මොනරාගල සිට නුවරට පැමිණ A/L සදහා අභියෝග සහ අත්දැකීම් බෙදාගත් කතාවකි.
Key Takeaways
- අධ්‍යයනයේ ආසාව සහ කැපවීම විශාල බලපෑමක් ඇත.
- ගුරුතුමා සමඟ ඇති ගැටළු නිවැරදිව විසඳීම වැදගත් වේ.
- මානසික සෞඛ්‍යය අධ්‍යයන කාලයේදී රැක ගැනීම අවශ්‍යයි.
- විෂය පථය තේරුම් ගැනීම සහ නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කිරීම වැදගත් වේ.
- අභියෝග මැදින් ඉගෙනුම් ගමන තවදුරටත් දිගහැරීම අත්‍යවශ්‍යයි.
What the video covers
- O/L සමයේ සාමාන්‍ය අධ්‍යයනය සහ විභාග ප්‍රතිඵල පිළිබඳ විස්තර.
- මොනරාගල සිට නුවරට පැමිණ හෝස්ටලයේ ජීවිතය සහ අභියෝග.
- A/L සදහා නුවර ක්ලාස් වලට සහභාගී වීමේ අත්දැකීම්.
- කෙමිස්ට්‍රි විෂයය පිළිබඳ ආසාව සහ අධ්‍යයනයේ අඩුපාඩු.
- ගුරුතුමා සමඟ ඇති වූ ගැටළු සහ ඒවා විසඳීමේ ක්‍රියාමාර්ග.
- ගෘප් ක්ලාස් එකේ සහ විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක ඉගෙනුම් පරිසරය.
- මානසිකත්වය හා අධ්‍යයන ආසාව අතර සම්බන්ධය.
- අධ්‍යයනයේ අසාර්ථක ආරම්භයක් සහ පසුව වැඩි කැපවීම.
- විභාග සදහා සූදානම ගැන සිතුවිලි සහ අනාගත සැලසුම්.
- සමාජීය හා අධ්‍යාපනික අභියෝග මැද ජීවිතය ගෙවීම.
Full Transcript — Download SRT & Markdown
Speaker A
යාලුවෝ ඔක්කොම නුවර ක්ලාස් යනකොට මම මොනරාගල ගිහිල්ලා එහේ ඉතින් ආතල් එකේ ඉන්නවා.
Speaker A
ඔහොම මේ පරක්කු වෙලා වැඩේ පටන් ගන්න හරක්ට වෙනම ආයේ ක්ලාස් එකක් දාලා කරනවා.
Speaker A
මගේ තියෙන මේ ලොකුකම කියලා කියන්නේ මම ඒවට ගියෙත් නැහැ.
Speaker A
හරි උඹ පුළුවන් නම් කෙමිස්ට්‍රි වලට S එකක් දාලා පෙන්නපන්.
Speaker A
මම ක්ලාස් කරන එක නතර කරනවා කියලා කිව්වා.
Speaker A
විභාගය ලං වෙලා තේරෙයි වගේ තමයි තව හිටියා.
Speaker A
තේරුණාද ලබ්බක් කරන්නේ මෙහෙම මට්ටමක ළමයෙක්ට වුණත්.
Speaker A
ඕනෙකම තියෙනවා නම් මෙතනට යන්න පුළුවන්.
Speaker A
ඒක ගන්න.
Speaker A
මම ගැන කියනවා නම් හරි.
Speaker A
මම මේ O/L කාලේ එහෙම පිළිවෙලකට වැඩක් කළේ නැහැ.
Speaker A
එහෙම ලොකු ඕනෙකමක් තිබ්බේ නැහැ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩක් කරන්න පුළුවන්.
Speaker A
අර විශේෂයක් නැහැ ඉතින් කැපී පෙනෙන පොරකුත් නෙවෙයි පාඩුවේ හිටියා.
Speaker A
යාලුවෝ එක්ක ඉතින් ආතල් එකේ සෙල්ලම් කරන් හිටියා.
Speaker A
එහෙම මේ විශේෂයක් නැහැ හරි ඇත්තම කතාව.
Speaker A
එතකොට මේ O/Lත් A 5යි, හරි B 2යි, C 2යි, S 1යි.
Speaker A
කලින් ඒවා ගෘප් ක්ලාස් එකේම ආපු කට්ටිය ඔක්කොම දන්නවා කියලත් තියෙනවා මම.
Speaker A
ඕකෙත් මේ S තියෙන්නේ දෙමළද? ඔව් දෙමළ වලට.
Speaker A
කොපි කරලා ගත්තේ.
Speaker A
B වලින් එක B එකක් තියෙන්නේ සයන්ස් වලට.
Speaker A
කොපි කරලා ගත්තේ.
Speaker A
හරි ඒකත් කොපි කරලා ගත්තේ.
Speaker A
මට සයන්ස් බැහැ ඇත්තටම හරි.
Speaker A
කම්මැලිකමට පාඩම් කරන්නත් සෙට් නැහැ, ඒ සෙට් නැහැ මට කොහොමත් සෙට් නැහැ.
Speaker A
ඉතුරු B එක තියෙන්නේ මේ.
Speaker A
උද්‍යාන පාලනය කියලා මොකක්ද එකක් කළා.
Speaker A
මේ යාලුවෙක් කරපු නිසා ඌගේ පස්සෙන් ගිහිල්ලා මාත් කළා හරි.
Speaker A
ඒ හින්දා ලියන්න තිබ්බේ සෑහෙන්න හරි ඒකටත් B.
Speaker A
C තියෙන්නේ චිත්‍ර සහ ඉංග්‍රීසි සාහිත්‍ය හරි.
Speaker A
ඉතුරු ටික තමයි තියෙන්නේ හරි.
Speaker A
ඉතින් මම මේ මැත්ස් ආසාවෙන් කළා O/L කාලේ.
Speaker A
සමහර පාඩම් ටිකක් ආසාවෙන් කළා.
Speaker A
මේ බුද්ධාගම ටික ආසයි.
Speaker A
සමාජ අධ්‍යනයට ආසයි.
Speaker A
මැත්ස් ආසයි හරි.
Speaker A
එහෙම ටිකක් තිබ්බුනා සිංහලටත් මම ආසයි.
Speaker A
මේ මේ සයන්ස් නම් සෙට්ම නැහැ මට හරි.
Speaker A
ඒවා තමයි හරි.
Speaker A
ඉතින් මම මේ කියන්නේ කිසි මේ.
Speaker A
මෙහෙම එකෙක් ගැන කතා කරන්නත් ඕනේ නැහැනේ ඇත්තටම හරි.
Speaker A
මෙහෙම එකෙක් ඇයි කතා කරන්නේ මේ ගැන වගේ එකක් තියෙනවානේ.
Speaker A
මම කියන්නේ මම එහෙම එකෙක් හරි.
Speaker A
එහෙම විශේෂයක් නැහැ මගේ හරි.
Speaker A
ඊටපස්සේ A/L කරන්න එනවා.
Speaker A
මම ඉන්නේ ඒ කියන්නේ මගේ ගෙවල් මොනරාගල මම ඉන්නේ නුවර මම ඉස්කෝලේ යන්නේ නුවර සෙන්ට් ඇන්තනීස්.
Speaker A
එතකොට මම හොස්ටල් එකේ ඉන්නේ.
Speaker A
එතකොට දැන් 6 වසරේ ඉඳලා මම හොස්ටල් එකේ.
Speaker A
එතකොට මට මේ අර ගෙදර යනවා කියන එක නිකන් හෙන ආස හිතෙන දෙයක් මට හරි.
Speaker A
ගෙදර ඉන්නවා හරිම අඩුයිනේ පොඩි කාලේ ඉඳන් මම හොස්ටල්නේ.
Speaker A
එතකොට අර O/L ඉවර වෙලා මාස 6ක නිවාඩුවක් තියෙනවා කියන එක මේ.
Speaker A
සෑහෙන කාලයක් ඉඳලා බලන් හිටපු නිවාඩුවක් ඒක හරි.
Speaker A
මාස 6ක නිවාඩුවක් හම්බෙනවානේ O/L ඉවර වෙලා වගේ වුණාම මේක හිතාගන්න බැහැ.
Speaker A
ඇත්තටම දෙනවද වගේ දෙතුන් වතාවක් අහලත් තියෙනවා අපි හරි.
Speaker A
සමහර මේ O/L ඉවර වුණා විතරයි ගෙදර ගියා.
Speaker A
හෑන්ඩ්බිල් බෙදන්න ඇති එකක්වත් ගත්තෙත් නැහැ.
Speaker A
ගෙදර යන්න මානසිකත්වයක තමයි හිටියේ මාස 6ක් ගෙදර ඉන්න පුළුවන් කිව්වාම හරි.
Speaker A
ගියා.
Speaker A
හරි දැන් නුවර ක්ලාස් දැන් යාලුවෝ ඔක්කොම නුවර ක්ලාස් යනකොට මම මොනරාගල ගිහිල්ලා.
Speaker A
එහේ ඉතින් ආතල් එකේ ඉන්නවා හරි.
Speaker A
දැවකට පැන පැන නා නා නාලා ආතල් එකේ ඉන්නවා හරි.
Speaker A
එතකොට කොහොමහරි මේ එහෙත් ක්ලාස් එකකට ගියා මම එහෙම පිළිවෙලකට ගියේ නැහැ ඉතින්.
Speaker A
කිසිම ඔලුවේ නැහැ ඉතින් මේක මේක අමාරුද ලේසිද මොකක්වත් අදහසක් නැහැ හරි.
Speaker A
ඊටපස්සේ ඒ මාස 6 ඉවර වෙලා එනවා A/L.
Speaker A
නුවර ක්ලාස් යන්න එනවා.
Speaker A
O/L රිසල්ට් ආවට පස්සේ දැන් ඉස්කෝලේ පටන් ගත්තටත් පස්සේ තමයි මම එන්නේ හරි නුවරට හරි.
Speaker A
ඒ ඇවිල්ලා එතකොට මේ යාලුවෝ යන ක්ලාස් මොනවද කියලා බලලා ඉතින් ඒවටම යනවා.
Speaker A
මම අර මගේ යාලුවෝ ටික යන හෝල් ක්ලාස් එකටම ගියා.
Speaker A
ඉතින් මෙලෝ හසරක් මට තේරෙන්නේ නැහැ හරි.
Speaker A
මම ඒත් හිතුවා තේරෙන්නේ නැති එක අවුලක් නැතිව ඇති ඒකේ හැටි කියලා මම හිතුවේ ඇත්තටම හරි.
Speaker A
ගොඩක් අයට තේරෙන්නේ නැති එක සාමාන්‍ය දෙයක්.
Speaker A
A/L සයන්ස් අමාරුයිනේ.
Speaker A
හා එහෙනම් තේරෙන්නේ නැති එක වෙන්න පුළුවන් හරි.
Speaker A
එහෙම තමයි හිටියේ.
Speaker A
ඔයාලා ගොඩක් දෙනෙක් එහෙම ඉන්නේ.
Speaker A
ඔයාලා සමහරු තේරෙන්නේ නැහැ.
Speaker A
ඒත් ඉන්නවා හිතනවා ඒකේ හැටි.
Speaker A
හරි ඒකේ හැටි තේරුණේ නැතත් මේක ලියාගෙන ගියාම ඇති.
Speaker A
අන්න ඒ වගේ තැනක ඉන්නේ හරි.
Speaker A
මම හිතුවේ ඒකේ හැටි කියලා.
Speaker A
මම දැන් ඒ කියන්නේ මේක හෙන නිකන් හෙන දරුණු දෙයක් මේක තේරුම් ගන්න අමාරු දෙයක් මේක කරනවා නෙවෙයි.
Speaker A
ඒවා ඉතින් අපි ලියන් ගියත් ඇති ගිහිල්ලා පස්සේ කාලෙක තේරෙයි.
Speaker A
එහෙම වෙන්නේ නැහැ හරි.
Speaker A
ඉතින් මේ ඔන්න ඔහොම තමයි වැඩේ පටන් ගත්තේ.
Speaker A
තනිකරම අසාර්ථකයි හරි.
Speaker A
ඇරඹුම අසාර්ථකයි.
Speaker A
ඉතින් එහෙම වැඩේ පටන් ගත්තට පස්සෙත්.
Speaker A
විෂයන් තුනේ ක්ලාස් යනකොට මේ.
Speaker A
ඒ විෂයන් තුනෙන් ස්පීඩ් එක අඩුවෙන්ම කරපු ක්ලාස් එක තමයි කෙමිස්ට්‍රි ක්ලාස් එක.
Speaker A
එතකොට ඉතුරු දෙක නම් මට මෙලෝ දෙයක් තේරුණේ නැහැ.
Speaker A
කෙමිස්ට්‍රි පොඩ්ඩක් විතර තේරුණා මොකද මේ අර ඒක ටිකක් තාම ගොඩක් ලොකු ප්‍රමාණයක් කරලා තිබ්බේ නැහැ.
Speaker A
අර මුල් ටික ඇත්තටම තියරි වගේනේ තියෙන්නේ කෙමිස්ට්‍රි වල.
Speaker A
ඒකේ ඉතින් මේ නෝට් එකත් මම හෙන ආසාවෙන් ලිව්වා.
Speaker A
මගේ ඔය අත් අකුරු බෝල අකුරු තියෙන්නේ හරි.
Speaker A
මේ දැන් නම් කැතයි.
Speaker A
හරි එනකොට මේ බෝල අකුරු තියෙන්නේ.
Speaker A
මම හෙන ආසාවෙන් ලිව්වා නෝට් එක මට මතකයි කෙමිස්ට්‍රි හරි.
Speaker A
අනිත් ඒවට නෝට්වත් නැහැ හරි.
Speaker A
කෙමිස්ට්‍රි පොඩ්ඩක් ආසාවෙන් ලිව්වා.
Speaker A
මම ඒ කියන්නේ මාස ගාණක් නෙවෙයි මාස එකක් දෙකක් විතර හරි.
Speaker A
මාස එකක් දෙකක් ආසාවෙන් ලිව්වා.
Speaker A
එතකොට මේ ඒකෙත් පොඩි සිද්ධියක් වෙනවා.
Speaker A
මම ගෘප් ක්ලාස් එකේත් ඔය කතාව කියලා ඇති.
Speaker A
ඒ කියන්නේ දැන් ක්ලාස් එකේ ඉන්නකොට මේ එක දවසක් මට මතකයි.
Speaker A
හෝල් එකේ ලොකු ළමයි 1000කට එහා ඉන්න ක්ලාස් එකක් මේක.
Speaker A
ඉස්සරහා යාලුවෝ ටික වටේට ඉඳලා මමත් වටේට ඉඳලා හිටියේ.
Speaker A
ඉතින් මොකක් හරි මාව නැගිටලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
Speaker A
එදා ඉතින් මම තනි ඒ කියන්නේ මම පුළුවන් තරම් ආසාවෙන් හිටපු ක්ලාස් එක හරි.
Speaker A
මම අහගෙන හිටියා ඒක.
Speaker A
ඒ නිසා අහපු ප්‍රශ්නෙට මේ මම උත්තරේ දුන්නා කොහොමහරි ඒක හරි.
Speaker A
හරි ඊටපස්සේ මාව මේ වාඩි කරෙව්වා.
Speaker A
ඉතින් මේ ආ හෙන මේ හෙන හරි දැන් මරු පොත මරු පුතා වගේ නිකන් මාව වාඩි කරලා.
Speaker A
ඉතින් හෙන සතුටින් කතාව වැඩේ කරන් ගියා හරි.
Speaker A
එතකොට ඒකේ ක්ලාස් එකේ පොඩි අවුලක් තියෙනවා.
Speaker A
මේ වටපිට බලන්න තහනං.
Speaker A
හරි මෙහෙ බලන්න බැහැ.
Speaker A
මෙහෙ බලන්න බැහැ.
Speaker A
ගුරුවරයා දිහා බලන් ඉන්න ඕනේ හැමදේටම ඔලුව හලලා අර මේ අර සැදැහැසිතින් ඉන්න ඕනේ හරි.
Speaker A
මොනවද හිනා වෙලා හරි.
Speaker A
මූණ එල්ලන් ඉන්න බැහැ හරි.
Speaker A
හිනා වෙලා ඉන්න ඕනේ දැන් ගුරුතුමාට නැත්නම් අවුල් යනවා හරි.
Speaker A
අපි එතකොට හිනා වෙලා ඉන්න ඕනේ මෙහෙම කරලා අර මාර සතුටුයි සර් අපිට කියලා.
Speaker A
එහෙම ඉන්න ඕනේ හරි.
Speaker A
එක වෙලාවක මේ ඔය මම ඔය යන ක්ලාස් එක මහනුවර මේ වැවරූමි තියෙන්නේ.
Speaker A
එතකොට මේ වඳුරෝ යනවා ඉතින් එක පැත්තෙන් හරි.
Speaker A
උනුත් උන්ගෙත් වැඩේ කෙළවරෙන් යනවා හරි.
Speaker A
උන් නිකන් යන්නෙත් නැහැනේ.
Speaker A
ආතල් එකේ ඉඳින්නේ යන්නේ හරි.
Speaker A
එක වෙලාවක ඉතින් පොඩ්ඩක් වඳුරෙක් දිහා බැලුවා.
Speaker A
පොඩි වෙලාවකට බැලුවේ හොඳේ.
Speaker A
නැගිට්ටෙව්වා.
Speaker A
හරි නැගිට්ටවලා මේ බැන බැන ගියා හරි.
Speaker A
උඹ වගේ උන් හදන්න බැහැ අරක මේක.
Speaker A
මේ ටිකට කලින් මම උත්තරයකුත් දුන්නා හරි.
Speaker A
හදන්න බැහැ එහෙම කියලා මේ සර්ට තරහා ගිහිල්ලා ස්ටේජ් එකෙන් බැහැලා ගියා හරි.
Speaker A
ස්ටාෆ් රූම් එකට.
Speaker A
හරි මේක හෙන ධාර්මික ක්ලාස් එකක්.
Speaker A
මේ මේ ධාර්මික ගුරුවරයා තරහා කරගත්තොත් නිකන් පව් සිද්ධ වෙනවා වගේ කාරණා වගේ තමයි ළමයි හිතන් ඉන්නේ හරි.
Speaker A
අර 1000ක් විතර ළමයි ටික ඔක්කොම මම දිහා බලනවා මූ වගේ කාලකණ්ණියෙක් නිසා හරි.
Speaker A
වැඩක් නැහැ රෙදි නැහැ හොඳේ.
Speaker A
හිටගෙන ඉන්නවා දැන් ළමයි 1000ක් විතර හරි.
Speaker A
රත් වෙලා හරි.
Speaker A
ඊටපස්සේ දැන් කට්ටිය කියනවා යන්න යන්න ස්ටාෆ් රූම් එකට ගිහිල්ලා සර්ට කතා කරන් එන්න හරි.
Speaker A
මම ඉතින් ගියා ස්ටාෆ් රූම් එකට හරි.
Speaker A
ගිහිල්ලා සර්ට ඉතින් දැන් සර්ට තරහා ගිහිල්ලා නැත්තේ හරි.
Speaker A
ගිහිල්ලා කතා කරන්නේ මොන පිස්සුද.
Speaker A
ඩයල් එකේ ඉන්නවා තේ එකක් බිබී ඉන්නවා ආතල් එකේ හරි.
Speaker A
හෙන බොරුවක් කරලා තියෙන්නේ.
Speaker A
ඊටපස්සේ මේ ගිහිල්ලා ඉතින් මේ වැඳලා.
Speaker A
සර් එන්න සමාවෙන්න කියලා ඉතින් ආවා එක්කන් එනවා ස්ටේජ් එකට ආවා.
Speaker A
ඊටපස්සේ මම ආයේ ගියා හරි.
Speaker A
ඊටපස්සේ ආයේ දැන් දවස් කීපයක් ගියා ඔය විදිහට ඉතින් වැඩේ යනවා හරි.
Speaker A
ගිහිල්ලා ආයේ දවසක් මම අහුවුණා හරි.
Speaker A
එදා අහුවුණේ වඳුරෙක් දිහා බලන් ඉඳලා නෙවෙයි.
Speaker A
වැදිලියෙක් දිහා බලන් ඉඳලා හරි.
Speaker A
එතකොට ආයේ අහුවුණා.
Speaker A
ආයේ නැගිට්ටෙව්වා.
Speaker A
ආයේ වැන්දා.
Speaker A
ආයේ සර් ගියා හරි.
Speaker A
ආයේ ගියා.
Speaker A
දැන් මටත් පුරුදුයි.
Speaker A
මාත් ආයේ ගියා.
Speaker A
මාත් ගිහිල්ලා ආයේ ස්ටාෆ් රූම් එකට ගිහිල්ලා මම ආයේ කතා කරලා සර්ව එක්කන් ආවා.
Speaker A
හරි එතකොට සර් මට කිව්වා දැන් ආයේ දැන් වැඩක් නැහැ ඉතින් කතා කරලා.
Speaker A
හරි මාව බැනලා මට කිව්වේ කෙලින්ම මේ.
Speaker A
උඹ පුළුවන් නම් කෙමිස්ට්‍රි වලට S එකක් දාලා පෙන්නපන්.
Speaker A
මම ක්ලාස් කරන එක නතර කරනවා කියලා කිව්වා හරි.
Speaker A
කෙමිස්ට්‍රි වලට පුළුවන් නම් S එකක් දාලා පෙන්නනවා මම ක්ලාස් කරනවා නතර කරනවා කියලා කිව්වා හරි.
Speaker A
එහෙම එකෙක් මට ඇහෙනකොට ඔයාට මොකද හිතෙන්නේ ඇත්තේ හරි.
Speaker A
සමහර විට ඔයාට හිතෙනවා ඇති මේ මම හිතාගන්න ඇති හරි මම කරලා පෙන්නනවා වගේ එකක්.
Speaker A
නැහැ මම ඇත්තටම එහෙම හිතුවේ නැහැ.
Speaker A
මම ඇත්තටම හිතුවේ මේ සර් කියන එක හරි වෙන්න ඇති.
Speaker A
සර් ඔච්චර මේ හෙන දඩ පොරක්නේ හරි මේ සමාජයේ ධාර්මික භාවය පතුරවන හරි.
Speaker A
ඒ මොකක්ද.
Speaker A
බොක්කේ.
Speaker A
දඩමස් හරි.
Speaker A
එනකොට ධාර්මික භාවය පතුරවන මේ ගුරුතුමාගේ කටෙන් පිට වෙච්ච මේ හරිද මොකක්ද වචන ටික හරි තමයි කියලා හිතුවේ හරි.
Speaker A
ඇත්තටම මම හිතුවා ඉතින් කියන එක ඇත්ත ඇති.
Speaker A
මට එහෙම බැරුව ඇති හරි.
Speaker A
කොහොමහරි ඉතින් මේ මට කිව්වා දැන් ආයේ මේ ක්ලාස් එකට එනවා නම් මේ ඈතේ තියෙන පඩිවෙල පෙන්නලා.
Speaker A
ඔය පඩියෙන් එහා හිටපන් ළඟ නම් ඉන්න එපා කියලා හරි.
Speaker A
ඊටපස්සේ ඉතින් ඇත්තටම සති කීපයක් මම පිටිපස්සේ හිටියා.
Speaker A
පිටිපස්සේ ඉන්නවා කියන්නේ ඉතින් වැඩක් වෙන්නේ නැහැ ඇත්තටම හරි.
Speaker A
වෙන වැඩ ගොඩාක් කරන ගමන් වෙලාවත් තිබ්බොත් නෝට් එක ලියනවා වගේ එකක් තමයි පිටිපස්සේ හිටියේ හරි.
Speaker A
වැඩේ වුණේ නැහැ.
Speaker A
හරි මම මේ සර්ට බනිනවා නෙවෙයි.
Speaker A
මම සිද්ධියක් ඔයාට කියනවා විතරයි.
Speaker A
මම තමයි වැඩේ අවුල් කරගත්තේ මුලින්ම හරිද.
Speaker A
කොහොමහරි ඉතින් එතනින් එහාට මම කෙමිස්ට්‍රි එකට ගියෙත් නැහැ.
Speaker A
එතකොට ඉතුරු විෂයන් දෙකට කොහොමත් ගියේ නැහැ ඒ වෙද්දි.
Speaker A
කෙමිස්ට්‍රි ගියෙත් නැහැ හරි.
Speaker A
ඊටපස්සේ ඉතින් ක්ලාස් එකටත් ගියේ නැහැ ගියත් තේරෙන්නේ නැහැ හරි.
Speaker A
නන්නත් ආතල් එකේ හිටියේ.
Speaker A
හැබැයි මට මේ ඔය වෙන වෙන දේවල් ටිකක් කළා.
Speaker A
මම අනවුන්සින් කළා.
Speaker A
ඩිබේට් කළා හරි.
Speaker A
ඒ වගේ යම් යම් තැන් වලදී දිනලත් තියෙනවා.
Speaker A
ඒකත් එක්ක පොඩ්ඩක් ඔය මේ ඉස්කෝලේ යම් සමහර කන්ටැක්ස් එක්ක මේ ඔය.
Speaker A
ඔය සද්ධා මංගල සූරිය බණ්ඩාර කියලා ඉන්නේ.
Speaker A
ඔව් දැන් චන්දන සූරිය බණ්ඩාර ඒ දෙන්නා අයියා මල්ලි දෙන්නා අපේ ඉස්කෝලේ හරි.
Speaker A
එතකොට සද්ධා මම දන්නේ නැහැ දැන්.
Speaker A
මම වැඩිය දැන් කන්ටැක්ස් නැහැ මට.
Speaker A
ඒ කාලේ ටීවී චැනල් එකක හිටියේ.
Speaker A
මේ මැනේජින් පෝස්ට් එකක ඉන්නේ.
Speaker A
ඉතින් ඒකත් එක්ක පොඩි කන්ටැක්ස් එකක් තිබුණා එයා ඒ ටීවී චැනල් එකට ගන්න පොඩ්ඩක් ඔය ඔය ඔය පාත් එකේ යන ගමන් වගේ තමයි හිටියේ.
Speaker A
ඒත් ඉතින් මට තේරුණා ඉතින් ඒ මනුස්සයාට මේ මම ගැන බලන්න ඕනේ කමක් නැහැනේ.
Speaker A
හැබැයි ඉතින් පොඩි සම්බන්ධයක් තිබ්බා.
Speaker A
ඉතින් මගේ ඔලුවේ තිබුණා ගොඩ යන්න හා එහෙනම් එක්කෝ මම ටීවී චැනල් එකකට නිව්ස්.
Speaker A
මේ අනවුන්සර් කෙනෙක් විදිහට හරි යනවා.
Speaker A
හරි ඒ වගේ මානසිකත්වයක තමයි ඉතින් මම හිටියේ.
Speaker A
12 වසරේ වැඩක් කෙරුණේ නැහැ, 13 වසරේ වැඩක් කෙරුණේ නැහැ.
Speaker A
ඔහොම.
Speaker A
හැබැයි මම මේ 13ට වගේ යද්දි තේරුම් ගන්නවා.
Speaker A
මේ ඔය ඒ කාලේ තිබ්බ දෑ ටික උඩට වෙලා කියලා.
Speaker A
හරි මේ ඕකේ අනවුන්සින් වලට ගියාට පස්සේ තේරුම් ගන්නවා.
Speaker A
ඉතින් ඒකෙත් අර එක එක චැනල් වලින් ඇවිල්ලා උගන්වනවා හරි.
Speaker A
උගන්වනවා සොරි මේ මේ එක එක ප්‍රසන්ටින් කරනවා හරි.
Speaker A
එයාලත් එක්ක කතා බහ කරද්දි තේරෙනවා මේ A/L නැතුව.
Speaker A
හරි A/L නැතුව ඒ වගේ තැනකට යන එක වුණත් සෑහෙන කට්ටක්.
Speaker A
එතනට ගිහිල්ලා හෙන චාටර් කන්න වෙනවා.
Speaker A
එක එක්කෙනාගේ ඔය මේවට සෙට් වෙන්න යනවා හරි.
Speaker A
සෑහෙන කට්ටක් එතනත් කන්න වෙනවා.
Speaker A
A/L නැතුව එතනට යන එක.
Speaker A
එතනදී මට තේරුණා මේ ඉතින් මම යන්න බලාපොරොත්තු වෙන්නේ එතනටනේ.
Speaker A
එතනත් එහෙම නම් ඉතින් A/L නැතුව යන එක තේරුමක් නැත්නම්.
Speaker A
මම ආපහු සැරයක් එක්කෝ A/L ටික S තුනක් දාගන්නම් කියලා.
Speaker A
A/L S තුනක් දාගෙනම.
Speaker A
මම ඕක ගැන හිතනවා කියලා හරි.
Speaker A
මම සෙකන්ඩ් ට්‍රයි කරන්න තීරණය කළා.
Speaker A
ඔහොම තමයි ඇත්තටම සෙකන්ඩ් ට්‍රයි කරන්න තීරණය කරන්නේ මුලින්.
Speaker A
තාම එතකොට A/L ලියලා නැහැ මම.
Speaker A
ෆ්‍රෙෂ් අයියේ දැන් අන්තිම මාස 4, 5 වගේ.
Speaker A
ඒ කියන්නේ ඔයාට ඕන නම් තේරෙන්නේ නැති මේ එක පාරක් විභාගය ලිව්ව කට්ටිය.
Speaker A
මුලින් 12 වසරේදී හැමෝම එකම වලේ ඉන්නවා වගේ දැනෙනවා.
Speaker A
විභාගය ලං වෙද්දී හැමෝම ඒ වලේ නැහැ වගේ පේනවා.
Speaker A
ඒ කියන්නේ සමහරු කොහොම කොහොමහරි වැඩේ කරගෙන.
Speaker A
අන්තිමට වලේ ඉඳලා තියෙන්නේ අපි තව එකෙක් දෙන්නෙක් විතරයි.
Speaker A
අන්න එහෙම.
Speaker A
හරි ඒ අනිත් උන්ට බනිනවා නෙවෙයි ඇත්තටම හොඳයි.
Speaker A
උන් එහෙම වැඩේ කරගත්ත එක.
Speaker A
අපි විතරයි එතකොට බලනකොට වලේ ඉඳලා තියෙන්නේ හරි.
Speaker A
අනිත් උන් ගෙදර ගිහිල්ලා හරි කොහොමහරි කරගෙන වැඩේ.
Speaker A
ඉතින් ඔය විභාගය ලං වෙලා අන්තිම මාස 3, 4 කියලා කියන්නේ මේ මාර ප්‍රෙෂර් එකක් එන කාලයක් හරි.
Speaker A
දැන් අපි අපි විතරක් අනාතයි.
Speaker A
විභාගයෙන් පස්සේ මොකද වෙන්නේ.
Speaker A
ෆේල් වුණාට පස්සේ මොකක්ද එතනින් එහාට.
Speaker A
අපි ඒවා මොකුත් දන්නේ නැහැනේ.
Speaker A
කොහෙවත්.
Speaker A
දැන් අපි 9 වසරේදී රෑට ඉන්න නිදේ යන්නේ නැති තරම් බය හිතෙන්නේ නැහැනේ.
Speaker A
10 වසරට ගියාම මොකද වෙන්නේ කියලා.
Speaker A
එහෙම හිතන්න ඕනේ නැහැ.
Speaker A
10 වසරට යනවා ඉතින් පොත් ටිකක් හම්බෙනවා වැඩේ කරනවා.
Speaker A
එහෙමනේ.
Speaker A
13 ෆේල් වුණාට පස්සේ මොකද කරන්නේ.
Speaker A
හිතාගන්න බැහැ එතකොට හරි.
Speaker A
ඉතින් ෆේල් වෙනවා කියන එක දන්නවා.
Speaker A
එතනින් එහාට මොකද කරන්නේ කියලා හිතාගන්න බැහැ.
Speaker A
ඉතින් ඔය මාස ටිකේ ඇත්තටම ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බා හරි.
Speaker A
එතකොට එහෙම තමයි වැඩේ A/L විභාගය දක්වා යන්නේ.
Speaker A
මම කල්පනා කරනවා විභාගය ලියන්නේ නැතුව ඉන්නවද කියලා කල්පනා කළා.
Speaker A
මට හැබැයි මම ලියනවාම කියලා හිතුවා.
Speaker A
මොකද දන්නවද.
Speaker A
මට දැන් ඇත්තටම ලොකු වේදනාවක් තිබ්බා.
Speaker A
ඒ කියන්නේ.
Speaker A
මම මොනරාගල.
Speaker A
අපේ අම්මයි තාත්තයි රාජ්‍ය සේවකයෝ.
Speaker A
එතකොට සාමාන්‍යයෙන් පොඩි පඩියක් එනකොට හම්බෙන්නේ.
Speaker A
ඒකෙන් එයාලා මට අයියා කෙනෙක් ඉන්නවා.
Speaker A
එතකොට අයියට වියදම් කරනවටත් වඩා මට වියදම් කරලා.
Speaker A
මම ශිෂ්‍යත්වය පාස් වුණාට පස්සේ නුවර ඉස්කෝලෙකට එවලා.
Speaker A
ඒ 6 වසරේ ඉඳලා 11 වසරේ වෙනකන්.
Speaker A
එයාලා නෙවෙයි දැන් 13නේ.
Speaker A
13 වසරේ වෙනකන් එයාලා මාර කට්ටක් කෑවා ඇත්තටම හරි.
Speaker A
ඒ කියන්නේ ගෙවල් ඔය මාව බලන්න එන එකවත් ලේසි නැහැ.
Speaker A
ඒ කියන්නේ දැන් නම් ටිකක් බස් එහෙම තියෙනවා.
Speaker A
ඉස්සර බස් එකයි දෙකයි තිබ්බේ.
Speaker A
ඒ කියන්නේ උදේ 4 බස් එකක් තියෙනවා මොනරාගලින්.
Speaker A
ඒක එනවා 12ට ආයේ මම හිතන්නේ ඒ බස් එකම 1.30ට හරි 2ට හරි යනවා.
Speaker A
ඒ බස් එක විතරයි හරි.
Speaker A
ඒ බස් එක කැඩුනොත් එහෙම සදා අනාතයි.
Speaker A
එතකොට වෙන බස් වල මගින් මගට එහෙම එන්න තියෙන්නේ හරි.
Speaker A
ඒක ලේසි නැහැ.
Speaker A
ඒ පාරත් එච්චරම ලේසි නැහැ.
Speaker A
ඔය 18 වංගු එහෙම පස්සේ කාලෙක හදන්නේ.
Speaker A
ඒ ඉස්සර ඉස්සර 18 වංගු හරි භයානකයි.
Speaker A
මේ 18 වංගු ඒ කියන්නේ මහියංගනය තියෙන පාරක් ඔයාලා අහලා ඇති.
Speaker A
මේ ඉස්සර හොඳේ.
Speaker A
එනකොට ඒ බස් වල එහෙම රේඩියෝ දාලා තියෙනවා රේඩියෝ එක පවා ඕෆ් කරනවා මොකද ඒ තරම් අරක සීරියස් එතනින් යන එක හරි.
Speaker A
එහෙම දැන් නම් එහෙම නැහැ ඉතින් හරි.
Speaker A
ඒ ටිකේ මාර ආතල් එකේ යන්න පුළුවන්.
Speaker A
මේ හොඳට පාර ලොක් වෙලා තියෙන්නේ.
Speaker A
හරි කොහොමහරි මේ ඔහොම කතන්දරයක් ඉතින්.
Speaker A
ඒ මොනරාගල ඉඳලා නුවර ඉස්කෝලේ එනවා කියන එක මට විතරක් නෙවෙයි.
Speaker A
ඒ කියන්නේ මට වඩා ඇත්තටම අපේ ගෙදර කට්ටියට ලොකු කට්ටක් තිබ්බා.
Speaker A
ඉතින් මට හිතුණා මට ඒ කියන්නේ මට එහෙම කරන්න වීම තුළ සමහර විට අපේ අයියට ලැබිච්ච ප්‍රමාණය අඩුවකුත් ඇති හරි.
Speaker A
ඒකත් මගේ ඔලුවේ තියෙනවා.
Speaker A
ඉතින් මේ ඔක්කොම කරලත් මම කරගත්ත දෙයක් නැහැනේ අන්තිමට.
Speaker A
මම A/L කරගෙන නැහැනේ.
Speaker A
ඉතින් මම ඉස්කෝලෙට එන්න අරමුණ මොකක් හරි.
Speaker A
ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ.
Speaker A
මම ඉතින් කර කරගත්ත දෙයක් නැහැනේ වගේ එකක් තියෙනවා හරි.
Speaker A
ඒක මාර දුකක්.
Speaker A
විභාගය ලං වෙද්දි තමයි ඕක මාර විදිහට හිතෙන්න ගන්නේ.
Speaker A
ඒක මාර දුකක් හරි.
Speaker A
එතකොට මේ.
Speaker A
ඊටපස්සේ දැන් ඕකත් එක්ක මම හිතුවා සෙකන්ඩ් ට්‍රයි කරන්න කියලා.
Speaker A
මම කිව්වනේ මට දැන් මොකක්ම හරි ක්‍රමයකට ගොඩ යන්න තමයි ඕනේ.
Speaker A
මොනවා හරි විදිහකට හරි මොකක් හරි රිසල්ට් එකකින් ගොඩ යන්න ඕනේ.
Speaker A
කැම්පස් යන මානසිකත්වයක් මගේ නැහැ.
Speaker A
මම දැන් දන්නවා මට ඒ වගේ දෙයක් කරන්න බැහැ කියලා හරි.
Speaker A
මොකද මම හෙනටම බින්දුවේ හිටියේ.
Speaker A
කොච්චරම වැටිලා හිටියාද කියලා මම ඔයාට කියන්නම්.
Speaker A
අන්තිම වාර විභාගේ හරි.
Speaker A
මම මේ සිද්ධිය මම කියන්නේ ඒ මම කොයි මොන වගේ මට්ටමද හිටියේ කියලා කියන්න.
Speaker A
අන්තිම වාර විභාගේ ඒ කියන්නේ 13 වසරේ අන්තිමට තිබ්බ එක.
Speaker A
කෙමිස්ට්‍රි තමයි තියෙන්නේ දැන් අපේ ලැබ් එක එක්ක තමයි පේපර් එක කරන්නේ.
Speaker A
මම පිටිපස්සේ ඉන්න කොල්ලෙක් එක්ක කයියක් ගහගෙන ඉන්නවා හරි.
Speaker A
එතකොට දැන් මේ අපේ පන්ති භාර ගුරුතුමා තමයි කෙමිස්ට්‍රි කරන්නේ.
Speaker A
කොටියා කියලා අපි කියන්නේ හරි.
Speaker A
එයා දැන් එළියේ ඉඳලා එනවා හෝල් එකට.
Speaker A
එයා දකිනවා මම කයියක් ගහගෙන ඉන්නවා පිටිපස්සේ එකෙක් එක්ක.
Speaker A
ඊටපස්සේ දැන් ඒ සර් දැන් මම දිහා බලාගෙන රවාගෙන වගේ ගියා.
Speaker A
දැන් අපේ හෝල් එකේ මැඩම් කෙනෙක් හිටියේ දැන් හෝල් එක බලන්න.
Speaker A
ඒ මැඩම් ගාවට ගිහිල්ලා මොනවදෝ කියනවා.
Speaker A
මාත් දැන් ඉස්සරහා හැරුණා හරි.
Speaker A
මම දැන් මෙහෙම ඉතින් හිටියා පාඩුවේ හරි.
Speaker A
සර් ආවා මම ගාවට හරි.
Speaker A
ඊටපස්සේ දැන් පේපර් එක කෝ ගනින් පේපර් එක කිව්වා.
Speaker A
දැන් මම පේපර් එක මොකුත් ලියලා නැහැ.
Speaker A
මම දන්නේ නැහැ ලියන්න හරි.
Speaker A
මොකුත්ම දන්නේ නැහැ.
Speaker A
ඒ කියන්නේ නිකමට හිතන්න රෙඩොක්ස් තුලිත කිරීමක්වත් මම දන්නේ නැහැ.
Speaker A
ෆ්‍රෙෂ් අයියේ දන්නේ නැහැ.
Speaker A
දන්නේ නැහැ මොකක්වත් හරි.
Speaker A
එතකොට පේපර් එක ගත්තා.
Speaker A
අර මුලින්ම ඉතින් රදර්ෆර්ඩ් හරි මොනවා හරි පොඩි දේවල් ටිකක් තියෙනවානේ.
Speaker A
ඒ චුට්ට විතරයි දන්නේ හරි.
Speaker A
ඒ එතනින් එහාට තමයි අර ක්ලාස් එකෙන් එළෙව්වේ හරි.
Speaker A
එතකොට මේ හරි.
Speaker A
දැන් ගත්තා පේපර් එක.
Speaker A
ඒකේ තිබුණා මේ ඕගනික් පරිවර්තනයක් හොඳේ.
Speaker A
ඒ පරිවර්තනය එයා මට පිළිවෙලට කියාගෙන ගියා.
Speaker A
දැන් මේක මේ මම ගොතලා කියන කතාවක් නෙවෙයි.
Speaker A
මගේ ජීවිත අත්දැකීම් මම මේවට කියන්නේ හරි.
Speaker A
පිළිවෙලට කියාගෙන ගියා හරි.
Speaker A
උඹ මෙතනට මේක දාපන් මෙතනට මේක දාපන් මෙතනට මේක දාපන් මෙතන හැදෙන්නේ වෙන්නේ මේක.
Speaker A
දැන් මට වචනවත් මතක නැහැ.
Speaker A
ඒ කිව්වේ මොකක්ද කියලා.
Speaker A
මම දන්නේ නැහැනේ හරි.
Speaker A
අර වටේට ලියපු උන් ටික පුදුම වෙලා බලනවා දැන් මේ සර් ඇත්තටම උත්තරේ කියලා තියෙන්නේ.
Speaker A
ඇත්තටම උත්තරේ කියලා තියෙන්නේ හරි.
Speaker A
දැන් පේපර් එක එකතු කරන්න තව විනාඩි 5ක් වගේ තියෙන්නේ.
Speaker A
ඇත්තටම උත්තරේ කියලා තියෙන්නේ.
Speaker A
හා දැන් ලියපන්කෝ කියලා කිව්වා මට හරි.
Speaker A
උත්තරේ කියලා හා දැන් ලියපන්කෝ කියලා කිව්වා.
Speaker A
මම ඇත්තටම ලියන්න දන්නේ නැහැ.
Speaker A
ඒ කියන්නේ කිව්වට හරි.
Speaker A
දැන් ඇනලීන් කියලා කිව්වට ඒක ලියන්න මම දන්නේ නැහැ.
Speaker A
මම දන්නේ නැහැ ඒක ලියන විදිහ හරි.
Speaker A
මම දන්නේ නැහැ.
Speaker A
මරුම වැඩේ කියන්නේ.
Speaker A
මම දන්නේ නැහැ කියන්නේ සර් දන්නවා හරි.
Speaker A
ඒ කියන්නේ උගන්වන ගුරුවරයා දන්නවා මට ඒක බැහැ කියලා හරි.
Speaker A
සර් දැන් බැලුවා හා දැන් ලියපන්කෝ.
Speaker A
දැන් මට ලියාගන්න බැහැනේ.
Speaker A
සර් අනිත් පැත්ත හැරිලා අර මැඩම්ට කිව්වා මූට ලියන්න බැහැ.
Speaker A
හරි මාර ආදරෙයි මම මේ සර්ට මම කිව්වට හරි.
Speaker A
ඉතින් ඔහොම තමයි මගේ මට්ටම.
Speaker A
ඔය වගේ මට්ටමක් තිබ්බේ හරි.
Speaker A
ඔය ඉතින් අන්තිම වාරේනේ.
Speaker A
ඉතින් ඒ වගේ තත්ත්වයකින් තමයි වැඩේ අවුල් කරගෙන මේ ඉවර වුණේ.
Speaker A
අර මම කිව්වනේ අන්තිම මාස තුන ඔය ඔය ආතල් නැහැ අන්තිම මාස තුනේ මාර විදිහට මෙන්ටලි වැටිලා හිටියේ හරි.
Speaker A
මොකක්ද මම මේ කළේ.
Speaker A
අර අම්මලා තාත්තලා මොකක්ද කළේ.
Speaker A
මට මතකයි මාව පොඩි කාලේ ඒ කියන්නේ මගේ ඇඳුම් පවා හෝදන්න තාත්තා මොනරා මේ මහියංගනේ පොලීසියේ වැඩ කළේ හරි.
Speaker A
සමහරක් වෙලාවට බස් එකෙන් එනවා.
Speaker A
ඇවිල්ලා ඇඳුම් හෝදලා දෙන්න යනවා.
Speaker A
හවස ඇවිල්ලා ඇඳුම් ටික හෝදලා දෙනවා හරි.
Speaker A
ඒවා ඔක්කොම මතක් වෙනවා අර වැඩක් නැහැ කතා කරලා හරි.
Speaker A
ආයේ සැරයක් වෙලාව වෙලාව කරකවලා ආයේ 12 වසරේ මුලට යන්න තිබුණා නම් කියලා හිතිච්ච වාර ගණන් අනන්තයි හරි.
Speaker A
මොකක්ද මම මේ කරගත්තේ කියලා හරි.
Speaker A
ඊටපස්සේ තමයි සෙකන්ඩ් ට්‍රයි එක පටන් ගන්නේ.
Speaker A
සෙකන්ඩ් ට්‍රයි එක පටන් ගෙන.
Speaker A
දැන් තව දැන් පළවෙනි මාස ටිකේ මම වැඩ කළා ඇත්තටම හරි.
Speaker A
පළවෙනි මාස ටිකේ වැඩ කළා ඒත් පළවෙනි මාස ටිකේ වැඩ කළා කියලා කිව්වොත්.
Speaker A
ඒකෙත් පළවෙනි දවසේ පොඩි අවුලක් වුණා.
Speaker A
පළවෙනි දවසේ මමයි මගේ යාලුවයි ඉන්ටර්වල් එකේ ක්ලාස් එකෙන් පැන්නා හරි.
Speaker A
ඒ ක්ලාස් එකේ වෙන ක්ලාස් එකක් හොඳේ.
Speaker A
මේ ඒකේ දැන් ඔන්න උදේ එනවා මේ නම් නම් ලකුණු කරන්න මොකක්ද වෙන්නේ ලිස්ට් එකක් හරි.
Speaker A
ලිස්ට් එකක් එනවා ඉතින් ඒකේ අපේ නමත් ලිව්වා.
Speaker A
සයින් එකත් ගහලා යැව්වා.
Speaker A
ඉන්ටර්වල් එකේ ක්ලාස් එකෙන් පැන්නා.
Speaker A
පස්සේ තමයි දන්නේ ඉන්ටර්වල් එකෙන් පස්සේ තව තව ලිස්ට් එකක් එවනවා ඒකේ හරි.
Speaker A
ඒ දෙකේ දෙකේම නම් නැති උන් බලලා කතා කරනවා.
Speaker A
ආයෙත් අහුවුණා හරි.
Speaker A
වැඩක් නැහැ ඉතින්.
Speaker A
ඉතින් හරකම තනිකර හරකා හරි.
Speaker A
ඊටපස්සේ ආපහු සැරයක් මායි යාලුවයි කෝල් නම්බරුත් තියෙනවා ඒකේ කෝල් කරලා.
Speaker A
එන්න ලබන සතියේ කියලා.
Speaker A
ඊටපස්සේ ආයේ සර්ට බැනුම් අහලා තමයි වැඩේ පටන් ගත්තේ.
Speaker A
හැබැයි මට දැන් වැඩේ වෙනස් කරන්න ඕනේ.
Speaker A
මට හොඳටම මතකයි මට මේකේ ඇති දැන්.
Speaker A
මට මේ ඒ කියන්නේ එපා වෙලා තිබුණේ මේ මෙච්චර නිකන් බැරි කෙනෙක් විදිහට කැටගරයිස් වෙනවනේ හරි.
Speaker A
පන්තියේ වුණත් එහෙමනේ.
Speaker A
වැඩ කරන උන් ටික කතා කරන තැනට වැඩ නොකරන එකෙක් ආවම ඌත් එක්ක කතා කරන්න දෙයක් නැහැනේ අරුන් සෙට් එකට.
Speaker A
දැන් ගාණක් ගැන කතා කර කර ඉන්නවා.
Speaker A
හරි මැටි හරකෙක් එතනට එනවා.
Speaker A
දැන් අර ගාන ගැන කතා කරන්න බැහැනේ මේ මනුස්සයාට ඕක තේරෙන්නේ නැහැ.
Speaker A
එතකොට මේ මනුස්සයාත් එක්ක එක්කෝ මැච් එකක් ගැන කතා කරනවා හරි.
Speaker A
එක්කෝ අද වහිනවා නේද කියලා කතා කරනවා.
Speaker A
ඉතින් මම තමයි ඒ මැටි හරකා හරි.
Speaker A
ඒ නිසා මට ඒක ඇති වෙන්න ඒ කියන්නේ මම ආතල් එකේ හිටියා එතන.
Speaker A
හැබැයි මම මෙන්ටලි ඒකට කැමති නැහැ හරි.
Speaker A
ඒ කියන්නේ මම ඕනෙකමෙන් කළේ නැහැ කියන්නේ මම දන්නවා.
Speaker A
ඒ නිසා මට මේක ඕනෙකමෙන් කරන්න ඕන වෙලා තිබුණේ.
Speaker A
සෑහෙන මම දන්නේ නැහැ.
Speaker A
මට කවදාවත් හිතලා තිබුණේ නැහැ මට මෙහෙම A 3ට යන්න එහෙම පුළුවන් වෙයි කියලා කියන්න.
Speaker A
මගේ අරමුණ තිබුණේ හරි S 3ක් මත් දාගන්නම්කෝ.
Speaker A
මොකක් අමාරුවෙන් හරි කරලා.
Speaker A
මම හිතුවේ මට කෙමිස්ට්‍රි එහෙම සෙට් වෙන්නේම නැහැ කියලා හරි.
Speaker A
සෙකන්ඩ් ට්‍රයි එක පටන් ගත්තා මුල් ටිකේ ඒත් අමාරුයි හරි.
Speaker A
මහන්සි වුණා සෑහෙන්න.
Speaker A
පළවෙනි මාස දෙක දෙක තුනක් මාස දෙකක් විතර පන්නට පස්සේ තමයි ලොකු වෙනසක් එක පාරට නෝටිස් වෙන්නේ හරි.
Speaker A
ඒ වෙනස වුණත් එන්නේ මෙහෙම.
Speaker A
මම පස්සේ දන්නවා මේ දේවල්.
Speaker A
දැන් දන්නවා ගුරුවරයෙක් විදිහට මේක දන්නවා මම.
Speaker A
මෙන්න මෙහෙම වර්ධනයක් වෙන්නේ හරි.
Speaker A
එතකොට මේ පළවෙනි මාස දෙක තුනේ ලොකුවට පේන්නේ නැහැ.
Speaker A
හැබැයි යන්නේ හරි පාරේ.
Speaker A
යන්නේ හරි පාරේ.
Speaker A
ඒක අවසාන මාස වලට එනකොට තමයි ලොකුවට පේන්නේ.
Speaker A
ඒ නිසා ළමයින්ට වෙන්නේ මෙහෙම වෙනකොට ගොඩක් කට්ටිය ආපහු සැරයක් අතහරිනවා.
Speaker A
අනේ ඉතින් මම මේ පාර කළත් වැඩක් නැහැනේ කියලා.
Speaker A
මාස එකක් දෙකක් කරනවා.
Speaker A
වැඩේ අතහැරලා දානවා.
Speaker A
මගේ වාසනාවට මම එහෙම කරලා නැහැ හරි.
Speaker A
මම වැඩේ කරගෙන ගියා.
Speaker A
එතකොට මට ඕක තව ටිකක් හිත රිදෙන තැනකට ආවා.
Speaker A
රිසල්ට් එන්නේ මාස තුනකට විතර පස්සේනේ.
Speaker A
ඒ රිසල්ට් එන දවස වෙනකොට අපේ අම්මා ටීචර් කෙනෙක්.
Speaker A
අපේ අම්මා තව ටීචර්ස්ලා කීප දෙනෙක් එක්ක මොකක් හරි ඔය මොකක් හරි කෑම හවුලකට ගිහිල්ලා එහෙම තැනක තමයි හිටියේ හරි.
Speaker A
එතකොට ඒ අම්මගේ හොඳම යාලුවෙක් විදිහට තව ටීචර් කෙනෙක් ඉන්නවා.
Speaker A
එයාගේ දුව එයත් ලිව්වා ඒ පාර එක්සෑම්.
Speaker A
එයා මට අවුරුද්දක් වැඩිම එයා සෙකන්ඩ් ට්‍රයි ලිව්වේ.
Speaker A
එතකොට දැන් මමත් එතකොට ලියලා තියෙන්නේ.
Speaker A
දැන් අර ප්‍රතිඵලය එන වෙලාවේ දැන් අර එන්න ඒ ගුරුවරු කීප දෙනාගේ.
Speaker A
දැන් ටීචර්ස්ලා දෙන්නෙක්ගේ ළමයි දෙන්නෙක්ගේ ප්‍රතිඵල එනවා.
Speaker A
එක කෙනෙක් මම.
Speaker A
අනිත් එක්කෙනා අර මම කිව්වා අක්කා.
Speaker A
එතකොට මම සබ්ජෙක්ට් තුනම ෆේල් හරි.
Speaker A
ගෞරවාන්විත විදිහට ෆේල් හරි.
Speaker A
මොනරාගල ඉඳලා නුවර ඉස්කෝලේ එවලා හරි.
Speaker A
අවුරුදු ගාණක් තියලා සබ්ජෙක්ට් තුනම ෆේල්.
Speaker A
අර අනිත් ටීචර්ගේ දුව එයා ඩිස්ට්‍රික් එකේ දෙවැනියා හරි.
Speaker A
හිතන්නකෝ එතන හිටපු ටීචර්ස්ලා ටිකට දැන්.
Speaker A
අනිත් ටීචර්ස්ලාට මොනවා හිතෙන්න ඇත්ද කියලා.
Speaker A
ඒ කියන්නේ එක ටීචර් කෙනෙක්ගේ ළමයා ගැන සතුටු වෙන්නත් ඕනේ.
Speaker A
අනිත් ටීචර්ගේ ළමයා ගැන දුක් වෙන්නත් ඕනේ.
Speaker A
අපේ අම්මට මොනවා හිතෙන්න ඇත්ද.
Speaker A
තමන්ගේ ළමයා ෆේල් වෙච්ච එකට දුක් වෙන්නත් ඕනේ.
Speaker A
අර තමන්ගේ හොඳම යාලුවාගේ ළමයා ඩිස්ට්‍රික් එකේ දෙවැනියා වෙච්ච එකට සතුටු වෙන්නත් ඕනේ හරි.
Speaker A
එයා සෑහෙන අපහසුතාවයට පත් වෙලා තිබුණා.
Speaker A
ගෙදර ඇවිල්ලා ඇඬුවා.
Speaker A
කාමරේට ඇවිල්ලා හරි.
Speaker A
මගේ කාමරේට ඇවිල්ලා.
Speaker A
ඇයි ඔහොම කළේ අපිට කියලා ඇහුවා හරි.
Speaker A
ඇයි ඔහොම කළේ ඇයි කියලා අර.
Speaker A
වැඩක් නැහැ ඉතින් කතා කරලා හරි.
Speaker A
ඒ කියන්නේ ගන්න දෙයක් නැහැ ඉතින් මම.
Speaker A
හැබැයි මම ඔයාට කිව්වේ.
Speaker A
ඒ ප්‍රතිඵලය එන දවස වෙනකොට මම දන්නවා ඒ හිටපු කෙනා නෙවෙයි දැන් ඒ ඉන්නේ.
Speaker A
මම ඒක ඔයාට කියන්නම්.
Speaker A
ප්‍රතිඵලය එන දවස වෙනකොටත් ඉන්නේ අර හරකම නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ.
Speaker A
හැබැයි එදා වෙද්දි මම වෙනස් වෙලා හිටියා ඇත්තටම හරි.
Speaker A
ඒ මාස කීපය තුළ මම මට පුළුවන් උපරිමය කරලා තිබුණේ.
Speaker A
ඒ නිසා එදා වෙද්දි මම මෙන්ටලි වැටිලා නැහැ.
Speaker A
මට මතකයි නෑයෝ කතා කරනවා කලින් කතා කරපු නැති උන් කතා කරනවා කියන්නකෝ හරි.
Speaker A
කතා කරලා මේ දන්නෙත් නැහැ සමහරු හරි.
Speaker A
කතා කරනවා කොහෙන් කතා කරනවා මම දන්නේ නැහැ.
Speaker A
ඔයාලා ලිව්වා නේද පුතා මේ පාර හරි.
Speaker A
වැඩක් නැහැ කතා කරලා හරි.
Speaker A
මම නම් ඉතින් කට ඇරලාම කිව්වා මම සබ්ජෙක්ට් තුනම ෆේල්.
Speaker A
එහෙමම කිව්වා.
Speaker A
මට මතකයක් තියෙනවා අපේ තාත්තා තාත්තාගේ නෑයෝ ටිකට ගියාද්දි සබ්ජෙක්ට් තුනම ෆේල් කියන්නේ.
Speaker A
තාත්තා ලැජ්ජාවක් තිබ්බා මම දැක්කා.
Speaker A
තාත්තා S 3යි කියලා වගේ කිව්වා මට මතකයක් තියෙනවා හරි.
Speaker A
ඒවා එහෙම වදිනවා.
Speaker A
ඒ කියන්නේ තාත්තාට ලැජ්ජයිනේ මේක කියන්න.
Speaker A
මාරටම වදිනවා නේ.
Speaker A
ඊටපස්සේ.
Speaker A
ඒ වගේ තත්ත්වයක් තිබ්බා.
Speaker A
මට මතකයි ඊටපස්සේ ඔය ඒ ක්ලාස් එකේ රිසල්ට් එකතු කරන් ගියපු ගුරුවරයා ඒ සර් ගියාද්දිත් මේ.
Speaker A
එයා දැන් එයා දන්නවා මම.
Speaker A
එයාට මම කලින් කිව්වා මම ෆේල් වෙනවා කියලා.
Speaker A
දන්නවා එයා.
Speaker A
එතකොට එයා අර මේ මේ පොතක් එව්වා මේ පොතේ.
Speaker A
රිසල්ට් එක ලියන්න කියලා.
Speaker A
ඒක ඒක මට දෙන්නේ නැතුව ඒ වගේ යන්න ගියා.
Speaker A
මම කිව්වා නැහැ කමක් නැහැ සර් මම ලියන්නම්.
Speaker A
සබ්ජෙක්ට් තුනම ෆේල්.
Speaker A
මම කිව්වා හරි.
Speaker A
එතකොට මට මතකයි ඒ පළවෙනි පාර විභාගය ලියද්දිත් මට ලියන්න දෙයක් නැහැ හරි.
Speaker A
පේපර් එක දුන්නට පස්සේ පළවෙනි පාර විභාගය ලියද්දි.
Speaker A
පේපර් එක දුන්නට පස්සේ මම ඔලුව තියාගන්නවා.
Speaker A
ඒ මේ ඒ ශාලාවේ ඉන්න සර් සර් කෙනෙක් ඇවිල්ලා කතා කරලා ඇහුවා ඇයි පුතා මේ මොකක් හරි අසනීපයක්ද කියලා.
Speaker A
මම කිව්වා නැහැ සර් මම ලියන්න දන්නේ නැහැ.
Speaker A
ලියන්න දන්නේ නැහැ.
Speaker A
මොකක්වත්ම දන්නේ නැහැ.
Speaker A
මට එහා පැත්තේ හිටපු කොල්ලා ෆ්‍රෙෂ් අයියේ ගියා කැම්පස්.
Speaker A
මට ඕන නම් තිබ්බා කොපි කරන්න.
Speaker A
මට ඕන නම් තිබ්බා කොපි කරන්න හරි.
Speaker A
ඌගෙන් මම ඒ MCQ ටික හරි ගහගත්තා නම් S 3ක් වගේ ලයින් කරගන්න තිබුණා.
Speaker A
මම එහෙම කළේ නැහැ මොකද මට.
Speaker A
මට මාත් එක්කම ලොකු තරහක් තිබ්බා ඇත්තටම හරි.
Speaker A
මට එහෙම මේ තව කෙනෙක්ගෙන් කොපි කරලා S 3ක් දාලා මේක වහගන්න ඕන වුණේ නැහැ.
Speaker A
මම දන්නවා මම වරද්ද ගත්තා.
Speaker A
මම ඒකට ඒ ඒකට මුහුණ දෙන්න ඕනේ හරි.
Speaker A
මුහුණ දීලා තමයි මට නැගිටින්න ඕන වෙලා තිබ්බේ.
Speaker A
ඇත්තටම මම එහෙම කළා හරි.
Speaker A
එහෙම කරලා මම අනිත් පාර නැගිට්ටා හරි.
Speaker A
එහෙම නැගිටලා තමයි මට පුළුවන් වුණේ විෂයන් තුනටම A තුනක් එක්ක ඩිස්ට්‍රික් එකේ පළවෙනියා වෙන්න හරි.
Speaker A
ඩිස්ට්‍රික් එකේ පළවෙනියා වෙන්න හරි.
Speaker A
එතකොට අර වැටිච්ච තැනින් නැගිට්ටා.
Speaker A
මට මතකයි පළවෙනි පාර රිසල්ට් ආවට පස්සේ නෑයෝ එයාලගේ.
Speaker A
ළමයි මම ගාවට මාත් එක්ක කතා කරන්නවත් එව්වේ නැහැ.
Speaker A
අවුරුද්දට ගෙදර එහෙම ගියාම වැඩිය මාත් එක්ක කතා කරන්න සෙට් කරවන්නේ නැහැ.
Speaker A
මට ඒක තේරෙනවා.
Speaker A
හිතන්නකෝ ඕවා වදිනකොට කොහොමද කියලා.
Speaker A
මට ආතල් ඇත්තටම හරි.
Speaker A
හැබැයි හිතන්නකෝ දැන් දැන් ආතල් හරි.
Speaker A
ළමයි එක්ක වැඩිය කතා ආ යම් පුතා කියලා වගේ අර ශේප් එකට මම මම ගාවට ආවා.
Speaker A
හා පුතා ඉතින් වැඩ කරනවා නේද මේ පාර කියලා යනවා හරි.
Speaker A
වැඩක් නැහැනේ දැන් අර අර අර.
Speaker A
මිනී මරපු එකෙක් දිහා බලනවා වගේ තමයි බලන්නේ නෑයෝ හරි.
Speaker A
එහෙම තමයි.
Speaker A
හැබැයි හිතන්නකෝ ඒ නෑයෝම මේ ප්‍රතිඵලය ආවට පස්සේ කොහොම හැසිරෙන්න ඇත්ද කියලා.
Speaker A
මේ ප්‍රතිඵලය ආවට පස්සේ ළමයි ගිහිල්ලා තියලා අහනවා.
Speaker A
ළමයි අහගන්න මේ අයියගෙන් වැඩ කරන විදිහ.
Speaker A
අහගන්න.
Speaker A
අහගන්න.
Speaker A
වැඩක් නැහැ කතා කරලා.
Speaker A
එහෙම තමයි තිබුණේ.
Speaker A
මට මෙතනට ආවට පස්සේ තියෙන සතුටුයි.
Speaker A
මම මේ ඩිස්ට්‍රික් ෆස්ට් වුණා කියලා මට ලැබිච්ච ලබ්බක් නැහැ හරි.
Speaker A
කැම්පස් ගියාත් මේ මම ඩිස්ට්‍රික් ෆස්ට් කිව්වට කැම්පස් ඉන්න උන් කවුරුත් ගණන් ගන්නේ නැහැ.
Speaker A
කී දෙනෙක් ඉන්නවද ඩිස්ට්‍රික් ෆස්ට්ලා කැම්පස් එකේ.
Speaker A
මට වැඩක් නැහැ හරි.
Speaker A
ටියුෂන් එකේ මම මේක පාවිච්චි කරනවා ඇති.
Speaker A
ඒ හැර මම මේ මම පුද්ගලයෙක් විදිහට මට ඒකෙන් ලැබිච්ච මට අවශ්‍යයි.
Speaker A
මම කියන්නේ ගොන් පාට් කරනවා නෙවෙයි මම කියන්නේ.
Speaker A
මට සතුටු තියෙන මට ලැබිච්ච දේ නෙවෙයි.
Speaker A
මේක ලැබුණ නිසා අම්මට කොහොම හිතෙන්න ඇත්ද හරි.
Speaker A
එතකොට ඊළඟ ට්‍රයි එකේ දැන් ඩිස්ට්‍රික් එකේ පළවෙනියා විදිහට මම එනකොට.
Speaker A
අර අම්මා වැටිච්ච තැනින් අම්මා නැගිටිනවා නේද.
Speaker A
තාත්තා වැටිච්ච තැනින් තාත්තා නැගිටිනවා නේද.
Speaker A
අර අපේ අයියා කොච්චර ආඩම්බර වෙන්න ඇත්ද.
Speaker A
මට ඒක මාර සතුටුයි.
Speaker A
එතනින් එහාට අම්මලා අම්මට ඒ දේ දැන්.
Speaker A
මෙච්චර එතකොට එතනින් එහාට අර ඒ ගෞරවය ගොඩක් ලැබෙන්නේ අම්මට තාත්තාට හරි.
Speaker A
අපිට නෙවෙයි.
Speaker A
අර අම්මා මේ එයාලගේ පුතා මෙහෙම වුණානේ.
Speaker A
ඒ දෙපැත්තම එහෙමයි.
Speaker A
කෙළවුණත් එහෙමයි.
Speaker A
අම්මලාට තාත්තාට තමයි බනින්නේ හරි.
Speaker A
හා මූ ළමයා හදාගෙන නැහැ හරියට.
Speaker A
අන්න එහෙම.
Speaker A
එයාලා මොනවා කරාද කියන්නකෝ.
Speaker A
එයාලා පුළුවන් උපරිමය කරලා තියෙන්නේ.
Speaker A
අපි අපේ කාලකණ්ණි කමයි අපි කෙළවගන්නේ.
Speaker A
මෙතනට ආවට පස්සේ ඉතින් ඒ ඉතිහාසයේ මම මේ නැවත නැවත මතක් කරනවා මිසක්.
Speaker A
දැන් අපේ ගෙදර කට්ටියටත් මතක නැහැ ඉතින් දැන් මතක මට A 3ක් ආවා කියන එක විතරයිනේ.
Speaker A
අර අර පොඩි කාලේ දැන් මතක නැහැ.
Speaker A
මට මතකයි හොඳටම හරි.
Speaker A
ඉතින් මම ඔයාට කියන්නේ මේකේ ගන්න තියෙන දෙයක් ගන්න.
Speaker A
මේකේ ගන්න තියෙන්නේ මේක නෙවෙයි.
Speaker A
මෙතන ඉන්න ෆ්‍රෙෂ් අයියේ ළමයි ඉන්නවනේ.
Speaker A
මේකේ ගන්න තියෙන්නේ පළවෙනි පාර ෆේල් වුණත් අවුලක් නැහැ ආතල් එකේ ඉඳලා ඊළඟ පාර A 3ට යන්න පුළුවන් කියලා.
Speaker A
ඒක ගන්න එපා මේකෙන් හරි.
Speaker A
මේක ලේසි නැහැ.
Speaker A
මමනේ දන්නේ ලේසි නැහැ.
Speaker A
පළවෙනි පාර ළමයෙක් වුණත් මේ මාස ටිකේ හරි මම මේකෙන් මේක ගන්න.
Speaker A
මෙහෙම මට්ටමක ළමයෙක්ට වුණත් මේ O/L රිසල්ට් එකත් එක්ක ඕක ගන්න.
Speaker A
මෙහෙම මට්ටමක ළමයෙක්ට වුණත් ඕනෙකම තියෙනවා නම් මෙතනට යන්න පුළුවන්.
Speaker A
ඒක ගන්න හරි.
Speaker A
ඒකත් එක්ක වැඩේ කරන්න.
Speaker A
හරි ඇති.
Speaker A
දැන් අපි ආයේ පාඩමට යමු.
Speaker A
ඕක තමයි ඉතින් කතන්දරේ.
Topics:O/LA/Lමොනරාගලනුවරක්ලාස්කෙමිස්ට්‍රිවිභාගගුරුතුමාඅධ්‍යයනයමානසිකත්වය











