A/L මගේ කතාව | BIO | Panchali — Transcript

පංචාලීගේ A/L අත්දැකීම් සහ අසාර්ථකත්වය, නැවත පාස් වී කොළඹ විශ්වවිද්‍යාලයට ආවේ කතාව.

Key Takeaways

  • අසාර්ථකත්වය ජීවිතයේ අගය සහ ඉදිරියට යාමට හේතු වේ.
  • විෂය තෝරා ගැනීමේදී පුද්ගලික ආසාවන් සහ පවුල් පසුබැසීම සැලකිල්ලට ගත යුතුය.
  • සබ්ස්ක්‍රයිබර් සහ ප්‍රේක්ෂක ආදරය මොහොතකට බලවත් සහාය වේ.
  • අභියෝග සහ අපහසුතා මැදින් දිරවා ඉදිරියට යාමට හැකියාව තිබේ.
  • ගෙදර සිට වැඩ කිරීම සහ නිදහස් කාලය ඉගෙනුම් ප්‍රතිඵල වැඩි දියුණු කරයි.

Summary

  • පංචාලීගේ චැනලයට සබ්ස්ක්‍රයිබර් 20,000ක් ලැබීම සහ ඒ ගැන ඔහුගේ ස්තුති.
  • ඔහුගේ A/L විභාගයේ ප්‍රථම වතාවට අසාර්ථක වීම සහ එම අත්දැකීම.
  • පංචාලීගේ පෞද්ගලික ඉතිහාසය, පාසල් කාලයේ හොඳ ඉගෙනුම් ප්‍රතිඵල සහ නර්තනයේ ආසාව.
  • A/L විභාගයට පෙර විෂය තෝරා ගැනීමේ ගැටලු සහ ආර්ට්ස්, කොමර්ස්, සහ බයෝලොජි අතර තේරීම.
  • ඔහුගේ බයෝලොජි ආසාව සහ ඩොක්ටර් වීමට ඇති සිහින.
  • ක්ලාස් මාරු කිරීමේ අත්දැකීම් සහ විවිධ ගුරුවරුන්ගෙන් පාඩම් ගැනීම.
  • මාතරට යාමට ඇති ගමන් ගැටලු සහ බෝඩින් හවුස් එකේ ජීවිතය.
  • විභාගයට සූදානම් වීමේදී ඇති වූ අභියෝග සහ ක්ලාස් වලට යාමට ඇති අපහසුතා.
  • ගෙදර සිට වැඩ කිරීමෙන් ලැබුණු වාසි සහ නිදහස් කාලය.
  • අවසන් වශයෙන්, අසාර්ථකත්වයන්ට පසු නැවත උත්සාහ කර කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම.

Full Transcript — Download SRT & Markdown

00:00
Speaker A
Hi.
00:01
Speaker A
මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 20,000ක් ඇවිල්ලා.
00:05
Speaker A
ඉතින් මට 20,000 අරන් දුන්නේ වෙන කවුරුත් නෙමෙයි ඕගොල්ලෝ.
00:09
Speaker A
ඕගොල්ලොන්ගේ ආදරේ, මට මේ 20,000ට එද්දි මට දැනුනු ආදරේ, හැමදාම ලස්සන දිග කමෙන්ට්ස් තියෙනවා.
00:15
Speaker A
කමෙන්ට් සෙක්ෂන් එක කියන්නේ මට කොහොමද කියන්නේ පිස්සුවක්.
00:19
Speaker A
හරිද, ඒක මම මාර ආසයි බලන්න.
00:21
Speaker A
ඒ විතරක් නෙමෙයි, මැසේජස් ටික, ඔයා නිසා මෙහෙම මෙහෙම දේවල් වුනා.
00:26
Speaker A
මේ වගේ මැසේජස් දවසට දෙක තුනක් හරි එනවා, මම අනිවාර්යෙන් නිදියන්න කලින් හරි මැසේජස් ටික ඔක්කොම බලනවා.
00:37
Speaker A
අනේ හරිම ආදරණීය ඒවා එවන්නේ ඕගොල්ලෝ මට හිතාගන්න බැහැ.
00:40
Speaker A
මම එච්චර, ඒ කියන්නේ මම එච්චර දෙයක් කරාද කියලා.
00:41
Speaker A
ඉතින් ඕගොල්ලොන්ට ගොඩාක් තැන්ක් යු, ගොඩාක් ආදරෙයි.
00:44
Speaker A
ඉතින් මම හිතුවා සබ්ස් 20,000 අරන් දුන්නේ ඕගොල්ලෝ නිසා, ඕගොල්ලෝ ගොඩාක් අය ඉල්ලපු දෙයක් අද ඕගොල්ලොන්ට ගිෆ්ට් කරන්න.
00:50
Speaker A
ඒ තමයි.
00:55
Speaker A
මගේ A/L ස්ටෝරි එක.
00:57
Speaker A
ඉතින් ඕගොල්ලෝ ගොඩාක් අය, ඒ කියන්නේ මගේ Q&A එකෙන් ඕගොල්ලෝ දැනගත්තා මම එක්සෑම් ෆස්ට් අයි එක ෆේල් වුනු ළමයෙක් කියලා.
01:04
Speaker A
මෙහෙම හිටියට.
01:06
Speaker A
ඕගොල්ලෝ ගොඩාක් අය ඒකෙන් පස්සේ මගේ A/L ස්ටෝරි එක ඉල්ලුවා, හැමදාම වීඩියෝ එකක් යටින් කමෙන්ට් එකක් වැටෙනවාමයි.
01:14
Speaker A
අක්කී, කවද්ද ඒක අපි ඒක ශෙයා කරගන්නේ කියලා.
01:18
Speaker A
ඔන්න අද තමයි ශෙයා කරගන්නේ.
01:20
Speaker A
අද මම ඕගොල්ලෝ මගේ චැනල් එකට ආවා නම්, මම තමයි පංචාලී.
01:25
Speaker A
මම ආයුර්වේද එක් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්, කොළඹ යුනිවර්සිටි එකේ.
01:30
Speaker A
මම කියන්න යන්නේ අද මම කොහොමද A/L කරේ, මම කොහොමද A/L ෆේල් වුනේ.
01:37
Speaker A
ඇයි මම ෆේල් වුනේ, එතකොට මම කොහොමද ආයේ A/L හොඳට පාස් වෙලා කොළඹ යුනිවර්සිටි එකට ආවේ.
01:45
Speaker A
පොඩි කාලේ ඉඳලා මම සාමාන්‍යයෙන් හොඳට වැඩ කරපු ළමයෙක්.
01:50
Speaker A
ප්‍රයිමරි ස්කූල් යන කාලේ හැමදාම පන්තියේ පළවෙනියා, දෙවෙනියා, එහෙම හොඳට වැඩ කරා.
01:57
Speaker A
ඩාන්සින් කරා, සින්දු කියන්න යනවා ඉස්සරහට.
02:00
Speaker A
සින්දු කියන්න බැහැ.
02:03
Speaker A
මම දැන් සින්දුවක් කිව්වොත් ඕගොල්ලෝ තවත් මගේ චැනල් එක බලන්නෙත් නැහැ.
02:08
Speaker A
එච්චරකට කැතයි මම සින්දු කියනවා.
02:10
Speaker A
ඒ කාලේ ඉඳන් මම සින්දු කියන්නත් ඉස්සරහට යනවා.
02:13
Speaker A
සමහර දවස් වලට තිබ්බා අපේ උදෑසන රැස්වීම් වෙලාවට මම ගියාට පස්සේ ඒ වයිස් ප්‍රින්සිපල් මැඩම් ඉන්නේ එතන.
02:21
Speaker A
ඒ මැඩම් කියනවා ඔය ළමයා හැමදාම එනවා, ඔය ළමයි යන්න.
02:25
Speaker A
වෙල ළමයෙක් වෙන්න කියනවා කියලා.
02:27
Speaker A
එච්චරකට මම හරියට ඉදිරිපත් වෙනවා දේවල් කරන්න ඒ කාලේ.
02:31
Speaker A
ශිෂ්‍යත්වය හොඳට පාස් වෙලා අපි තුන්දෙනාම වියකැඩි සෙන්ට්‍රල් එකට ගියේ.
02:36
Speaker A
හය වසරේ ඉඳලා, ඊට පස්සේ ශේප් එකේ වැඩ ටික කරගෙන ගියා.
02:40
Speaker A
O/L වලට මට A 6යි B 3ක් තිබ්බේ.
02:43
Speaker A
ඊට පස්සේ තමයි මගේ A/L පටන් ගත්තේ.
02:46
Speaker A
මම රිසල්ට්ස් එන්න කලින්ම මම ක්ලාසස් වලට යන්න පටන් ගත්තා.
02:50
Speaker A
මට තිබ්බ ප්‍රශ්නයක් තමයි මොනවද තෝරගන්න සබ්ජෙක්ට්ස් කියලා.
02:54
Speaker A
එතකොට තුනකට කැමති වෙලා හිටියා.
02:57
Speaker A
එකක් තමයි මට ආර්ට්ස් කරන්න ඕනකම තිබ්බා, මොකද මට ඩාන්සින් පුළුවන් නිසා.
03:02
Speaker A
ඊට පස්සේදී මට හිතුනා මට කොමර්ස් කරන්නත් පුළුවන් කියලා.
03:06
Speaker A
මොකද මගේ අම්මගේ බැක්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණ අම්මගේ ගෙදර මාමලා, පුංචිලා, ඒ හැමෝම කොමර්ස් කරලා යුනිවර්සිටීස් වලට ගිහිල්ලා අද වෙද්දි හොඳ හොඳ තැන් වල ඉන්න කට්ටිය.
03:17
Speaker A
ඉතින් ඒක නිසා මට හිතුනා මටත් මේ බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන නිසා මට ඒ සයිඩ් එකටත් මට ඉස්සරහට යන්න පුළුවන් වෙයි.
03:23
Speaker A
අනිත් එක තමයි බයලජි කියන එක.
03:25
Speaker A
බයෝ තමයි මගේ ආසාව.
03:27
Speaker A
මම පොඩි කාලේ ඉඳන් ආසයි ඩොක්ටර් කෙනෙක් වෙන්න.
03:30
Speaker A
ඒක අම්මයි තාත්තයි ඔලුවට දීපු එකක් නෙමෙයි.
03:33
Speaker A
කලින්ම චූටිම චූටි කාලේ මගේ කන් දෙක විදපු ඩොක්ටර් ඩොක්ටර් ඒක නායක ඩොක්ටර් අංකල් කියලා මම කියන්නේ.
03:40
Speaker A
ඩොක්ටර් ඉස්සර මිස්සට පනාමුරේ තමයි අපි හිටියේ.
03:44
Speaker A
මට අවුරුදු හතරකට කොහෙද වෙනකන් හිටියේ.
03:47
Speaker A
ඒක එතන පීපී එකක් තිබ්බා ඩොක්ටර්ගේ.
03:50
Speaker A
ඉතින් මම ඩොක්ටර්ගේ පීපී එක ඇතුලෙමයි හැම තිස්සෙම ගිහිල්ලා ඉන්නේ, ඩොක්ටර් මට හරි ආදරෙයි.
03:56
Speaker A
අපේ තාත්තා එනවා කෝටුවකුත් අරගෙන මාව හොයන්න.
04:00
Speaker A
අපේ තාත්තා ආස නැහැ මම අර හැම තැනම ඇවිදින එහෙම කෙනෙක් වෙයි කියලා බයේ වෙන්න ඇති කෝටුවකුත් අරගෙන එනවා.
04:08
Speaker A
මම ඩොක්ටර් අංකල්ගේ මේසෙ යටට වෙලා හැංගිලා ඉන්නවා ඩොක්ටර් අංකල්ට කියලා කියන්න එපා මම ඉන්නවා කියලා.
04:14
Speaker A
අද වෙනකුනුත් අපේ අම්මයි තාත්තයි මොනවා හරි වුන ගමන්ම යන්නේ ඩොක්ටර් ළඟට.
04:20
Speaker A
ඉතින් පොඩි කාලේ ඉඳන් ඒ ඩොක්ටර්ව දැකලා වෙන්න ඇති මට හරි ආසයි ඩොක්ටර් කෙනෙක් වෙන්න.
04:26
Speaker A
ඒ කාලේ ඉඳන් ඒ පිස්සුව තිබ්බා මට.
04:28
Speaker A
මම හිතුවා දැන් මම බයෝ කරනවද, කොමර්ස් කරනවද, ආර්ට්ස් වලින් කරලා ඩාන්සින් පැත්තෙන් යනවද කියලා.
04:35
Speaker A
දැන් O/L ගත්තොත් ඔය තුනටම මට A 3ක් තිබ්බා, ඩාන්සින් වලට A එකක් තිබ්බා.
04:41
Speaker A
කොමර්ස් වලටත් A එකක් තිබ්බා, සයන්ස් වලටත් A එකක් තිබ්බා.
04:44
Speaker A
මම හිතුවා දැන් බයෝ කරොත් මට අමාරු වෙයිද දන්නේ නැහැ කියලා.
04:50
Speaker A
බයලජි අමාරුයි කියලා මතයක් තියෙනවනේ සාමාන්‍යයෙන් කරන්න අමාරුයි කියලා.
04:53
Speaker A
ඉතින් මට ඒකත් ඔලුවේ තිබ්බා දැන් බයෝ කරොත් අමාරු වෙයිද දන්නේ නැහැ මට කියලා.
04:58
Speaker A
ඒ නිසා මම ආර්ට්ස් කරන්නේ නැහැ කියලා ඊට පස්සේ තීරණයකට ආවා.
05:03
Speaker A
ඊට පස්සේ මම ක්ලාසස් ගියේ කොමර්ස් වලට සහ බයෝ වලට.
05:08
Speaker A
ඔය දෙකටම මම ක්ලාසස් වලට ගිහින් බැලුවා, ගොඩක් දවසට අපේ අම්මටත් නිවාඩු දාලාත් එයාත් ආවා මාත් එක්ක ක්ලාසස් වලට යන්න.
05:13
Speaker A
ඒක බලන්න.
05:15
Speaker A
ක්ලාසස් තෝරගද්දි අම්මත් මගේත් එක්ක ආවා ඉතින් ගොඩක් දවසට.
05:20
Speaker A
පස්සේ කොහොම හරි එක දවසක් මම කොමර්ස් ක්ලාස් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට මම අම්මට තාත්තට හැමදාම උදේට වඳිනවා ගිහිල්ලා.
05:28
Speaker A
තාත්තට වඳිද්දි තාත්තා කිව්වා මට මගේ පුතා දැන් කොහෙද ක්ලාස් යන්නේ.
05:32
Speaker A
මොකටද යන්නේ කියලා තාත්තා ඇහුවා.
05:34
Speaker A
ඉතින් මම කිව්වා කොමර්ස් වලට කියලා.
05:36
Speaker A
තාත්තා නින්දෙන් ඇහැරුනා විතරයි.
05:38
Speaker A
ඊට පස්සේදී තාත්තා මගෙන් ඇහුවා පුතා ඩොක්ටර් කෙනෙක් වෙන්න ආස නැද්ද කියලා.
05:42
Speaker A
ඊට පස්සේ මට හිතුනා හරි, දැන් තාත්තා, ඒ කියන්නේ තාත්තාගේ හීනේ ඒක මම දන්නවා ඒක.
05:49
Speaker A
තාත්තා ආසයි මම ඩොක්ටර් කෙනෙක් වෙනවට.
05:53
Speaker A
ඉතින් මම හිතුවා හරි, දැන් තාත්තත් ආසයි, මමත් ආසයි, ඇයි මම මේකට බයේ ඉන්නේ.
05:59
Speaker A
මම මේක කරනවා එහෙනම් කියලා.
06:01
Speaker A
කොහොම හරි මුලදි මම තංගල්ලේ ක්ලාසස් වලට ගියේ.
06:06
Speaker A
ඒ කරලා තංගල්ලේ O/L රිසල්ට්ස් ඇවිල්ලා නැහැ ඒ වෙනකොට.
06:12
Speaker A
ඊට පස්සේ ක්ලාසස් වලට ගිහිල්ලා ඊට පස්සේ ඒ කාලේ මම හොඳට වැඩ කරා, හැමදාම ගෙදර ඇවිල්ලා ඒ වැඩ ටික කරා.
06:19
Speaker A
මුල් පටන් ගත්තු කාලේනේ කොහොමත් එතකොට අර පොඩ්ඩක් තියෙනවනේ කරන්න ඕනේ කියන එක.
06:24
Speaker A
ඒ කාලේ ඉතින් එදිනෙදා වැඩ එදිනෙදාම නිම කරා.
06:28
Speaker A
හරිද.
06:29
Speaker A
ටික දවසක්.
06:31
Speaker A
මාව මාතරට ක්ලාසස් මාරු කරා.
06:33
Speaker A
මාතර ගිහින් යද්දි තිබ්බ ප්‍රශ්නේ තමයි මම සාමාන්‍යයෙන් දුර ගමන් යද්දි වොමිට් කරන මනුස්සයෙක්.
06:41
Speaker A
එතකොට මාතර ක්ලාසස් ගිහිල්ලා එනකොට මට මාර අමාරුයි, අර හක්මන පාරේ යන අය දන්නවා ඇති අර වංගු ටික එනකොට.
06:49
Speaker A
මම එන්නේ භාගෙට මැරිලා ගෙදර එද්දි, මට මාර අමාරුයි, ඔලුව රිදෙනවා, කැරකෙනවා, එන්නේ නිකන් පණ නැතුව ගෙදර.
06:56
Speaker A
ඇවිල්ලා සමහර දවසට මම බත් එක අතේ තියා නිදියනවා.
06:59
Speaker A
මට එච්චර අමාරුයි ඒක.
07:01
Speaker A
ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා අම්මට තාත්තට තේරුනා.
07:06
Speaker A
මට අමාරුයි කියන එකේ.
07:09
Speaker A
ඒ කියන්නේ මගක් ඇවිල්ලා මට කලන්තෙත් හැදෙනවා.
07:12
Speaker A
ඊට පස්සේ කොහොම හරි ඒ දෙන්නා තීරණය කරා මාව බෝඩ් කරනවා කියලා.
07:16
Speaker A
ඊට පස්සේ තමයි මම බෝඩ් වෙන්න යන්නේ.
07:19
Speaker A
මාතර.
07:20
Speaker A
අම්මයි තාත්තයි හොඳ තැනක් හොයලා මාව බෝඩ් කරා.
07:26
Speaker A
ඒ බෝඩින් හවුස් එකේ ආන්ටි මාර සැරයි.
07:30
Speaker A
හරිද.
07:31
Speaker A
එයා උදේට අපි ඇහැරෙන වෙලාවල්, රෑට නිදියන වෙලාවල්, පාඩම් කරනවද, හැමදේම ඇවිල්ලා බලනවා උඩට.
07:39
Speaker A
ඇවිල්ලා හැමදේම බලනවා අපි මොනවද කරන්නේ ඒ වගේ.
07:42
Speaker A
එයා එහෙම ළමයි ටික නිකන් අතහැරලා ඉන්න ආන්ටි කෙනෙක් නෙමෙයි.
07:47
Speaker A
ඉතින් ඒ නිසාම තමයි අපේ අම්මයි තාත්තයි මාව එතන.
07:50
Speaker A
බෝඩ් කරේ.
07:51
Speaker A
ඒ අක්කලා ටිකක් හිටියේ, මම තමයි ඉඳපු පොඩිම එක්කෙනා එතන.
07:55
Speaker A
අක්කො මයි ඉතින් මම වැඩ කරන්නේ නැහැ.
07:59
Speaker A
අක්කලා ටික වැඩ කරනවා මට පේනවා.
08:01
Speaker A
ඒගොල්ලෝ වැඩ කරන විදි දැක්කාම මට බයත් හිතුනා, අනේ මම මෙච්චර මැරෙන්න ඕනෙද තව ඉස්සරහට කියලා.
08:07
Speaker A
ක්ලාසස් වලට යනවා, ගිහිල්ලා ඇවිල්ලා.
08:11
Speaker A
මම ඉතින් ඒ ක්ලාසස් වල වැඩ ටික ශේප් එකේ කරගෙන හිටියා මුලදි.
08:17
Speaker A
ඊට පස්සේදී මම ක්ලාසස් ගොඩක් මගෙන් වුනු වැරැද්දක් ඒක.
08:21
Speaker A
මම ක්ලාසස් මාරු කරා.
08:23
Speaker A
කෙමිස්ට්‍රි අද එක්කෙනෙක් යනවා, හෙට තව එක්කෙනෙක් ගිහින් බලනවා.
08:26
Speaker A
එහෙම එහෙම එක එක සර්ලාගේ ගිහිල්ලා බලනවා, එතකොට මට එක මාසෙක එක සර් කෙනෙක්ගේ, තව මාසෙක තව සර් කෙනෙක්ගේ.
08:33
Speaker A
එතකොට එක එක තැනින් පාඩම්, ඒ කියන්නේ හරිම අච්චාරුවක් වගේ.
08:38
Speaker A
අර සර්ගෙන් චුට්ටයි, මේ සර්ගෙන් චුට්ටයි.
08:40
Speaker A
ඊට පස්සේ ආයේ අනිත් සර්ගේ ඒ කලින් කියපු සර්ගේම යනකොට ඒ සර් ගොඩාක් කරගෙන ගිහිල්ලා ඉවරයි.
08:44
Speaker A
ඒක මම කරපු හරිම නරක වැඩක් කෙමිස්ට්‍රි වලට.
08:48
Speaker A
බයෝ වලටත් ඒක වුනා.
08:50
Speaker A
බයෝ වලට මුලින්ම ගියේ තංගල්ලෙදි ගියේ අජිත් සර්ගේ.
08:54
Speaker A
අජිත් සර්ගෙන් පස්සේ දිලිප් සර්ගේ ගියා.
08:58
Speaker A
දිලිප් සර් නැති වුනා මාතර ක්ලාස් යද්දි.
09:02
Speaker A
ඊට පස්සේ මම ගියේ ටීචර් කෙනෙක්ගේ ක්ලාස්.
09:05
Speaker A
මට එක එක ක්ලාසස් වල මාරු කර කර ඉඳලා බයෝත් බැහැ, කෙමිස්ට්‍රිත් බැහැ, අන්තිමට ෆිසික්ස් විතරයි මම එක දිගට එක ක්ලාස් එකකට ගියේ.
09:12
Speaker A
කොහොම හරි ඉතින් ඒ විදියට මම ක්ලාසස් මාරු කර කර පළවෙනි අවුරුදු දෙකම හිටියා.
09:19
Speaker A
ඊට පස්සේ කොහොම හරි අන්තිම කාලේ මම මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක බෝඩ් වුනා මාතරම.
09:25
Speaker A
එතකොට චුට්ටක් වැඩ කරා ඒ දෙන්නා ඉන්නවා.
09:28
Speaker A
අපි තුන්දෙනා වෙනම වැඩ කරේ, එකට පාඩම් කරේ නැහැ.
09:33
Speaker A
ඒ වුනාට මට ඒ වෙද්දි ඇනෙන්න ඕනේ එක හොඳටම ඇනිලා තිබ්බේ.
09:38
Speaker A
එක්සෑම් එකට මාස තුනක් විතර තියලා මම ක්ලාසස් වලට ගියෙම නැහැ.
09:44
Speaker A
මට ගිහින් වැඩක් නැහැ, රිවිෂන් එහෙම පටන් අරගෙනනේ.
09:47
Speaker A
එතකොට මට ක්ලාසස් වලට ගියාට පේපර් එකක් ලියාගන්න බැහැ, මට මොනවත් තේරෙන්නේ නැහැ.
09:55
Speaker A
අන්තිම පාඩම් ටික යන්නේ මොනවත්ම තේරෙන්නේ නැහැ, මට එපා වෙනවා, මම ගිහිල්ලා නිදිමතයි, මට නිදි යනවා ක්ලාසස් වල.
10:01
Speaker A
ඒ කියන්නේ තේරෙන්නෙත් නැහැ මුකුත්, කරගන්න තේරෙන්නෙත් නැහැ, මට නිදිමතයි.
10:06
Speaker A
මම නිදියනවා ක්ලාසස් වලට ගිහිල්ලා.
10:07
Speaker A
නිදි වැටෙනවා මෙහෙම.
10:09
Speaker A
ඉතින් මම හිතුවා මේ වැඩේ හරියන්නේ නැහැ, මම ක්ලාසස් වලට ගිහිල්ලත් මම මොනවත් කරගන්නේ නැහැනේ.
10:14
Speaker A
මම ගෙදර ඉඳන් වැඩ කරනවා.
10:16
Speaker A
ගෙදර ඉඳන් වැඩ කරන ටික තමයි හොඳ, එතකොට මට කොලිටි ටයිම් එකක් ගත කරන්න පුළුවන්.
10:22
Speaker A
මම තනියෙන් වැඩ කරන ටික තමයි හොඳම ටික.
10:27
Speaker A
තනියෙන් වැඩ කරන තරමට තමයි මට ගොඩ යන්න පුළුවන්.
10:32
Speaker A
ඔය වගේ පොඩි පණ්ඩිත අදහසක් ඔලුවට ඇවිල්ලා.
10:36
Speaker A
මම ක්ලාසස් යන්නේ නැහැ.
10:38
Speaker A
ඒක නතර කරලා දාලා ෆිසික්ස් වලට විතරයි ක්ලාසස් වලට ගියේ.
10:42
Speaker A
අනිත් දෙකටම ගියේ නැහැ.
10:44
Speaker A
ගෙදර ඉඳගෙන හිටියා.
10:46
Speaker A
ඒ හිටියා කියලත් මම කරපු වැඩක් නම් නැහැ ඉතින්.
10:50
Speaker A
හරිද.
10:51
Speaker A
ඊට පස්සේදී ඔන්න එක්සෑම් එක ගොඩාක්ම ලං වෙලා අපිව ගෙදර යවනවනේ.
10:56
Speaker A
ගෙදර යද්දි මට බයෝත් බැහැ, කෙමිස්ට්‍රිත් මුකුත් බැහැ.
11:02
Speaker A
බයෝ ටික අරගෙන පාස් පේපර්ස් වලට අදාලව බැලුවා තියරි පොත් ටික.
11:08
Speaker A
තියරි හරි එහෙම මෙහෙම ටියුට් තිබ්බා.
11:11
Speaker A
ඉතින් ඔක්කොම කම්ප්ලීට් වෙලා තිබ්බේ නැහැ ඒ වුනාට.
11:13
Speaker A
පොඩ්ඩක් S එකක් මට්ටමට ගොඩ දාගත්තා.
11:18
Speaker A
ෆිසික්ස් ගැන බැලුවෙම නැහැ ඒ ටිකේ.
11:20
Speaker A
ෆිසික්ස් මට චුට්ටක් පුළුවන් ඉතින්.
11:23
Speaker A
ඊට පස්සේදී කෙමිස්ට්‍රි.
11:25
Speaker A
කොහොමටවත්ම බැහැ.
11:27
Speaker A
ඒ කියන්නේ පාස් පේපර් පොත ගත්තත් මට ලියාගන්න නෝට් එකක්වත් නැහැ.
11:34
Speaker A
ඒ කාලේ අපිට යූටියුබ් අනම් මනම් තිබ්බෙත් නැහැ, අපේ ගෙදර ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බට අපි දන්නේ නැහැ එහෙම කොහොමද ඒවා.
11:40
Speaker A
කිසිම දෙයක් දන්නේ නැහැ ඒවා ගැන.
11:42
Speaker A
ඊට පස්සේ ඔය අතරේ අපේ 2015 ලියපු අයට මතක ඇති 2015 ඉලෙක්ෂන් එකක් තිබ්බා.
11:49
Speaker A
කෙමිස්ට්‍රි පේපර් එකට අපිට දවස් 10ක වගේ බ්‍රේක් එකක් හම්බුනා.
11:53
Speaker A
ඒ කාලය තුළ මම චුට්ටක් හරි මොනවා හරි තිබ්බා නම් මට ගොඩ දාගන්න තිබ්බා.
12:00
Speaker A
නමුත් මට එහෙම ගොඩ දාගන්න හැකියාවක් තිබ්බේ නැහැ.
12:04
Speaker A
මම හිටියේ කවද්ද මේ දවස් 10 ඉවර වෙන්නේ, මේක ඉවරයක් කරන්න මට.
12:09
Speaker A
ඒ තරම් අමාරුයි, ඒ අයට දවස්, ඒ කියන්නේ කෙමිස්ට්‍රි පේපර් එක තියෙනවා කියලත් දන්නවා, මුකුත් කරගන්න දන්නෙත් නැහැ.
12:17
Speaker A
දවස් ඔහේ ගෙවෙනවා මගේ.
12:20
Speaker A
අම්මයි තාත්තයිත් බලාගෙන ඉන්නවා මේ ළමයා මේ මොනවද කරන්නේ කියලා.
12:25
Speaker A
එක්සෑම් ගිය ළමයෙක් හැසිරෙන විදියටත් නෙමෙයිනේ හැසිරෙන්නේ.
12:30
Speaker A
බලන්න තේරෙන්නේ නැහැ, පොත ගත්තට නිකන් ඔහේ ඒක දිහා බලාගෙන ඉන්නවා විතරයි.
12:34
Speaker A
මාර ස්ට්‍රෙස් එකක් ඒ කාලේ ඒක හිතද්දිත්.
12:38
Speaker A
කොහොම හරි ඔය දැන් එක්සෑම් ලියන දවස් ටිකේ වීරකැටි සෙන්ට්‍රල් එකෙන් මම ඉස්කෝලේ ගියේ.
12:45
Speaker A
එතකොට වීරකැටි සෙන්ට්‍රල් එකේ තමයි එක්සෑම් ලිව්වේ.
12:48
Speaker A
එක්සෑම් කාලේට අම්මා නිවාඩු දාලා අම්මා වාහනෙන් මාව එක්කගෙන යනවා.
12:54
Speaker A
එක්කගෙන එනවා, එක්කගෙන යනවා, එක්කගෙන එනවා.
12:56
Speaker A
ඔහොම එක දවසක් අම්මයි මායි ගෙදර එනකොට තාත්තා ගෙදර හිටියා.
13:02
Speaker A
මම එක්සෑම් අමාරු වුනා කියලා එහෙම එහෙනම් දුකින් මැරිලා වගේ ගෙදර එන්නෙත් නැහැ.
13:09
Speaker A
හරිද.
13:11
Speaker A
මම හොඳට හිනා වෙලා චිල් එකේ සතුටින් ගෙදරත් එනවා.
13:14
Speaker A
කොහොම හරි එක දවසක් එද්දි තාත්තා ගෙදර.
13:18
Speaker A
හරියටම තාත්තා ඉස්සරහා හිටියේ, මම වාහනෙන් බහිද්දි තව කවුරු හරි හිටියා අපේ තාත්තා එක්ක.
13:24
Speaker A
තාත්තා කිව්වා ආ එක්සෑම් ලේසියි වගේ නේද කියලා.
13:27
Speaker A
තාත්තත් නිකන් අර එයා බලාපොරොත්තු තියාගෙන හිටියේ කොහොමත් මම ගැන.
13:34
Speaker A
ඉතින් එයා හරි සතුටින් කිව්වා.
13:37
Speaker A
එතකොට තමයි තේරුනේ දෙයියනේ මේ දෙන්නා හරියට මම ගැන හිතාගෙන ඉඳලා තියෙනවා.
13:42
Speaker A
මොකක්ද මේ කරේ කියන එක.
13:44
Speaker A
ඊට පස්සේදී ඔන්න දැන් එතකොට මම දන්නවා මගේ රිසල්ට් එක.
13:49
Speaker A
මම දන්නවා මම බයෝ යන්තම් පාස් ඇති.
13:53
Speaker A
ෆිසික්ස් යන්තම් පාස් ඇති.
13:55
Speaker A
කෙමිස්ට්‍රි නම් කොහොමත් මම ෆේල් කියන එක.
13:58
Speaker A
ඒක මම බලාපොරොත්තු වුනු රිසල්ට් එක.
14:00
Speaker A
ඊට පස්සේ කොහොම හරි ඔන්න රිසල්ට්ස් එන දවස.
14:03
Speaker A
මම උදේම රිසල්ට්ස් බැලුවා.
14:06
Speaker A
උදේ ආවේ.
14:08
Speaker A
ඊට පස්සේදී හරි, බලාපොරොත්තු වුනු රිසල්ට්ස් එක ඒ විදියටම ඇවිල්ලා තිබ්බා.
14:13
Speaker A
කෙමිස්ට්‍රි ෆේල්.
14:14
Speaker A
අම්මයි තාත්තයි රූම් එකෙන් එළියට ඇවිල්ලා ඒගොල්ලොන්ටත් කෝල් එකක් එන්න ඇති රිසල්ට්ස් ඇවිල්ලා කියලා.
14:20
Speaker A
එළියට ඇවිල්ලා ඇහුවා මේ රිසල්ට්ස් ඇවිල්ලා.
14:23
Speaker A
රිසල්ට්ස් බලන්න කියලා.
14:25
Speaker A
මම එතකොට බලලා හිටියේ.
14:27
Speaker A
මම කිව්වා අම්මේ මම බලලා ඉන්නේ කියලා.
14:29
Speaker A
අම්මා ඇහුවා කොහොමද කියලා.
14:31
Speaker A
ඊට පස්සේ මම කිව්වා මම කෙමිස්ට්‍රි ෆේල් කියලා.
14:33
Speaker A
ඊට පස්සේ අපේ අම්මා අඬන්න පටන් ගත්තා.
14:35
Speaker A
ඒ කියන්නේ එයා මොකක්ද මේ සිද්ධ වුනේ කියලා එයාලා කවදාවත් හිතුවේ නැහැ මම එක්සෑම් එකක් ෆේල් වෙයි කියලා ඉඳපු විදියට.
14:44
Speaker A
අම්මා අඬන්න පටන් ගත්තා.
14:46
Speaker A
තාත්තා මුකුත් කිව්වේ නැහැ.
14:48
Speaker A
මම ඇඬුවේ නැහැ ඉතින්, ඒ කියන්නේ මම දන්නවනේ මේක වෙනවා කියලා.
14:54
Speaker A
මට අප්සෙට් අම්මා අඬන නිසා.
14:56
Speaker A
තාත්තා කිව්වා කමක් නැහැ, ෆේල් වුනත් පාස් වුනත් මගේ දුව.
15:00
Speaker A
කියලා කිව්වා.
15:02
Speaker A
හරිද, තාත්තයි අම්මයි දන්නවනේ මම මේ වෙලාවේ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ, බය වෙලා ඉන්නේ කියලා.
15:07
Speaker A
හැබැයි මට ගහන්නවත්, බැනෙන්නවත්, කිසිම දෙයක් නැහැ, අපි ඊළඟ පාර කරමු කියන එක තමයි ඒගොල්ලෝ කිව්වේ.
15:14
Speaker A
අම්මට අරක පොඩ්ඩක් එයා අපිව බලාගත්තු විදියට, අපිව ගයිඩ් කරපු විදියට එයා හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා.
15:22
Speaker A
ඒක දරාගන්න බැරුව අම්මා ඇඬුවා.
15:25
Speaker A
ඒ ඇරෙන්න ඒ දෙන්නා මට ගෙදර ඉන්න එපා වෙන තත්ත්වයක් ඇති කරේ නැහැ.
15:29
Speaker A
හරිද, එදා ඉඳන්ම ඒ දෙන්නා ආ හරි කමක් නැහැ, අපි ඊළඟ එක කරමු.
15:36
Speaker A
ඒ කියන්නේ අපේ තාත්තා කියන්නේ මාර සැරයි අපේ තාත්තා.
15:40
Speaker A
ඉතින් තාත්තට හරි බයයි.
15:42
Speaker A
ඒත් අපේ තාත්තා ඒ වෙලාවෙවත් මට බැනෙන්නේ නැහැ, මට තව ආදරේ දුන්නා ඒගොල්ලෝ.
15:50
Speaker A
අපේ අම්මා ගොඩාක් හෝප්ස් තියාගෙන හිටියා අපි හොඳ තැනකට යයි කියලා, මොකද මගේ අම්මා කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්.
15:58
Speaker A
එයා ඉස්කෝලේ යන කාලෙත් හොඳට වැඩ කරලා, A/L හොඳට කරගෙන, යුනිවර්සිටි ගිහින් ෆස්ට් අයි එකෙන්ම, ඊට පස්සේ හොඳ ජොබ් එකක් කරන, හොඳ පොසිෂන් වල ඉඳපු.
16:09
Speaker A
ඒ පොසිෂන් අපි නිසාම එයා අතහැරියා, ඒකට හේතුව තමයි අපි තුන්දෙනාට එයාට ෆෝකස් එක දෙන්න බැරි වෙන්න නිසා.
16:15
Speaker A
එයා හොඳ පොසිෂන් එක ලොකු තැනක ඉඳලා එයා එතන දාලා ආවා ආයේ අපි තුන්දෙනා වෙනුවෙන්.
16:22
Speaker A
ඉතින් ඒ කරලා තමයි අපි තුන්දෙනාව ගොඩ දැම්මේ අම්මා.
16:26
Speaker A
එහෙම කරපු කැපකිරීම් කරපු කෙනෙක් අපි වෙනුවෙන් අම්මා කියලා කියන්නේ.
16:34
Speaker A
ඉතින් අම්මට ඒ වගේ දෙයක් අනිත් පැත්තට ලැබුනා කියන්නේ මගෙන්.
16:40
Speaker A
අම්මට හිතාගන්න බැරි වෙන්න ඇති.
16:43
Speaker A
ඉතින් ඒකයි එයා අඬන්න ඇත්තේ.
16:45
Speaker A
මොකක්ද ඒ වුනේ කියලා.
16:47
Speaker A
තව දෙයක් තියෙනවා තාත්තා.
16:50
Speaker A
තාත්තා ගැන කියනවා නම් එයාත්.
16:53
Speaker A
එයා නිහඬව බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක්.
16:56
Speaker A
හැබැයි එයා මට කියලා තියෙනවා දෙතුන් වතාවක් මම ඔයා ගැන ගොඩාක් බලාපොරොත්තු තියන් ඉන්නේ පුතේ.
17:04
Speaker A
ඔයා තමයි මගේ ලෝකේ.
17:07
Speaker A
ඒ වගේ දේවල් ලස්සන දේවල් මගේ තාත්තා මට ගොඩක් කියලා තියෙනවා.
17:12
Speaker A
ඒ දේවල් මගේ හිතේ අදටත් හැමදාම තියෙනවා මගේ තාත්තා ගැන.
17:18
Speaker A
එක කතාවක් තියෙනවා මගේ තාත්තා ළඟ බෑග් එකක් තිබ්බා.
17:24
Speaker A
හරිද.
17:25
Speaker A
අර ලැප් ගෙනියන බෑග් එකක් තිබ්බේ.
17:28
Speaker A
ඒක අම්මා මොකක් හරි වැඩකට, ඒ කියන්නේ තාත්තා ඒක පරිස්සමට අල්මාරියේ දාලා තියෙනවා.
17:34
Speaker A
අම්මා මොකක් හරි වැඩකට ඒක ගන්න හදද්දි තාත්තා කියලා තියෙනවා ඕක ගන්නේ එපා.
17:40
Speaker A
ඕක තියාගෙන ඉන්නේ මම කෙල්ල මෙඩිසින් ගියාම දෙන්න කියලා.
17:43
Speaker A
ඉතින් හිතන්න අපේ තාත්තා කොච්චර මම ගැන බලාපොරොත්තු තියාගෙනද කියලා.
17:48
Speaker A
ඒ කියන්නේ එයා තනි තනිකර හිතාගෙන ඉන්නවා මම යනවා.
17:51
Speaker A
කියලා.
17:53
Speaker A
එයාට කිසිම ඩවුට් එකක් තිබිලා නැහැ ඒක ගැන.
17:56
Speaker A
ඉතින් එහෙම වෙලත් මම ෆේල් වෙලා රිසල්ට්ස් එක ගෙදරට එනවා.
18:02
Speaker A
සෙකන්ඩ් එකත් කරා.
18:04
Speaker A
එතකොටත් මම හරියට එක්සෑම් කරේ නැහැ, ඒ කියන්නේ මම හරිම නෙගටිව් ෆීලින් එකක ඒ වෙලාවෙත් හිටියේ.
18:10
Speaker A
මට මේක හරියට කරගන්න බැහැ.
18:13
Speaker A
දැන් මෙතනින් එහාට මට මහන්සි වෙන්න තේරෙන්නෙත් නැහැ.
18:15
Speaker A
එතකොට හැබැයි මම තංගල්ලේ ක්ලාසස් වලට ගියේ.
18:19
Speaker A
මාව ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට දැම්මා අම්මා කෙමිස්ට්‍රි වලට.
18:24
Speaker A
කෙමිස්ට්‍රි මට තියරි අහුවෙලා නැති නිසා.
18:27
Speaker A
ඊට අමතරව අනිත් දේවල් ටික ශේප් එකේ මම කරා ඉතින් ක්ලාසස් වලට ගිහින් එනවා.
18:33
Speaker A
ඇවිල්ලා මහන්සි නිදියනවා එහෙම.
18:36
Speaker A
තංගල්ලේ ක්ලාස් යන කාලේ.
18:38
Speaker A
එතකොට තංගල්ලට මාරු කරා.
18:40
Speaker A
එතකොට මම ගෙදර ඉඳන් ක්ලාසස් වලට ගියේ ඔක්කොම.
18:43
Speaker A
අම්මයි තාත්තයි ළඟ හිටියා අර වෙලාවේ.
18:46
Speaker A
මට වෙච්ච ලොකුම දෙයක් තමයි ඒ දෙන්නා නැති වුනු එක මං ළඟ.
18:52
Speaker A
ඒ දෙන්නා හිටියා නම් මම අර අම්මගේ ගයිඩ් එක තියෙනවනේ වැඩ කරන්න ඕනේ එතකොට.
18:59
Speaker A
එතකොට වැඩ කරයි මොනවා හරි.
19:01
Speaker A
දැන් ඒකත් නැතුවනේ මම නිකන්ම හිටියේ.
19:05
Speaker A
කොහොම හරි ඒ අවුරුද්දත් මම ශේප් එකේ වැඩ කරා.
19:08
Speaker A
අනිත් එක තමයි අපේ ගෙදර සම්පූර්ණ පාඩම් කරන්න පුළුවන් වෙන විදියට තමයි ඒගොල්ලෝ හදලා තිබ්බේ.
19:12
Speaker A
ඒ කියන්නේ කිසිම වෙලාවක ටීවී එක සද්දෙට දාන්න බැහැ අපේ ගෙදර එක්කෙනෙක් පාඩම් කරනවා නම්.
19:20
Speaker A
කාටවත් කෑ ගහන්න බැහැ අපේ ගෙදර එක්කෙනෙක් පාඩම් කරනවා නම්.
19:24
Speaker A
ඒ වගේ, ඒ කියන්නේ අපි වුනත් හැදිලා තිබ්බේ මල්ලිලා වුනත් පාඩම් කරනවා නම්.
19:30
Speaker A
අපි කෑ ගහන්නේ නැහැ, අපි ටීවී සද්දෙන් දාන්නේ නැහැ.
19:33
Speaker A
ඒ දෙන්නාමත් ටීවී එක සද්දෙන් දාගන්නේ නැහැ.
19:35
Speaker A
ඒ විදියට හරි හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක් හදලා තිබ්බා අපිට ගෙදර ඉගෙන ගන්න දේවල් වලට.
19:42
Speaker A
රූම්ස් පවා අපි කිව්වොත් අපිට මේකෙන් මේකට යන්න ඕනේ කියලා ටක් ගාලා මාරු කරලා දෙනවා රූම් එක.
19:48
Speaker A
එහෙම හරියට ඒ දෙන්නා ඒ දේවල් කරා, කරලා දුන්නා අපිට ඕනේ දෙයක්.
19:54
Speaker A
මට මේක බැහැ, මට මේකට ඉන්ඩිවිජුවල් කරන්න ඕනේ කිව්වොත් එහෙම කරනවා ටක් ගාලා.
20:00
Speaker A
ඉන්ඩිවිජුවල් කරමු කියලා.
20:01
Speaker A
ඒ විදියට.
20:02
Speaker A
ඉතින් එහෙම කරලත් මම කරගත්තේ නැහැ කියන්නේ සම්පූර්ණ මගේ නොහැකියාව.
20:08
Speaker A
වෙන කිසිම දෙයක් මගේ අම්මගේ, තාත්තගේ වැරැද්දක්වත්, මගේ ගුරුවරුන්ගේ වැරැද්දක්වත්.
20:14
Speaker A
මගේ යාළුවන්ගේ වැරැද්දක්වත් කිසිම දෙයක් නෙමෙයි.
20:17
Speaker A
මගේ නොහැකියාව තමයි.
20:19
Speaker A
මම සෙකන්ඩ් එක කරාට පස්සේ මට C 2යි S එකක් ආවේ.
20:24
Speaker A
ඒ S එක ආවෙත් කෙමිස්ට්‍රි වලටමයි.
20:27
Speaker A
ඊට පස්සේදී මම හිතුවා හරි මට දැන් NTS ඇප්ලයි කරන්න පුළුවන්.
20:31
Speaker A
මම NTS ඇප්ලයි කරනවා කියලා.
20:33
Speaker A
මම NTS ඇප්ලයි කරා.
20:34
Speaker A
ඒ දෙන්නා ඒත් අතහැරියේ නැහැ.
20:36
Speaker A
ඒ දෙන්නා මම තර්ඩ් එකටත් ක්ලාස් යැව්වා.
20:38
Speaker A
එක දෙයක් තිබ්බා මගේ ජීවිතේ වෙනස් වුනු, අන්න ඒ කතාව තමයි මම දැන් කියන්න යන්නේ.
20:44
Speaker A
එක දවසක් මම තර්ඩ් අයි කරන්න දැන් ක්ලාසස් ගියාට මට උනන්දුවක් නැහැ ඒක කරන්න.
20:51
Speaker A
මට ඒක කරන්න ඕනේ නැහැ, මට NTS යන්න පුළුවන්නේ දැන්.
20:55
Speaker A
ඒ කියන්නේ නර්සින් යන්න පුළුවන්නේ.
20:57
Speaker A
ඉතින් මම හිතුවා හරි, මම දැන් නර්සින් යනවා.
21:02
Speaker A
ඊට කලින් මම මොනවා හරි ජොබ් එකක් කරනවා.
21:06
Speaker A
ඉන්ටර්වීව්වත් ඇවිල්ලා නැහැ ඒ වෙද්දි නර්සින් වලට.
21:10
Speaker A
මම හිතුවා හරි මම එතකන් මොනවා හරි ජොබ් එකක් කරනවා කියලා හිතලා.
21:15
Speaker A
පත්තරේ අරගෙන පත්තරෙන් බලලා ජොබ් එකක් හොයාගත්තා.
21:18
Speaker A
A/L පාස් වෙලා තියෙන විතරයි ඕනේ ඒකට යන්න.
21:22
Speaker A
ඒකත් රවුන් කරගෙන මම අම්මා ගෙදර හිටියේ නැහැ.
21:26
Speaker A
මම අම්මා එනකන් හිටියා.
21:28
Speaker A
මම ගෙදර ආවා.
21:30
Speaker A
ආවට පස්සේ මම අම්මට පෙන්නුවා මම අම්මේ නර්සින් යනකන් මේක කරනවා නම් කියලා.
21:35
Speaker A
ඊට කලින් මට අම්මා තාත්තා ඩ්‍රයිවින් ලයිසන් එහෙම ඔක්කොම අරගෙන දුන්නා.
21:40
Speaker A
ඉතින් මම දැන්, ඒ කියන්නේ එක්සෑම්, A/L පැත්තෙන් ඈත් වෙලා.
21:48
Speaker A
මට හිතුනා දැන් හරි මම දැන් එතනින් එහාට මම ජොබ් එකකට තමයි යන්න ඕනේ.
21:54
Speaker A
ඒ කරලා මම රවුන් කරගෙන ඉඳලා අම්මට පෙන්නුවා ඒක.
21:57
Speaker A
ඊට පස්සේ අම්මා, මගේ අම්මා කියන්නේ එහෙම කේන්ති ගන්න මනුස්සයෙක් නෙමෙයි.
22:03
Speaker A
එයා හරිම කූල් එකේ ඉන්න මනුස්සයෙක්.
22:05
Speaker A
තාත්තා තමයි සැර අපේ.
22:07
Speaker A
ඒ අම්මට තරහා ගියා කියන්නේ අපේ අම්මා සාමාන්‍යයෙන් මොනවා හරි කිව්වත්.
22:14
Speaker A
අනේ අම්මේ මොකක්ද මේගොල්ලෝ කරන්නේ, මොනවද මේ කරන්නේ, පාඩම් කරන්න.
22:20
Speaker A
එහෙම කියනවා ඇරෙන්න සැර දාන්නේ නැහැ.
22:23
Speaker A
එදා පත්තරේ ඉරුවා, ඉරලා පොඩි කරලා වීසි කරලා දැම්මා.
22:27
Speaker A
ඒ කරලා මට බැනෙන්න පටන් ගත්තා.
22:30
Speaker A
කවදාවත් බැනපු නැති විදියට මට බැනෙන්න පටන් ගත්තා.
22:34
Speaker A
මට හිතාගන්න බැහැ මොකක්ද ඒ වුනේ කියලා.
22:38
Speaker A
අම්මා.
22:39
Speaker A
එහෙම හැසිරුනා කිව්වාම.
22:42
Speaker A
තාත්තත් සද්ද නැහැ.
22:44
Speaker A
ඊට පස්සේදී මම හිතුවා හරි මේක හරියන්නේ නැහැ, අපේ අම්මා මම ගැන හිතන් ඉන්න විදිය හරි ලොකුයි.
22:50
Speaker A
ඒ නිසා මම එදා නම් මම හොඳටම ඇඬුවා.
22:54
Speaker A
මම කවදාවත් මගේ අම්මා බැනට අඬන මනුස්සයෙක් නෙමෙයි.
22:58
Speaker A
තාත්තා බැනොත් මම අඬනවා.
23:00
Speaker A
එහෙම ඇරෙන්න අම්මා බැනා කියලා මම අඬන්නේ නැහැ.
23:03
Speaker A
එදා මම අම්මා බැනට ඇඬුවා.
23:05
Speaker A
ඇඬලා කොහොම හරි මම හිතුවා හරි, මම දැන් පාඩම් කරන්න ආයේ පටන් ගන්න ඕනේ.
23:10
Speaker A
තර්ඩ් එක මම හරියට කරන්න ඕනේ.
23:13
Speaker A
ඒ වෙද්දි තර්ඩ් එකට එක්සෑම් එකට මාස තුනක් වගේ තිබ්බේ.
23:18
Speaker A
තුනක් හතරක් වගේ තිබ්බා.
23:20
Speaker A
ඊට පස්සේදී ඊට පස්සේ දවසෙම මම අපේ ගෙදර තියෙනවා ඉස්සරහම කාමරේ.
23:26
Speaker A
අර ගෙස්ට්ලාට දෙන්න තියෙන්නේ.
23:28
Speaker A
ඒක මම කිව්වා එහෙනම් මට ඒක අස් කරලා මම ඒක පාඩම් කරන්න ගන්නම් කියලා.
23:34
Speaker A
මොකද අර බෙඩ්රූම් එකේම පාඩම් කරන්න බැහැ.
23:38
Speaker A
මට නිදාගන්න හිතෙයි.
23:40
Speaker A
ඒ නිසා මම ඒ රූම් එකට යන්නම් කියලා.
23:44
Speaker A
මම ඊට පස්සේ ඒ කාමරේ අස් කරගෙන.
23:47
Speaker A
ඒ රූම් එකට ගියා.
23:50
Speaker A
ඒකේ තිබ්බේ පොත් මේස ටික විතරයි, වෙන මොනවත් තිබ්බේ නැහැ.
23:54
Speaker A
ඊට පස්සේදී මම එදාම ඒ දැන් අඬලා ඔක්කොම රූම් එකත් අස් කරගෙන.
24:00
Speaker A
මම ගියා මගේ යාළුවාගේ ගෙදර.
24:04
Speaker A
මගේ යාළුවා පොඩි කාලේ ඉඳන්ම.
24:07
Speaker A
අපි නර්සරි කාලේ ඉඳන්ම අපි හොඳම යාළුවෝ දෙන්නෙක්.
24:10
Speaker A
ඉතින් අපි දෙන්නා එකටමයි ශිෂ්‍යත්වය පාස් වුනෙත්.
24:15
Speaker A
එකටමයි O/L ක්ලාස් එක වෙනකන් හිටියත්, A/L ක්ලාස් එකෙත් එකට හිටියේ.
24:20
Speaker A
ඒ කරලා අපි දෙන්නා දැන් එයා පේරාදෙණිය යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා.
24:26
Speaker A
ඉතින් මේ මගේ යාළුවා බට් ටික ගෙදර මම ගියා.
24:30
Speaker A
මම ගිහින් කිව්වා වට්ටි මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් වුනා අපේ ගෙදර ඊයේ.
24:37
Speaker A
අම්මට කේන්ති ගියා, අම්මා මට බැනෙන්න පටන් ගත්තා.
24:41
Speaker A
එහෙම එහෙම මම එයාට ඉතින් මගේ දුක කිව්වා.
24:43
Speaker A
හරිද.
24:44
Speaker A
මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් වුනා, මම දැන් තර්ඩ් එක හරියට කරන්න ඕනේ කියලා.
24:48
Speaker A
ඊට පස්සේ අපි දෙන්නා ක්ලාසස් ගියේ එකට තංගල්ලේ.
24:52
Speaker A
ක්ලාසස් වලට යන්න පටන් ගත්තා.
24:55
Speaker A
අපි දෙන්නා ඉතින් එකටත් පාඩම් කරා.
24:57
Speaker A
එහෙම නැතුවත් පාඩම් කරා.
25:00
Speaker A
එහෙම එහෙම අපි දෙන්නා පාඩම් කරා.
25:02
Speaker A
ඔන්න දැන් මම කියන්නම් මම කොහොමද වැඩ කරේ කියලා තර්ඩ් එකට.
25:06
Speaker A
මේක තමයි වැදගත්ම ටික මේ වීඩියෝ එකේ.
25:08
Speaker A
මම මුලින්ම මගේ ටොපික්ස් ටික ලියාගත්තා, ටීචර්ස් ගයිඩ් ටික ෆොටෝ කොපි කරගත්තා.
25:14
Speaker A
විවරණ ටික ෆොටෝ කොපි කරගත්තා.
25:16
Speaker A
ඒ ටික මුලින් කරගත්තා.
25:18
Speaker A
ඊට පස්සේදී මම ටීචර්ස් ගයිඩ් වලට අනුව ටොපික්ස් ටික ලියාගත්තා.
25:25
Speaker A
ලියාගෙන මට කවර් වෙලා නැති ඒවා මම හොයාගත්තා.
25:30
Speaker A
ඒ කරලා මගේ යාළුවා තව එක්කෙනෙක් මතක් කරන්න ඕනේ ශම්මිව.
25:34
Speaker A
ශම්මි මට ගොඩක් උදව් කරලා තියෙනවා මගේ ඒ මාස ගාන ඇතුලේ.
25:39
Speaker A
සහ ඊට කලින් ඉඳන්ම ශම්මි, ඒ කියන්නේ ශම්මි කියන්නේ මම තර්ඩ් එකේ.
25:45
Speaker A
සොරි ෆස්ට් අයි එකේ මම කිව්වේ යාළුවෝ දෙන්නෙක් එක්ක බෝඩ් වුනා කියලා.
25:50
Speaker A
ඒ එක යාළුවෙක් තමයි ශම්මි කියලා කියන්නේ.
25:52
Speaker A
ඉතින් ශම්මි සෙකන්ඩ් අයි එකේ මෙඩිසින් සිලෙක්ට් වෙලා හිටියේ ඒ වෙද්දි කරාපිටිය මෙඩිකල් ෆැකල්ටි එකට.
26:00
Speaker A
ඉතින් කොහොම හරි ශම්මි මට බයලජි වල එහෙම මට අහුවෙලා නැති රිප්‍රොඩක්ටිව් සිස්ටම් එකේ.
26:07
Speaker A
ඒ වගේ ටිකක් තිබ්බා අහුවෙලා නැති.
26:10
Speaker A
ඒ දේවල් ටික ශම්මි මට කියලා දුන්නා.
26:13
Speaker A
ඒ කියන්නේ මට කටපාඩම් කිරීමේ හැකියාවක් තියෙන කෙනෙක් නෙමෙයි මම.
26:19
Speaker A
මට හැබැයි මොනවා හරි ලොජික් එකක් එක්ක දෙයක් කියලා දුන්නොත් මට ඒක ඔලුවේ තියාගන්න පුළුවන්.
26:24
Speaker A
මම හිතන්නේ ඒක හැමෝටම එහෙමයි.
26:26
Speaker A
ඉතින් ශම්මි මට කියලා දුන්නා මෙහෙම මෙහෙමයි මේක කියලා.
26:30
Speaker A
එයා හොඳට කියලා දුන්නා මට බයලජි ටික.
26:32
Speaker A
ඒ වගේම ශම්මිගේ ඔය කෙමිස්ට්‍රි මොඩල් පේපර්ස් අනම් මනම් එයා ලියපුවා එහෙමත් මට දුන්නා.
26:38
Speaker A
මම එතකොට තර්ඩ් එකේ හිතාගත්තා මට මෙඩිසින් යන්න බැරි වුනොත් මම ආයුර්වේද යනවා කියලා.
26:43
Speaker A
සෙකන්ඩ් එකෙනුත් මම නර්සින් යන්න ලෑස්ති වෙලා හිටියේ, මට ඕනේ වුනේ කොහොම හරි ඒ ෆීල්ඩ් එකේ වැඩක් කරන්න.
26:49
Speaker A
ඒ නිසා මම නර්සින් ඇප්ලයි කරේ සෙකන්ඩ් එකෙන්.
26:52
Speaker A
කොහොම හරි තර්ඩ් එකෙන් මම හිතුවා මට මෙඩිසින් යන්න හදිසියෙවත් බැරි වුනොත් එහෙම.
26:56
Speaker A
මම ආයුර්වේද යන්නේ ඊළඟට කියලා.
26:59
Speaker A
ඊට පස්සේ මම කියන්නම් මගේ ටයිම් ටේබල් එක ගැන.
27:01
Speaker A
මගේ ටයිම් ටේබල් එක ගත්තොත් එහෙම ඒක මට අද වෙනකුනුත් මතකයි.
27:06
Speaker A
මම කොහොමද වැඩ කරේ කියලා.
27:08
Speaker A
මම කෙමිස්ට්‍රි වලට ලොකු වෙලාවක් දීලා තිබ්බේ.
27:12
Speaker A
ඉරිදා හවසින් පටන් ගන්නම්.
27:14
Speaker A
ඉරිදා හවස හතට මම පටන් ගන්නවා ෆිසික්ස් කරන්න.
27:19
Speaker A
ෆිසික්ස් කරලා 11, 12 වෙනකන් ෆිසික්ස් කරන්නේ.
27:24
Speaker A
කරලා මට සඳුදා ෆිසික්ස් තමයි ක්ලාස් එක තිබ්බේ.
27:28
Speaker A
එතකොට මම ෆිසික්ස් රිවිෂන් එකට යනවා.
27:31
Speaker A
සඳුදාත් මම කරන්නේ උදේ පහට විතර ඇහැරෙනවා.
27:34
Speaker A
මම ඒ කාලෙත් මෝනින් පර්සන් කෙනෙක්, මට උදේ නැගිටින්න පුළුවන්.
27:38
Speaker A
ගොඩාක් උදේ නෙමෙයි, 4:30, 5 කියන්නේ මම නැගිටින වෙලාව.
27:41
Speaker A
ඊට පස්සේදී උදේ ඇහැරලා මම MCQ එකක් වගේ කරලා ක්ලාස් එකට යනවා.
27:46
Speaker A
ක්ලාස් එකට ගිහිල්ලා ඊට පස්සේ හවස 6:30, 7, 7:15 විතර වෙනවා සමහර දවසට ගෙදර එද්දි.
27:53
Speaker A
ඒ කියන්නේ ගොඩක් දවසට ඒ වගේ වෙලාව තමයි ගෙදර එද්දි.
27:56
Speaker A
බස් එකේ යන්නේ එන්නේ මම.
27:58
Speaker A
ගෙදර ඇවිල්ලා මම මහන්සියි කියලා බැලුවේ නැහැ, ප්ලේන් ටී එකක් හරි, කොෆී එකක් හරි බීලා.
28:05
Speaker A
වොෂ් එකක් දාගෙන මම වැඩ කරන්න පටන් ගන්නවා.
28:10
Speaker A
හැබැයි මම ගොඩක් වෙලාවට ලයිට් ඩයට් එකක් ගත්තේ රෑට, ගොඩක් ගොඩාක් කෑවේ නැහැ.
28:15
Speaker A
සාමාන්‍ය විදියට කෑවා.
28:17
Speaker A
කෑවා.
28:18
Speaker A
කන්නැතුව හිටියේ නැහැ.
28:20
Speaker A
හරිද, රෑ 11, 12 වෙනකන් වැඩ කරනවා.
28:24
Speaker A
කොහොම හරි මම එදා ක්ලාස් එකේ වැඩ ටික ඉවර කරලා තමයි නිදියන්නේ.
28:27
Speaker A
ක්ලාස් එකේදී මට අමාරු අහුවුනු අමාරු ගණන්, අහුවුනු නැති ගණන්.
28:32
Speaker A
මොනවා හරි පේපර් එකක් දුන්නා නම් ඒකේ විවරණය.
28:36
Speaker A
ඒ වගේ ඒ දේවල් ටික ඉවර කරනවා.
28:38
Speaker A
ඊට පස්සේ අඟහරුවාදා මගේ බයෝ ක්ලාස් තියෙන දවස.
28:43
Speaker A
අඟහරුවාදා මම උදේ පහට නැගිටලා බයෝ MCQ එකක් ගහනවා.
28:48
Speaker A
MCQ එක ගහන්න මෙහෙමයි.
28:51
Speaker A
ඒ කියන්නේ කලින් අපේ ක්ලාස් එකේ දීපු MCQ එකක් හරි, එහෙම නැත්නම් පාස් පේපර් MCQ එකක් හරි ඒවා.
28:58
Speaker A
එතකොට මම ගොඩක් මොඩල් පේපර්ස් කරපු ළමයෙක් නෙමෙයි.
29:02
Speaker A
මට එහෙම කරන්න වෙලාව තිබ්බේ නැහැ ඒ මාස ගානේ.
29:04
Speaker A
පාස් පේපර්ස් සහ ක්ලාසස් වල වැඩත් එක්කම තමයි හිටියේ.
29:08
Speaker A
ඒ ටික කරලා මම හයට බස් එකේ නගින්නත් ඕනේ යන්න.
29:11
Speaker A
ඊට පස්සේ මම කොහොම හරි හයට බස් එකේ නැගලා යනවා ක්ලාස් එකට.
29:14
Speaker A
ඊට පස්සේ දවසෙම බයෝ.
29:16
Speaker A
ඔය ක්ලාසස් හතරෙදිත් මම වැඩ කරා, මම ඒ ටික ඊළඟට කියන්නම් මගේ ටයිම් ටේබල් එක කියලා ඉවර වෙලා.
29:22
Speaker A
ඊට පස්සේදී කැම් එකේ හෙල්ලුනානේ.
29:26
Speaker A
කොහොම හරි ඒකත් ඉවර කරලා ගෙදර ඇවිල්ලා.
29:30
Speaker A
බයෝ ඉවර කරලා ගෙදර ඇවිල්ලා අර කලින් දවසේ වගේම වොෂ් එකක් දාගෙන කොෆී එකක් බීලා.
29:37
Speaker A
පටන් ගන්නවා බයෝ ක්ලාස් එකේ MCQ ඉවර කරන්න.
29:40
Speaker A
MCQ එක විතරයි මම එදාට විවරණය කරන්නේ.
29:43
Speaker A
රෑ වෙනකන් 11, 12 වෙනකන් MCQ එක කොහොම හරි අමාරුයි ඇහැරගෙන ඉන්නේ සමහර වෙලාවට.
29:49
Speaker A
කොහොම හරි ඉවර කරනවා ඒක.
29:51
Speaker A
ඉවර කරලා නිදියනවා.
29:53
Speaker A
බදාදා උදේ හයට විතර ඇහැරෙන්නේ, පහට ඇහැරෙන්නේ නැහැ.
29:56
Speaker A
දවසෙම බයෝ කරන්නේ.
29:58
Speaker A
ඒ අතරේ ලන්ච් එකට එහෙම බ්‍රේක්ස් ගන්නවා.
30:02
Speaker A
ඒ ක්ලාස් එකේ දෙන වැඩ ටික ඔක්කොම ඒ විදියට කරනවා.
30:05
Speaker A
ක්ලාස් එකේ වැඩ ටික.
30:07
Speaker A
බයෝ වලට මම පාස් පේපර්ස් කරේ නැහැ.
30:10
Speaker A
ක්ලාස් එකේ වැඩ ටික තමයි ඔක්කොම කරේ.
30:13
Speaker A
ඉතින් මට එක දවසයි මම බයෝ පාඩම් කරේ ඒ විදියට.
30:16
Speaker A
බදාදා හවස හයට මම හරියටම වැඩ නතර කරනවා.
30:20
Speaker A
එතකොට මුළු මේසෙම තියෙන්නේ බයෝ විතරයි.
30:23
Speaker A
බයෝ ටික ඔක්කොම ක්ලීන් කරලා.
30:26
Speaker A
කෙමිස්ට්‍රි ටික ගන්නවා ඊට පස්සේදී.
30:28
Speaker A
හයට නැත්නම් පහට වැඩ ඉවර කරලා වොෂ් එකක් දාගෙන, පාන් ටිකක් කාලා.
30:34
Speaker A
ඒ දේවල් කරලා ඇවිල්ලා.
30:37
Speaker A
ආයේ පටන් ගන්නවා හවස හයට, හතට, පැයක් වගේ යනවා මට අර වැඩ ටික කරගන්න.
30:42
Speaker A
ඇවිල්ලා හොඳට රූම් එකක් ක්ලීන් කරගෙන.
30:44
Speaker A
ඊළඟට ඔන්න කෙමිස්ට්‍රි සීසන් එකට තමයි ලෑස්ති වෙන්නේ.
Topics:A/L කථාවපංචාලීඅසාර්ථකත්වයකොළඹ විශ්වවිද්‍යාලයබයෝලොජිකොමර්ස්ආර්ට්ස්ශ්‍රමය සහ සාර්ථකත්වයශ්‍රේණිගත කිරීමශ්‍රව්‍ය විස්තර

Frequently Asked Questions

පංචාලීගේ A/L විභාගයේ ප්‍රථම වතාවට අසාර්ථක වීමේ හේතුව කුමක්ද?

පංචාලී ක්ලාස් මාරු කිරීමෙන් සහ විවිධ ගුරුවරුන්ගෙන් පාඩම් ගැනීමෙන් ඇති වූ අච්චාරුව, විභාගයට සූදානම් වීමේ අඩුකම සහ නිදිමත වීම හේතුවෙන් ඔහු අසාර්ථක විය.

පංචාලී කොළඹ විශ්වවිද්‍යාලයට කොහොම ආවේද?

අසාර්ථක වීමෙන් පසු ගෙදර සිට වැඩ කරමින් නිදහස් කාලය ලබාගෙන නැවත උත්සාහ කර, අන්තිමට හොඳ ප්‍රතිඵල ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

පංචාලීගේ විෂය තෝරා ගැනීමේ ගැටලු මොනවාද?

ආර්ට්ස්, කොමර්ස් සහ බයෝලොජි අතර තේරීමේදී ඔහුට ගැටලු තිබුණි. ඔහුගේ ආසාව සහ පවුල් පසුබැසීම සැලකිල්ලට ගනිමින් අවසානයේ බයෝලොජි තෝරා ගත්තේය.

Get More with the Söz AI App

Transcribe recordings, audio files, and YouTube videos — with AI summaries, speaker detection, and unlimited transcriptions.

Or transcribe another YouTube video here →