම ගැන.
Speaker A
ඉතින් එයා හරි සතුටින් කිව්වා.
Speaker A
එතකොට තමයි තේරුනේ දෙයියනේ මේ දෙන්නා හරියට මම ගැන හිතාගෙන ඉඳලා තියෙනවා.
Speaker A
මොකක්ද මේ කරේ කියන එක.
Speaker A
ඊට පස්සේදී ඔන්න දැන් එතකොට මම දන්නවා මගේ රිසල්ට් එක.
Speaker A
මම දන්නවා මම බයෝ යන්තම් පාස් ඇති.
Speaker A
ෆිසික්ස් යන්තම් පාස් ඇති.
Speaker A
කෙමිස්ට්‍රි නම් කොහොමත් මම ෆේල් කියන එක.
Speaker A
ඒක මම බලාපොරොත්තු වුනු රිසල්ට් එක.
Speaker A
ඊට පස්සේ කොහොම හරි ඔන්න රිසල්ට්ස් එන දවස.
Speaker A
මම උදේම රිසල්ට්ස් බැලුවා.
Speaker A
උදේ ආවේ.
Speaker A
ඊට පස්සේදී හරි, බලාපොරොත්තු වුනු රිසල්ට්ස් එක ඒ විදියටම ඇවිල්ලා තිබ්බා.
Speaker A
කෙමිස්ට්‍රි ෆේල්.
Speaker A
අම්මයි තාත්තයි රූම් එකෙන් එළියට ඇවිල්ලා ඒගොල්ලොන්ටත් කෝල් එකක් එන්න ඇති රිසල්ට්ස් ඇවිල්ලා කියලා.
Speaker A
එළියට ඇවිල්ලා ඇහුවා මේ රිසල්ට්ස් ඇවිල්ලා.
Speaker A
රිසල්ට්ස් බලන්න කියලා.
Speaker A
මම එතකොට බලලා හිටියේ.
Speaker A
මම කිව්වා අම්මේ මම බලලා ඉන්නේ කියලා.
Speaker A
අම්මා ඇහුවා කොහොමද කියලා.
Speaker A
ඊට පස්සේ මම කිව්වා මම කෙමිස්ට්‍රි ෆේල් කියලා.
Speaker A
ඊට පස්සේ අපේ අම්මා අඬන්න පටන් ගත්තා.
Speaker A
ඒ කියන්නේ එයා මොකක්ද මේ සිද්ධ වුනේ කියලා එයාලා කවදාවත් හිතුවේ නැහැ මම එක්සෑම් එකක් ෆේල් වෙයි කියලා ඉඳපු විදියට.
Speaker A
අම්මා අඬන්න පටන් ගත්තා.
Speaker A
තාත්තා මුකුත් කිව්වේ නැහැ.
Speaker A
මම ඇඬුවේ නැහැ ඉතින්, ඒ කියන්නේ මම දන්නවනේ මේක වෙනවා කියලා.
Speaker A
මට අප්සෙට් අම්මා අඬන නිසා.
Speaker A
තාත්තා කිව්වා කමක් නැහැ, ෆේල් වුනත් පාස් වුනත් මගේ දුව.
Speaker A
කියලා කිව්වා.
Speaker A
හරිද, තාත්තයි අම්මයි දන්නවනේ මම මේ වෙලාවේ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ, බය වෙලා ඉන්නේ කියලා.
Speaker A
හැබැයි මට ගහන්නවත්, බැනෙන්නවත්, කිසිම දෙයක් නැහැ, අපි ඊළඟ පාර කරමු කියන එක තමයි ඒගොල්ලෝ කිව්වේ.
Speaker A
අම්මට අරක පොඩ්ඩක් එයා අපිව බලාගත්තු විදියට, අපිව ගයිඩ් කරපු විදියට එයා හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා.
Speaker A
ඒක දරාගන්න බැරුව අම්මා ඇඬුවා.
Speaker A
ඒ ඇරෙන්න ඒ දෙන්නා මට ගෙදර ඉන්න එපා වෙන තත්ත්වයක් ඇති කරේ නැහැ.
Speaker A
හරිද, එදා ඉඳන්ම ඒ දෙන්නා ආ හරි කමක් නැහැ, අපි ඊළඟ එක කරමු.
Speaker A
ඒ කියන්නේ අපේ තාත්තා කියන්නේ මාර සැරයි අපේ තාත්තා.
Speaker A
ඉතින් තාත්තට හරි බයයි.
Speaker A
ඒත් අපේ තාත්තා ඒ වෙලාවෙවත් මට බැනෙන්නේ නැහැ, මට තව ආදරේ දුන්නා ඒගොල්ලෝ.
Speaker A
අපේ අම්මා ගොඩාක් හෝප්ස් තියාගෙන හිටියා අපි හොඳ තැනකට යයි කියලා, මොකද මගේ අම්මා කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්.
Speaker A
එයා ඉස්කෝලේ යන කාලෙත් හොඳට වැඩ කරලා, A/L හොඳට කරගෙන, යුනිවර්සිටි ගිහින් ෆස්ට් අයි එකෙන්ම, ඊට පස්සේ හොඳ ජොබ් එකක් කරන, හොඳ පොසිෂන් වල ඉඳපු.
Speaker A
ඒ පොසිෂන් අපි නිසාම එයා අතහැරියා, ඒකට හේතුව තමයි අපි තුන්දෙනාට එයාට ෆෝකස් එක දෙන්න බැරි වෙන්න නිසා.
Speaker A
එයා හොඳ පොසිෂන් එක ලොකු තැනක ඉඳලා එයා එතන දාලා ආවා ආයේ අපි තුන්දෙනා වෙනුවෙන්.
Speaker A
ඉතින් ඒ කරලා තමයි අපි තුන්දෙනාව ගොඩ දැම්මේ අම්මා.
Speaker A
එහෙම කරපු කැපකිරීම් කරපු කෙනෙක් අපි වෙනුවෙන් අම්මා කියලා කියන්නේ.
Speaker A
ඉතින් අම්මට ඒ වගේ දෙයක් අනිත් පැත්තට ලැබුනා කියන්නේ මගෙන්.
Speaker A
අම්මට හිතාගන්න බැරි වෙන්න ඇති.
Speaker A
ඉතින් ඒකයි එයා අඬන්න ඇත්තේ.
Speaker A
මොකක්ද ඒ වුනේ කියලා.
Speaker A
තව දෙයක් තියෙනවා තාත්තා.
Speaker A
තාත්තා ගැන කියනවා නම් එයාත්.
Speaker A
එයා නිහඬව බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක්.
Speaker A
හැබැයි එයා මට කියලා තියෙනවා දෙතුන් වතාවක් මම ඔයා ගැන ගොඩාක් බලාපොරොත්තු තියන් ඉන්නේ පුතේ.
Speaker A
ඔයා තමයි මගේ ලෝකේ.
Speaker A
ඒ වගේ දේවල් ලස්සන දේවල් මගේ තාත්තා මට ගොඩක් කියලා තියෙනවා.
Speaker A
ඒ දේවල් මගේ හිතේ අදටත් හැමදාම තියෙනවා මගේ තාත්තා ගැන.
Speaker A
එක කතාවක් තියෙනවා මගේ තාත්තා ළඟ බෑග් එකක් තිබ්බා.
Speaker A
හරිද.
Speaker A
අර ලැප් ගෙනියන බෑග් එකක් තිබ්බේ.
Speaker A
ඒක අම්මා මොකක් හරි වැඩකට, ඒ කියන්නේ තාත්තා ඒක පරිස්සමට අල්මාරියේ දාලා තියෙනවා.
Speaker A
අම්මා මොකක් හරි වැඩකට ඒක ගන්න හදද්දි තාත්තා කියලා තියෙනවා ඕක ගන්නේ එපා.
Speaker A
ඕක තියාගෙන ඉන්නේ මම කෙල්ල මෙඩිසින් ගියාම දෙන්න කියලා.
Speaker A
ඉතින් හිතන්න අපේ තාත්තා කොච්චර මම ගැන බලාපොරොත්තු තියාගෙනද කියලා.
Speaker A
ඒ කියන්නේ එයා තනි තනිකර හිතාගෙන ඉන්නවා මම යනවා.
Speaker A
කියලා.
Speaker A
එයාට කිසිම ඩවුට් එකක් තිබිලා නැහැ ඒක ගැන.
Speaker A
ඉතින් එහෙම වෙලත් මම ෆේල් වෙලා රිසල්ට්ස් එක ගෙදරට එනවා.
Speaker A
සෙකන්ඩ් එකත් කරා.
Speaker A
එතකොටත් මම හරියට එක්සෑම් කරේ නැහැ, ඒ කියන්නේ මම හරිම නෙගටිව් ෆීලින් එකක ඒ වෙලාවෙත් හිටියේ.
Speaker A
මට මේක හරියට කරගන්න බැහැ.
Speaker A
දැන් මෙතනින් එහාට මට මහන්සි වෙන්න තේරෙන්නෙත් නැහැ.
Speaker A
එතකොට හැබැයි මම තංගල්ලේ ක්ලාසස් වලට ගියේ.
Speaker A
මාව ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට දැම්මා අම්මා කෙමිස්ට්‍රි වලට.
Speaker A
කෙමිස්ට්‍රි මට තියරි අහුවෙලා නැති නිසා.
Speaker A
ඊට අමතරව අනිත් දේවල් ටික ශේප් එකේ මම කරා ඉතින් ක්ලාසස් වලට ගිහින් එනවා.
Speaker A
ඇවිල්ලා මහන්සි නිදියනවා එහෙම.
Speaker A
තංගල්ලේ ක්ලාස් යන කාලේ.
Speaker A
එතකොට තංගල්ලට මාරු කරා.
Speaker A
එතකොට මම ගෙදර ඉඳන් ක්ලාසස් වලට ගියේ ඔක්කොම.
Speaker A
අම්මයි තාත්තයි ළඟ හිටියා අර වෙලාවේ.
Speaker A
මට වෙච්ච ලොකුම දෙයක් තමයි ඒ දෙන්නා නැති වුනු එක මං ළඟ.
Speaker A
ඒ දෙන්නා හිටියා නම් මම අර අම්මගේ ගයිඩ් එක තියෙනවනේ වැඩ කරන්න ඕනේ එතකොට.
Speaker A
එතකොට වැඩ කරයි මොනවා හරි.
Speaker A
දැන් ඒකත් නැතුවනේ මම නිකන්ම හිටියේ.
Speaker A
කොහොම හරි ඒ අවුරුද්දත් මම ශේප් එකේ වැඩ කරා.
Speaker A
අනිත් එක තමයි අපේ ගෙදර සම්පූර්ණ පාඩම් කරන්න පුළුවන් වෙන විදියට තමයි ඒගොල්ලෝ හදලා තිබ්බේ.
Speaker A
ඒ කියන්නේ කිසිම වෙලාවක ටීවී එක සද්දෙට දාන්න බැහැ අපේ ගෙදර එක්කෙනෙක් පාඩම් කරනවා නම්.
Speaker A
කාටවත් කෑ ගහන්න බැහැ අපේ ගෙදර එක්කෙනෙක් පාඩම් කරනවා නම්.
Speaker A
ඒ වගේ, ඒ කියන්නේ අපි වුනත් හැදිලා තිබ්බේ මල්ලිලා වුනත් පාඩම් කරනවා නම්.
Speaker A
අපි කෑ ගහන්නේ නැහැ, අපි ටීවී සද්දෙන් දාන්නේ නැහැ.
Speaker A
ඒ දෙන්නාමත් ටීවී එක සද්දෙන් දාගන්නේ නැහැ.
Speaker A
ඒ විදියට හරි හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක් හදලා තිබ්බා අපිට ගෙදර ඉගෙන ගන්න දේවල් වලට.
Speaker A
රූම්ස් පවා අපි කිව්වොත් අපිට මේකෙන් මේකට යන්න ඕනේ කියලා ටක් ගාලා මාරු කරලා දෙනවා රූම් එක.
Speaker A
එහෙම හරියට ඒ දෙන්නා ඒ දේවල් කරා, කරලා දුන්නා අපිට ඕනේ දෙයක්.
Speaker A
මට මේක බැහැ, මට මේකට ඉන්ඩිවිජුවල් කරන්න ඕනේ කිව්වොත් එහෙම කරනවා ටක් ගාලා.
Speaker A
ඉන්ඩිවිජුවල් කරමු කියලා.
Speaker A
ඒ විදියට.
Speaker A
ඉතින් එහෙම කරලත් මම කරගත්තේ නැහැ කියන්නේ සම්පූර්ණ මගේ නොහැකියාව.
Speaker A
වෙන කිසිම දෙයක් මගේ අම්මගේ, තාත්තගේ වැරැද්දක්වත්, මගේ ගුරුවරුන්ගේ වැරැද්දක්වත්.
Speaker A
මගේ යාළුවන්ගේ වැරැද්දක්වත් කිසිම දෙයක් නෙමෙයි.
Speaker A
මගේ නොහැකියාව තමයි.
Speaker A
මම සෙකන්ඩ් එක කරාට පස්සේ මට C 2යි S එකක් ආවේ.
Speaker A
ඒ S එක ආවෙත් කෙමිස්ට්‍රි වලටමයි.
Speaker A
ඊට පස්සේදී මම හිතුවා හරි මට දැන් NTS ඇප්ලයි කරන්න පුළුවන්.
Speaker A
මම NTS ඇප්ලයි කරනවා කියලා.
Speaker A
මම NTS ඇප්ලයි කරා.
Speaker A
ඒ දෙන්නා ඒත් අතහැරියේ නැහැ.
Speaker A
ඒ දෙන්නා මම තර්ඩ් එකටත් ක්ලාස් යැව්වා.
Speaker A
එක දෙයක් තිබ්බා මගේ ජීවිතේ වෙනස් වුනු, අන්න ඒ කතාව තමයි මම දැන් කියන්න යන්නේ.
Speaker A
එක දවසක් මම තර්ඩ් අයි කරන්න දැන් ක්ලාසස් ගියාට මට උනන්දුවක් නැහැ ඒක කරන්න.
Speaker A
මට ඒක කරන්න ඕනේ නැහැ, මට NTS යන්න පුළුවන්නේ දැන්.
Speaker A
ඒ කියන්නේ නර්සින් යන්න පුළුවන්නේ.
Speaker A
ඉතින් මම හිතුවා හරි, මම දැන් නර්සින් යනවා.
Speaker A
ඊට කලින් මම මොනවා හරි ජොබ් එකක් කරනවා.
Speaker A
ඉන්ටර්වීව්වත් ඇවිල්ලා නැහැ ඒ වෙද්දි නර්සින් වලට.
Speaker A
මම හිතුවා හරි මම එතකන් මොනවා හරි ජොබ් එකක් කරනවා කියලා හිතලා.
Speaker A
පත්තරේ අරගෙන පත්තරෙන් බලලා ජොබ් එකක් හොයාගත්තා.
Speaker A
A/L පාස් වෙලා තියෙන විතරයි ඕනේ ඒකට යන්න.
Speaker A
ඒකත් රවුන් කරගෙන මම අම්මා ගෙදර හිටියේ නැහැ.
Speaker A
මම අම්මා එනකන් හිටියා.
Speaker A
මම ගෙදර ආවා.
Speaker A
ආවට පස්සේ මම අම්මට පෙන්නුවා මම අම්මේ නර්සින් යනකන් මේක කරනවා නම් කියලා.
Speaker A
ඊට කලින් මට අම්මා තාත්තා ඩ්‍රයිවින් ලයිසන් එහෙම ඔක්කොම අරගෙන දුන්නා.
Speaker A
ඉතින් මම දැන්, ඒ කියන්නේ එක්සෑම්, A/L පැත්තෙන් ඈත් වෙලා.
Speaker A
මට හිතුනා දැන් හරි මම දැන් එතනින් එහාට මම ජොබ් එකකට තමයි යන්න ඕනේ.
Speaker A
ඒ කරලා මම රවුන් කරගෙන ඉඳලා අම්මට පෙන්නුවා ඒක.
Speaker A
ඊට පස්සේ අම්මා, මගේ අම්මා කියන්නේ එහෙම කේන්ති ගන්න මනුස්සයෙක් නෙමෙයි.
Speaker A
එයා හරිම කූල් එකේ ඉන්න මනුස්සයෙක්.
Speaker A
තාත්තා තමයි සැර අපේ.
Speaker A
ඒ අම්මට තරහා ගියා කියන්නේ අපේ අම්මා සාමාන්‍යයෙන් මොනවා හරි කිව්වත්.
Speaker A
අනේ අම්මේ මොකක්ද මේගොල්ලෝ කරන්නේ, මොනවද මේ කරන්නේ, පාඩම් කරන්න.
Speaker A
එහෙම කියනවා ඇරෙන්න සැර දාන්නේ නැහැ.
Speaker A
එදා පත්තරේ ඉරුවා, ඉරලා පොඩි කරලා වීසි කරලා දැම්මා.
Speaker A
ඒ කරලා මට බැනෙන්න පටන් ගත්තා.
Speaker A
කවදාවත් බැනපු නැති විදියට මට බැනෙන්න පටන් ගත්තා.
Speaker A
මට හිතාගන්න බැහැ මොකක්ද ඒ වුනේ කියලා.
Speaker A
අම්මා.
Speaker A
එහෙම හැසිරුනා කිව්වාම.
Speaker A
තාත්තත් සද්ද නැහැ.
Speaker A
ඊට පස්සේදී මම හිතුවා හරි මේක හරියන්නේ නැහැ, අපේ අම්මා මම ගැන හිතන් ඉන්න විදිය හරි ලොකුයි.
Speaker A
ඒ නිසා මම එදා නම් මම හොඳටම ඇඬුවා.
Speaker A
මම කවදාවත් මගේ අම්මා බැනට අඬන මනුස්සයෙක් නෙමෙයි.
Speaker A
තාත්තා බැනොත් මම අඬනවා.
Speaker A
එහෙම ඇරෙන්න අම්මා බැනා කියලා මම අඬන්නේ නැහැ.
Speaker A
එදා මම අම්මා බැනට ඇඬුවා.
Speaker A
ඇඬලා කොහොම හරි මම හිතුවා හරි, මම දැන් පාඩම් කරන්න ආයේ පටන් ගන්න ඕනේ.
Speaker A
තර්ඩ් එක මම හරියට කරන්න ඕනේ.
Speaker A
ඒ වෙද්දි තර්ඩ් එකට එක්සෑම් එකට මාස තුනක් වගේ තිබ්බේ.
Speaker A
තුනක් හතරක් වගේ තිබ්බා.
Speaker A
ඊට පස්සේදී ඊට පස්සේ දවසෙම මම අපේ ගෙදර තියෙනවා ඉස්සරහම කාමරේ.
Speaker A
අර ගෙස්ට්ලාට දෙන්න තියෙන්නේ.
Speaker A
ඒක මම කිව්වා එහෙනම් මට ඒක අස් කරලා මම ඒක පාඩම් කරන්න ගන්නම් කියලා.
Speaker A
මොකද අර බෙඩ්රූම් එකේම පාඩම් කරන්න බැහැ.
Speaker A
මට නිදාගන්න හිතෙයි.
Speaker A
ඒ නිසා මම ඒ රූම් එකට යන්නම් කියලා.
Speaker A
මම ඊට පස්සේ ඒ කාමරේ අස් කරගෙන.
Speaker A
ඒ රූම් එකට ගියා.
Speaker A
ඒකේ තිබ්බේ පොත් මේස ටික විතරයි, වෙන මොනවත් තිබ්බේ නැහැ.
Speaker A
ඊට පස්සේදී මම එදාම ඒ දැන් අඬලා ඔක්කොම රූම් එකත් අස් කරගෙන.
Speaker A
මම ගියා මගේ යාළුවාගේ ගෙදර.
Speaker A
මගේ යාළුවා පොඩි කාලේ ඉඳන්ම.
Speaker A
අපි නර්සරි කාලේ ඉඳන්ම අපි හොඳම යාළුවෝ දෙන්නෙක්.
Speaker A
ඉතින් අපි දෙන්නා එකටමයි ශිෂ්‍යත්වය පාස් වුනෙත්.
Speaker A
එකටමයි O/L ක්ලාස් එක වෙනකන් හිටියත්, A/L ක්ලාස් එකෙත් එකට හිටියේ.
Speaker A
ඒ කරලා අපි දෙන්නා දැන් එයා පේරාදෙණිය යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා.
Speaker A
ඉතින් මේ මගේ යාළුවා බට් ටික ගෙදර මම ගියා.
Speaker A
මම ගිහින් කිව්වා වට්ටි මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් වුනා අපේ ගෙදර ඊයේ.
Speaker A
අම්මට කේන්ති ගියා, අම්මා මට බැනෙන්න පටන් ගත්තා.
Speaker A
එහෙම එහෙම මම එයාට ඉතින් මගේ දුක කිව්වා.
Speaker A
හරිද.
Speaker A
මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් වුනා, මම දැන් තර්ඩ් එක හරියට කරන්න ඕනේ කියලා.
Speaker A
ඊට පස්සේ අපි දෙන්නා ක්ලාසස් ගියේ එකට තංගල්ලේ.
Speaker A
ක්ලාසස් වලට යන්න පටන් ගත්තා.
Speaker A
අපි දෙන්නා ඉතින් එකටත් පාඩම් කරා.
Speaker A
එහෙම නැතුවත් පාඩම් කරා.
Speaker A
එහෙම එහෙම අපි දෙන්නා පාඩම් කරා.
Speaker A
ඔන්න දැන් මම කියන්නම් මම කොහොමද වැඩ කරේ කියලා තර්ඩ් එකට.
Speaker A
මේක තමයි වැදගත්ම ටික මේ වීඩියෝ එකේ.
Speaker A
මම මුලින්ම මගේ ටොපික්ස් ටික ලියාගත්තා, ටීචර්ස් ගයිඩ් ටික ෆොටෝ කොපි කරගත්තා.
Speaker A
විවරණ ටික ෆොටෝ කොපි කරගත්තා.
Speaker A
ඒ ටික මුලින් කරගත්තා.
Speaker A
ඊට පස්සේදී මම ටීචර්ස් ගයිඩ් වලට අනුව ටොපික්ස් ටික ලියාගත්තා.
Speaker A
ලියාගෙන මට කවර් වෙලා නැති ඒවා මම හොයාගත්තා.
Speaker A
ඒ කරලා මගේ යාළුවා තව එක්කෙනෙක් මතක් කරන්න ඕනේ ශම්මිව.
Speaker A
ශම්මි මට ගොඩක් උදව් කරලා තියෙනවා මගේ ඒ මාස ගාන ඇතුලේ.
Speaker A
සහ ඊට කලින් ඉඳන්ම ශම්මි, ඒ කියන්නේ ශම්මි කියන්නේ මම තර්ඩ් එකේ.
Speaker A
සොරි ෆස්ට් අයි එකේ මම කිව්වේ යාළුවෝ දෙන්නෙක් එක්ක බෝඩ් වුනා කියලා.
Speaker A
ඒ එක යාළුවෙක් තමයි ශම්මි කියලා කියන්නේ.
Speaker A
ඉතින් ශම්මි සෙකන්ඩ් අයි එකේ මෙඩිසින් සිලෙක්ට් වෙලා හිටියේ ඒ වෙද්දි කරාපිටිය මෙඩිකල් ෆැකල්ටි එකට.
Speaker A
ඉතින් කොහොම හරි ශම්මි මට බයලජි වල එහෙම මට අහුවෙලා නැති රිප්‍රොඩක්ටිව් සිස්ටම් එකේ.
Speaker A
ඒ වගේ ටිකක් තිබ්බා අහුවෙලා නැති.
Speaker A
ඒ දේවල් ටික ශම්මි මට කියලා දුන්නා.
Speaker A
ඒ කියන්නේ මට කටපාඩම් කිරීමේ හැකියාවක් තියෙන කෙනෙක් නෙමෙයි මම.
Speaker A
මට හැබැයි මොනවා හරි ලොජික් එකක් එක්ක දෙයක් කියලා දුන්නොත් මට ඒක ඔලුවේ තියාගන්න පුළුවන්.
Speaker A
මම හිතන්නේ ඒක හැමෝටම එහෙමයි.
Speaker A
ඉතින් ශම්මි මට කියලා දුන්නා මෙහෙම මෙහෙමයි මේක කියලා.
Speaker A
එයා හොඳට කියලා දුන්නා මට බයලජි ටික.
Speaker A
ඒ වගේම ශම්මිගේ ඔය කෙමිස්ට්‍රි මොඩල් පේපර්ස් අනම් මනම් එයා ලියපුවා එහෙමත් මට දුන්නා.
Speaker A
මම එතකොට තර්ඩ් එකේ හිතාගත්තා මට මෙඩිසින් යන්න බැරි වුනොත් මම ආයුර්වේද යනවා කියලා.
Speaker A
සෙකන්ඩ් එකෙනුත් මම නර්සින් යන්න ලෑස්ති වෙලා හිටියේ, මට ඕනේ වුනේ කොහොම හරි ඒ ෆීල්ඩ් එකේ වැඩක් කරන්න.
Speaker A
ඒ නිසා මම නර්සින් ඇප්ලයි කරේ සෙකන්ඩ් එකෙන්.
Speaker A
කොහොම හරි තර්ඩ් එකෙන් මම හිතුවා මට මෙඩිසින් යන්න හදිසියෙවත් බැරි වුනොත් එහෙම.
Speaker A
මම ආයුර්වේද යන්නේ ඊළඟට කියලා.
Speaker A
ඊට පස්සේ මම කියන්නම් මගේ ටයිම් ටේබල් එක ගැන.
Speaker A
මගේ ටයිම් ටේබල් එක ගත්තොත් එහෙම ඒක මට අද වෙනකුනුත් මතකයි.
Speaker A
මම කොහොමද වැඩ කරේ කියලා.
Speaker A
මම කෙමිස්ට්‍රි වලට ලොකු වෙලාවක් දීලා තිබ්බේ.
Speaker A
ඉරිදා හවසින් පටන් ගන්නම්.
Speaker A
ඉරිදා හවස හතට මම පටන් ගන්නවා ෆිසික්ස් කරන්න.
Speaker A
ෆිසික්ස් කරලා 11, 12 වෙනකන් ෆිසික්ස් කරන්නේ.
Speaker A
කරලා මට සඳුදා ෆිසික්ස් තමයි ක්ලාස් එක තිබ්බේ.
Speaker A
එතකොට මම ෆිසික්ස් රිවිෂන් එකට යනවා.
Speaker A
සඳුදාත් මම කරන්නේ උදේ පහට විතර ඇහැරෙනවා.
Speaker A
මම ඒ කාලෙත් මෝනින් පර්සන් කෙනෙක්, මට උදේ නැගිටින්න පුළුවන්.
Speaker A
ගොඩාක් උදේ නෙමෙයි, 4:30, 5 කියන්නේ මම නැගිටින වෙලාව.
Speaker A
ඊට පස්සේදී උදේ ඇහැරලා මම MCQ එකක් වගේ කරලා ක්ලාස් එකට යනවා.
Speaker A
ක්ලාස් එකට ගිහිල්ලා ඊට පස්සේ හවස 6:30, 7, 7:15 විතර වෙනවා සමහර දවසට ගෙදර එද්දි.
Speaker A
ඒ කියන්නේ ගොඩක් දවසට ඒ වගේ වෙලාව තමයි ගෙදර එද්දි.
Speaker A
බස් එකේ යන්නේ එන්නේ මම.
Speaker A
ගෙදර ඇවිල්ලා මම මහන්සියි කියලා බැලුවේ නැහැ, ප්ලේන් ටී එකක් හරි, කොෆී එකක් හරි බීලා.
Speaker A
වොෂ් එකක් දාගෙන මම වැඩ කරන්න පටන් ගන්නවා.
Speaker A
හැබැයි මම ගොඩක් වෙලාවට ලයිට් ඩයට් එකක් ගත්තේ රෑට, ගොඩක් ගොඩාක් කෑවේ නැහැ.
Speaker A
සාමාන්‍ය විදියට කෑවා.
Speaker A
කෑවා.
Speaker A
කන්නැතුව හිටියේ නැහැ.
Speaker A
හරිද, රෑ 11, 12 වෙනකන් වැඩ කරනවා.
Speaker A
කොහොම හරි මම එදා ක්ලාස් එකේ වැඩ ටික ඉවර කරලා තමයි නිදියන්නේ.
Speaker A
ක්ලාස් එකේදී මට අමාරු අහුවුනු අමාරු ගණන්, අහුවුනු නැති ගණන්.
Speaker A
මොනවා හරි පේපර් එකක් දුන්නා නම් ඒකේ විවරණය.
Speaker A
ඒ වගේ ඒ දේවල් ටික ඉවර කරනවා.
Speaker A
ඊට පස්සේ අඟහරුවාදා මගේ බයෝ ක්ලාස් තියෙන දවස.
Speaker A
අඟහරුවාදා මම උදේ පහට නැගිටලා බයෝ MCQ එකක් ගහනවා.
Speaker A
MCQ එක ගහන්න මෙහෙමයි.
Speaker A
ඒ කියන්නේ කලින් අපේ ක්ලාස් එකේ දීපු MCQ එකක් හරි, එහෙම නැත්නම් පාස් පේපර් MCQ එකක් හරි ඒවා.
Speaker A
එතකොට මම ගොඩක් මොඩල් පේපර්ස් කරපු ළමයෙක් නෙමෙයි.
Speaker A
මට එහෙම කරන්න වෙලාව තිබ්බේ නැහැ ඒ මාස ගානේ.
Speaker A
පාස් පේපර්ස් සහ ක්ලාසස් වල වැඩත් එක්කම තමයි හිටියේ.
Speaker A
ඒ ටික කරලා මම හයට බස් එකේ නගින්නත් ඕනේ යන්න.
Speaker A
ඊට පස්සේ මම කොහොම හරි හයට බස් එකේ නැගලා යනවා ක්ලාස් එකට.
Speaker A
ඊට පස්සේ දවසෙම බයෝ.
Speaker A
ඔය ක්ලාසස් හතරෙදිත් මම වැඩ කරා, මම ඒ ටික ඊළඟට කියන්නම් මගේ ටයිම් ටේබල් එක කියලා ඉවර වෙලා.
Speaker A
ඊට පස්සේදී කැම් එකේ හෙල්ලුනානේ.
Speaker A
කොහොම හරි ඒකත් ඉවර කරලා ගෙදර ඇවිල්ලා.
Speaker A
බයෝ ඉවර කරලා ගෙදර ඇවිල්ලා අර කලින් දවසේ වගේම වොෂ් එකක් දාගෙන කොෆී එකක් බීලා.
Speaker A
පටන් ගන්නවා බයෝ ක්ලාස් එකේ MCQ ඉවර කරන්න.
Speaker A
MCQ එක විතරයි මම එදාට විවරණය කරන්නේ.
Speaker A
රෑ වෙනකන් 11, 12 වෙනකන් MCQ එක කොහොම හරි අමාරුයි ඇහැරගෙන ඉන්නේ සමහර වෙලාවට.
Speaker A
කොහොම හරි ඉවර කරනවා ඒක.
Speaker A
ඉවර කරලා නිදියනවා.
Speaker A
බදාදා උදේ හයට විතර ඇහැරෙන්නේ, පහට ඇහැරෙන්නේ නැහැ.
Speaker A
දවසෙම බයෝ කරන්නේ.
Speaker A
ඒ අතරේ ලන්ච් එකට එහෙම බ්‍රේක්ස් ගන්නවා.
Speaker A
ඒ ක්ලාස් එකේ දෙන වැඩ ටික ඔක්කොම ඒ විදියට කරනවා.
Speaker A
ක්ලාස් එකේ වැඩ ටික.
Speaker A
බයෝ වලට මම පාස් පේපර්ස් කරේ නැහැ.
Speaker A
ක්ලාස් එකේ වැඩ ටික තමයි ඔක්කොම කරේ.
Speaker A
ඉතින් මට එක දවසයි මම බයෝ පාඩම් කරේ ඒ විදියට.
Speaker A
බදාදා හවස හයට මම හරියටම වැඩ නතර කරනවා.
Speaker A
එතකොට මුළු මේසෙම තියෙන්නේ බයෝ විතරයි.
Speaker A
බයෝ ටික ඔක්කොම ක්ලීන් කරලා.
Speaker A
කෙමිස්ට්‍රි ටික ගන්නවා ඊට පස්සේදී.
Speaker A
හයට නැත්නම් පහට වැඩ ඉවර කරලා වොෂ් එකක් දාගෙන, පාන් ටිකක් කාලා.
Speaker A
ඒ දේවල් කරලා ඇවිල්ලා.
Speaker A
ආයේ පටන් ගන්නවා හවස හයට, හතට, පැයක් වගේ යනවා මට අර වැඩ ටික කරගන්න.
Speaker A
ඇවිල්ලා හොඳට රූම් එකක් ක්ලීන් කරගෙන.
Speaker A
ඊළඟට ඔන්න කෙමිස්ට්‍රි සීසන් එකට තමයි ලෑස්ති වෙන්නේ.
Topics:A/L කථාවපංචාලීඅසාර්ථකත්වයකොළඹ විශ්වවිද්‍යාලයබයෝලොජිකොමර්ස්ආර්ට්ස්ශ්‍රමය සහ සාර්ථකත්වයශ්‍රේණිගත කිරීමශ්‍රව්‍ය විස්තර











