YouTube Video — Transcript

A/L පාඩම් කළ හැටි, ටයිම් මැනේජ්මන්ට්, ක්ලාස් තේරීම සහ ෂෝට් නෝට්ස් ගැන උපදෙස්.

Key Takeaways

  • එකම හොඳ ටියුෂන් ක්ලාස් එකක් තෝරාගෙන පිළිවෙලට යාම වැදගත් වේ.
  • ටයිම් මැනේජ්මන්ට් සඳහා සරල ටු ඩූ ලිස්ට් එකක් හදාගැනීම සහ පොමොඩොරෝ මෙතඩ් එක භාවිතා කිරීම ප්‍රයෝජනවත් වේ.
  • ශෝට් නෝට්ස් නිවැරදිව සකස් කිරීමෙන් රිවයිස් කිරීම කාලය අඩු කරයි.
  • පාඩම් කරන කාලය පුද්ගලික අවශ්‍යතාව අනුව වෙනස් විය හැකි අතර ප්‍රධාන වශයෙන් තේරුම් ගැනීම වැදගත් වේ.
  • ක්ලාස් මාරු කිරීමෙන් වැළකී එකම ක්ලාස් එකට දිගටම යාම පාඩම් කාර්යක්ෂමතාව වැඩි කරයි.

Summary

  • A/L පාඩම් කරන ආකාරය සහ පාඩම් කළ යුතු ස්ථාන (ස්කෝලේ සහ ටියුෂන්).
  • හොඳ ටියුෂන් ක්ලාස් තෝරා ගැනීමේ වැදගත්කම සහ ක්ලාස් මාරු කිරීමේ අවදානම්.
  • ටයිම් මැනේජ්මන්ට් ක්‍රම, ටු ඩූ ලිස්ට් එකක් හදාගැනීම සහ ප්‍රයෝරිටි ලිස්ට් වලින් වළකින්න.
  • පොමොඩොරෝ (Pomodoro) මෙතඩ් එකෙන් විනාඩි 25 වැඩ, 5 විනාඩි විරාම ගැනීම.
  • ශෝට් නෝට්ස් ගැහීමේ වැදගත්කම සහ ඒවා නිවැරදිව සකස් කරන ආකාරය.
  • නෝට් එක තුනකට බෙදා ලිවීම: පාඩම් කොටස්, ප්‍රශ්න, සමරි/ස්කෙච්ස්.
  • නිවැරදිව නෝට්ස් සකස් කිරීමෙන් පසුව රිවයිස් කිරීම පහසු වන බව.
  • පාඩම් කරන කාලය සහ ප්‍රමාණය පුද්ගලික අවශ්‍යතාව අනුව වෙනස් විය හැකි බව.
  • අතිරේක ක්‍රියාකාරකම් (ඩාන්සින්, බැඩ්මින්ටන්, සොසයිටීස්) සමඟ සමබරව පාඩම් කළ යුතු බව.
  • සිලබස් එක පිළිවෙලට අනුගමනය කිරීමේ වැදගත්කම.

Full Transcript — Download SRT & Markdown

00:00
Speaker A
Hey guys, welcome back to my YouTube channel.
00:04
Speaker A
thumbnail එකේ තිබ්බ වගේම අද මම ඕගොල්ලොත් එක්ක ශෙයා කරගන්නවා මම ඒ ලෙවල්ස් වලට කොහොමද පාඩම් කරේ කියලා.
00:11
Speaker A
අද මම වීඩියෝ එක ටොපික්ස් කීපයක් යටතේ ඕගනයිස් කරලා කතා කරන්න හිතුවා.
00:17
Speaker A
මුලින්ම ස්කෝලේ ඒ වගේම ටියුෂන් කොහොමද තෝරගන්නේ ඒ දේවල් ගැන.
00:22
Speaker A
ඊළඟට ටයිම් මැනේජ් කරගන්නේ කොහොමද කියලා.
00:25
Speaker A
ඊළඟට ඉෆෙක්ටිව් විදිහට අපි පාඩම් කරන්නේ කොහොමද.
00:28
Speaker A
ඊළඟට පාස් පේපර්ස් කරන්නේ කොහොමද, ඊළඟට ගොඩක් අය කියන්නේ නැති ඒත් මට ඕගොල්ලොත් එක්ක ශෙයා කරගන්න තියෙන දේවල් ටිකක්.
00:34
Speaker A
ඊළඟට ස්ට්‍රෙස් මැනේජ් කරන්නේ කොහොමද, අමතර පොත් ඒ වගේ දේවල් තමයි මම මේ වීඩියෝ එකේදී අද ඕගොල්ලොත් එක්ක ශෙයා කරගන්නේ.
00:44
Speaker A
මුලින්ම අපි ඒ ලෙවල්ස් වලට ඉගෙන ගන්න තැන් දෙකක් තියෙනවනේ, එකක් තමයි ස්කෝලේ, අනිත් එක තමයි අපි ටියුෂන් ක්ලාසස්.
00:51
Speaker A
ස්කෝලේ ගත්තට පස්සේ මම මුල ඉඳලම ස්කෝලේ නම් ගියා, හරිද, ඒ කියන්නේ අපේ ස්කෝලේ කොහොම හරි ඒ දවස් වල ප්‍රැක්ටිකල් කරා, ඉගැන්නුවා, පාස් පේපර්ස් කරලා ඒවත් ඩිස්කස් කරා, ඒ හැම දෙයක්ම, ඒ කියන්නේ ප්‍රැක්ටිකල් කරලා, ස්ට්‍රක්චර්ඩ් එසේ වල ප්‍රැක්ටිකල් ගැන අහනවනේ ෆිසික්ස් වල එහෙම, ඒවා පවා ක්වෙෂන් පේපර්ස් කර කර ඒ හැම දෙයක්ම කරා, ඉතින් මම දිගටම ස්කෝලෙත් ගියා, හරිද.
01:55
Speaker A
ඒ වුනාට මම දන්නවා අපේ ලංකාවේ ගොඩක් ඒ ලෙවල් ස්ටුඩන්ට්ස්ලා දැනුම ලබා ගන්නේ ටියුෂන් ක්ලාසස් වලින් කියලා.
02:04
Speaker A
ඉතින් එතකොට අපි හරියට ටියුෂන් ක්ලාස් එකක් තෝරගන්න එක හරිම වැදගත්, ගොඩක් අය මගෙන් අහනවා අක්කි මොනවද ගියපු ටියුෂන් ක්ලාසස් මොනවද කියලා, ඒත් දැන් මම අඳුරන නංගිලට වුනත් මගෙන් ඇහුවම මොනවද ගියපු ක්ලාසස් කියලා මම ඒගොල්ලොන්ට කියලා තියෙනවා, හැබැයි ඒගොල්ලොම කියලා තියෙනවා දැන් ඒ ක්ලාසස් වල සිලබස් කවර් කරන්නේ නැහැ වගේ දේවල්.
02:25
Speaker A
ඉතින් ඇත්තටම දන්නේ නැහැ, හැබැයි කොහොමත් කාලෙන් කාලෙක හොඳම ක්ලාස් එක කියන එක වෙනස් වෙනවනේ, ඉතින් මම 2018 අවුරුද්දේ ඒ ලෙවල් කරේ, ඉතින් එතකොට දැන් ගොඩක් කල්, එතකොට මට හරියට ඕගොල්ලොන්ට ක්ලාස් එකක් මේක හොඳයි කියලා රෙකමන්ඩ් කරන්න බැහැ, ඕගොල්ලෝ ඒක අහන්න ඕනේ ළඟදී ඒ ලෙවල් කරපු අයියා කෙනෙක්ගෙන් හරි අක්කා කෙනෙක්ගෙන් හරි හොඳ රිසල්ට්ස් තියෙන එක්කෙනෙක්ගෙන්, හරිද.
03:24
Speaker A
ඊළඟට ක්ලාසස් තෝරගනිද්දී මම මුලින්ම හොඳ ක්ලාසස් ටිකක් තෝරගෙන ඒ ක්ලාසස් ටිකට දිගටම ගියා, පළවෙනි මාස දෙක තුනෙක් මම හිතන්නේ එක ක්ලාස් එකක් වෙනස් කරා, හැබැයි ඉතුරු ක්ලාසස් ටිකට එක දිගටම ගියා.
03:44
Speaker A
ඕයාලා ඒ ලෙවල්ස් කරනකොට ඕයාලගේ අතින් වෙන ලොකුම ලොකු වැරැද්දක් තමයි ඕයාලා ගොඩක් මැදින් ක්ලාසස් ගොඩක් එහෙට මෙහෙට මාරු වෙන එක, එහෙම ක්ලාසස් මාරු වෙන්න ගියාට පස්සේ ඕයාලට ගොඩක් අර මැද තියෙන පොඩි පොඩි පොඩි වැදගත් පාඩම් කොටස් මග ඇරෙනවා.
04:06
Speaker A
ඕගොල්ලෝ පස්සේ ඒවා කවර් කරගන්නවා කියලා හිතුවට අර වැදගත් කොටස් ඒවා මග හැරිච්ච හින්දා ඊළඟ කොටසත් ඕයාලට හරියට තේරෙන්නේ නැතුව යනවා, ඒ වගේම අපේ සිලබස් එක හදලා තියෙන්නේ අමාරු, සොරි, ලේසියෙන් ඉඳන් අමාරු වෙන්න, ඒ වගේම දැන් යාන්ත්‍ර විද්‍යාව ඔයාට පුළුවන් නම් හොඳට ඔයාට ඊළඟට දෝලන හා තරංග වගේ දේවල් තේරුම් ගන්න හරි ලේසියි, අන්න ඒ විදිහට පිළිවෙලකටනේ හදලා තියෙන්නේ, ඉතින් එතකොට අපි ක්ලාසස් මාරු කර කර යනකොට අර ඒ ෆ්ලෝ එක කැඩෙනවා, එතකොට ඒත් අපේ අර මොලේ ලස්සනට ලේසියෙන් ඉඳන් අමාරු එකට පිළිවෙලකට දේවල් තැන්පත් වුනාම තමයි අපිට ඒවා ආයි අරගෙන පේපර්ස් වලදී ඇප්ලයි කරන්න හරිම ලේසියි.
05:29
Speaker A
ඉතින් ඒක හින්දා මම ඕයාලට කියනවා ගොඩක් අය අර හිතන්නේවත් නැති හරිම වැදගත් දෙයක් තමයි අර එකම හරි ක්ලාසස් ටිකක් තෝරගෙන පිළිවෙලට යන එක.
05:42
Speaker A
ඒක ඉතින් ඒ විදිහට කරලා බලන්න, හරිද.
05:43
Speaker A
ඊළඟට.
05:44
Speaker A
ඊළඟට තියෙන්නේ මොනවද.
05:45
Speaker A
ඊළඟට තියෙන්නේ ටයිම් මැනේජ්මන්ට් ගැන.
05:46
Speaker A
ටයිම් මැනේජ්මන්ට් ගැන ගොඩක් අය අහන ප්‍රශ්න තමයි අක්කි කොච්චර වෙලාවක් පාඩම් කරන්න ඕනෙද, මොන වෙලාවද පාඩම් කරන්න හොඳම කියලා, ඉතින් මෙහෙමයි, කෙනෙක්ට ඒක ඇත්තටම අර එක්කෙනා අනුව ඩිපෙන්ඩ් වෙනවා.
05:57
Speaker A
සමහරුන්ට චුටි වෙලාවක් පාඩම් කරලා ඒ දේ ඔලුවට දාගෙන ආයි එයාලට ඒවා පාඩම් කරන්න ඕනෙත් නැහැ.
06:05
Speaker A
ඒ වුනාට මට වගේ නම් එහෙම බැහැ, මට සෑහෙන වැඩ කරන්න වුනා දේවල් ඔලුවට දාගන්න, මම ස්කෝලේ කාලේදී කොහොම හරි එක්ස්ට්‍රා දේවල් විදිහට ඩාන්සින්, බැඩ්මින්ටන්, ඊළඟට සොසයිටීස් කීපයක වගේ හිටියා.
06:25
Speaker A
එතකොට ඒ දේවල් කරන්න ගියාට පස්සේ ඊට අමතරව තියෙන හැම වෙලාවකම වගේ මම වැඩ කරපු එක තමයි කරේ, ඉතින් එහෙම කරන්න වුනා මොකද ඒ කාලේ ඇත්තටම අපිට ගොඩක් පාඩම් කරන්න තියෙනවනේ.
06:46
Speaker A
ඒක හින්දා මට ඕගොල්ලොන්ට කියන්න තියෙන්නේ කොච්චර වෙලාවක් පාඩම් කරන්න ඕනෙද නෙමෙයි, ඕයාලට ඒ සබ්ජෙක්ට් කොටස තේරෙනකන් ඕයාලා වැඩ කරලා කොහොම හරි ඒක ඔලුවට දාගන්න.
06:57
Speaker A
වැදගත්ම දේ තමයි ටු ඩූ ලිස්ට් එකක් හදාගන්න එක, චුටි නෝට්බුක් එකක් වගේ අරගෙන ඒ දවසට ටු ඩූ ලිස්ට් එකක් හදාගන්න පුළුවන් නම් කලින් දවසේ.
07:05
Speaker A
එතකොට ඕයාලට අර ඊළඟ දවසේ නැගිටිනකොට දවස හරිම ඕගනයිස්ඩ්.
07:10
Speaker A
එතකොට ඔයා කරන්න ඕනේ මොනවද කියලා ඔයා දන්නවා ඇහැරෙනකොටම.
07:13
Speaker A
ඔයාට දවසට ප්ලෑන් එකක් තියෙනවා.
07:15
Speaker A
ඊළඟට මේ ගොඩක් අය ප්‍රයෝරිටි ලිස්ට් කියලා එක එක දේවල් දාලා ටු ඩූ ලිස්ට් එක හරිම කම්ප්ලෙක්ස් කරගන්නවා, එහෙම කරන්න යන්න එපා, අන්තිමට ඕයාලා ටු ඩූ ලිස්ට් එකක් හදන්න ලොකු වෙලාවක් අරගෙන අන්තිමට වැඩක් කරලත් නැහැ.
07:30
Speaker A
ඒක හින්දා හරිම සරල ටු ඩූ ලිස්ට් එකක් හදාගන්න.
07:36
Speaker A
වෙනස් වෙනස් දේවල් දාලා පාඩම් කරන්න, පාස් පේපර්ස් කරන්න, තව කාට හරි කියලා දෙන්න.
07:42
Speaker A
ඒ වගේ ටු ඩූ ලිස්ට් එකක් හදාගෙන වැඩ කරන්න.
07:47
Speaker A
එතකොට ඕයාලට හරිම ලේසියි ඒ දවසේ වගේ ප්‍රෝග්‍රෙස් එක බලාගන්නත්.
07:52
Speaker A
ටු ඩූ ලිස්ට් එකක් හදලා ඊළඟට මම මම කරපු වැඩක් නෙමෙයි, මම මේක පස්සේ දැනගත්තේ, ගොඩක් අය කරලා තියෙනවා.
08:01
Speaker A
මේ පැය මම මොනවද කරේ, ඊළඟ පැය මම මොනවද කරේ කියලා ඒගොල්ලෝ නෝට් ඩවුන් කරගන්නවා.
08:07
Speaker A
එතකොට ඕයාලට තේරෙනවා මගේ අතින් මේ පැය ඇතුළත කොච්චර ප්‍රඩක්ටිව් විදිහට වැඩ වෙලාද කියලා.
08:14
Speaker A
ඉතින් ඒකත් මම හිතන්නේ හරිම හොඳයි දවස පොඩ්ඩක් ප්‍රඩක්ටිව් වෙන්න.
08:20
Speaker A
ඒක ලොකු උදව්වක් කියලා මට හිතෙනවා.
08:21
Speaker A
ඊළඟට ටයිම් එකක් පාවිච්චි කරන එක.
08:26
Speaker A
ටයිම් එකක් පාවිච්චි කරන එක හරිම උදව්වක් ඕගොල්ලොන්ට මොකක් හරි වැඩක් උපරිම වේගයෙන් කරන්න.
08:31
Speaker A
ලොකු ලොකු වෙලාවල් නෙමෙයි, 10 මිනිට්, 15 මිනිට්ස් වගේ.
08:36
Speaker A
ටයිම් එක තියාගන්න.
08:40
Speaker A
එතකොට ඒ වෙලාව ඇතුළත ඔයාට උපරිම වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්.
08:45
Speaker A
එතකොට අර ඕගොල්ලෝ ගාට ගාට වැඩ කරන එක ටිකක් අඩු වෙලා ඒ විනාඩි 15 ඇතුළත උපරිම වැඩ ප්‍රමාණයක් වගේ අතින් වෙනවා.
08:57
Speaker A
ඉතින් ඒ විදිහට ට්‍රයි කරන්න, එතකොට අර කාලේ නාස්ති වෙන එකත් සෑහෙන්න අඩු වෙනවා.
09:02
Speaker A
ඊළඟට ඕගොල්ලෝ ටයිම් මැනේජ් කරගන්න හරියට උදව් වෙන මෙතඩ් එකක් තියෙනවා.
09:10
Speaker A
ඒක තමයි ඕයාලා විනාඩි 25ක් වැඩ කරනවා, විනාඩි පහක බ්‍රේක් එකක් ගන්නවා.
09:17
Speaker A
ආයි විනාඩි 25ක් වැඩ කරනවා, ආයි විනාඩි පහක බ්‍රේක් එකක් ගන්නවා.
09:22
Speaker A
හැබැයි මේ මෙතඩ් එකේ හැමෝටම හරියන්නේ නැහැ, ඒ වගේම අපි ලොකු පරාසයක පාඩමක් කරනවා නම්.
09:34
Speaker A
ඒ කියන්නේ විනාඩි 25න් අපිට ඒක ලොකු ප්‍රමාණයක් කවර් කරන්න බැරි නම් අපි අතින් ගොඩක් වෙලාවට මේ මෙතඩ් එක හරියට වෙන්නේ නැහැ.
09:42
Speaker A
ඒත් එක දිගටම පාඩම් කරන්න යන්න එපා, එතකොට ඔලුවට යන්නෙත් නැහැනේ.
09:50
Speaker A
චුටි විනාඩි පහක වගේ බ්‍රේක් එකක් ගන්න ඔයාලා යම්කිසි පාඩම් කොටසක් පාඩම් කරලා ඉවර වුනාට පස්සේ.
10:00
Speaker A
හැබැයි එහෙම කියලා ලොකු ඉන්ටර්වල් අරගෙන අන්තිමට පාඩම් කරනවාට වඩා ඉන්ටර්වල් අරගත්ත එක වැඩි වෙලා වෙන්න දෙන්න එපා.
10:07
Speaker A
ඊළඟට ටයිම් මැනේජ් කරගන්න කියලා ගොඩක් අය කරන වැඩක් තමයි ෂෝට් නෝට්ස් ගහන එක.
10:12
Speaker A
හැබැයි ළමයි බයෝ සහ කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට්ස් දෙකට මේ ෂෝට් නෝට්ස් ගහන වැඩේ එච්චර ගැලපෙන්නේ නැහැ, එතකොට ඕයාලගේ අතින් ගොඩක් මතක තියාගන්න ඕන පාඩම් කොටසක් මග හැරෙන්න පුළුවන්.
10:25
Speaker A
ඒක හින්දා ඔයාගේ ඇහැට හැම වෙලේම ඔයාගේ නෝට් එක පේන්න තියෙන එක හරිම වැදගත්.
10:36
Speaker A
අන්න ඒක හින්දා මෙන්න මේ විදිහට පුළුවන් නම් ෂෝට් නෝට්ස් ගහන්න ට්‍රයි කරන්න.
10:42
Speaker A
මෙන්න මෙහෙම තමයි මම ෂෝට් නෝට්ස් ගැහුවේ, හරිද.
10:45
Speaker A
ඕයාලා ඕයාලගේ පොතේ පිටුව මෙන්න මේ විදිහට බෙදාගන්න.
10:53
Speaker A
හරිද, මේක අර මම ෆ්‍රන්ට් කැම් එකෙන් පෙන්නන හින්දා අනිත් පැත්තට පේන්නේ.
10:57
Speaker A
හරිද, මේ විදිහට කොටස් තුනකට බෙදාගන්න.
11:00
Speaker A
ඕයාලා මේ නෝට්ස් කියන තැන තමයි ක්ලාස් එකට ගියාට පස්සේ නෝට් එක ලියාගෙන යන්නේ, ඊට පස්සේ එතනින් ඒ වැඩේ ඉවරයි, ගෙදර ඇවිල්ලා මෙන්න මේ කොටසේ ක්වෙෂන්ස්, මේ පාඩම් කොටසෙන් ඕයාලට හදන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම වගේ ඔයා මෙතන ලියනවා.
11:19
Speaker A
ඒ කියන්නේ මේ නෝට් එක කවර් වෙන්න ක්වෙෂන්ස් ඔයා මෙතන හදනවා, හරිම සිම්පල් පොඩි ක්වෙෂන්ස් ටිකක්, මෙතන තියෙන බොක්ස් එකේ ඔයා දාන්නේ මේ නෝට් එකේ තියෙන සමරි එක.
11:30
Speaker A
ඒක ස්කෙච් එකක් වෙන්න පුළුවන්, කොහොම හරි ඔයාට මතක තියාගන්න ලේසි වෙන්න පොඩි සමරි එකක් එතනින් දාගන්න.
11:36
Speaker A
ඕයාලට හිතෙන්න පුළුවන් මේකෙන් ටයිම් මැනේජ් වෙනවද, අම්මෝ මේක මාර වෙලාවක් යන වැඩක්නේ කියලා ඕයාලට හිතෙන්න පුළුවන්.
11:42
Speaker A
ඒ වුනාට දැන් ඔයා මේ විදිහට පොත බෙදාගෙන ගියාට පස්සේ, පිටුව බෙදාගෙන ගියාට පස්සේ ක්ලාස් එකේදී නෝට් එක අර එතන ලියන එක වෙනවනේ ඉබේම, ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඒ නෝට් එක කවර් වෙන ප්‍රශ්න ටික ලියාගන්නවා, සමරි එකත් හදනවා, ඒ චුටි වෙලාව තමයි ඒකට යන්නේ.
11:59
Speaker A
හැබැයි ඔයා ආයි රිවයිස් කරද්දී යන කාලය, ඒ කාලය සෑහෙන්න අඩු වෙනවා, ඔයා ආයි නෝට් එක රිවයිස් කරද්දී ආයි නෝට් එකම කියවන්නේ නැහැ, ඔයා අර ප්‍රශ්න ටිකට ඔයාට උත්තර පුළුවන්ද කියලා තමයි ආයි බලන්නේ, එතකොට අර මුළු නෝට් එකම කියවන්න යන කාලය ඉතුරු වෙනවා.
12:18
Speaker A
ඒ වගේම අර ප්‍රශ්න ටිකට උත්තර දෙනකොට ඔයාගේ අතින් නෝට් එක මේ ඉබේ කවර් වෙලා, ඒ වගේම ඔයාට පුළුවන් කියලා චුටි කන්ෆිඩන්ස් එකක් එනවා ප්‍රශ්නෙකට උත්තර දෙන්න පුළුවන් වුනාම.
12:36
Speaker A
ඒ දෙන්න බැරි වුනත් ඔයා ගාව එතනම නෝට් එක තියෙනවා, ඔයාට ආයි ගිහින් බලන්න.
12:46
Speaker A
ඉතින් එතකොට ඔයාට රිවයිස් කරනකොට හරිම අඩු කාලයක් තමයි යන්නේ.
12:52
Speaker A
ඊළඟට අර සමරි එකේ ඔයා දෙන ස්කෙච් එක ඔයාගේ ඔලුවේ ඇඳෙනවා ළමයි, එහෙම ඇඳුණාට පස්සේ එක්සෑම් එකේදී ඔයාට ආයි මේක මතක් කරලා ගන්න හරිම ලේසියි, අන්න ඒකයි මම ටයිම් මැනේජ්මන්ට් යටතෙම ඒක ඕයාලට කියන්න හිතුවේ ඒක හදන්න චුටි වෙලාව ගියාට ඊට පස්සේ ආයි රිවයිස් කරනකොට ඔයාට ටයිම් මැනේජ් කරගන්න තියෙන හොඳම විදිහ තමයි ඒක.
13:16
Speaker A
ඊළඟට අපිට ටයිම් මැනේජ් කරගන්න විශේෂයෙන්ම එක්සෑම් එකේදී වැඩිපුරම උදව් වෙන්නේ අපි පාස් පේපර්ස් කරලා තියෙන එක.
13:26
Speaker A
හැබැයි සමහරු ඉන්නවා එයාලට පාස් පේපර්ස් කරන්න ඕනෙත් නැහැ, එයාලට පාඩම ඔලුවට දාගත්තම ඕනම ප්‍රශ්නයක් කරන්න පුළුවන්.
13:36
Speaker A
ඒත් සමහරු ඉන්නවා එයාලා ප්‍රශ්න කරනකොට තමයි එයාලට තේරෙන්නේ අපි මේ පාඩමෙන් ගන්න ඕනේ මොනවද, ඒ වගේම සමහරුන්ට ක්වෙෂන්ස් කරනකොට තමයි පාඩම හරියටම තේරෙන්නේ, මොනවද අහන්නේ කියලා හරියටම තේරෙන්නේ පාස් පේපර්ස් කරනකොට.
13:50
Speaker A
ඒක හින්දා මම හිතනවා බහුතරයකට උදව් වෙයි පාස් පේපර්ස් කරන එක, මම ඊළඟට කියන්නම් පාස් පේපර්ස් අපි කොහොමද ඉෆෙක්ටිව් විදිහට කරන්නේ කියලා.
14:01
Speaker A
අපේ කාලේ තිබ්බා මම හිතන්නේ දැනුත් ඇති පේසුරු ප්‍රකාශකයෝ කියලා, එයාලගේ තියෙනවා ක්ලැසිෆයිඩ් එම්සීක, ස්ට්‍රක්චර්ඩ් එසේ හැම එකක්ම.
14:15
Speaker A
එතකොට ඕයාලා මේ ප්‍රශ්න කරන්න පාඩමක් ඉවර වුනාම.
14:20
Speaker A
ඊළඟට ඕයාලා පාස් පේපර්ස් කරන්න පටන් ගන්න ඕනේ කවද්ද, ඔයා සිලබස් එකේ යම්තාක් දුරකට කවර් වෙනකන් ඉඳලා නෙමෙයි පාස් පේපර්ස් පටන් ගන්න ඕනේ, ඕයාලගේ පළවෙනි පාඩම ඉවර වෙච්ච ගමන්ම පාස් පේපර්ස් කරන්න පටන් ගන්න.
14:37
Speaker A
එතකොට ඔයාගේ අතින් පාඩම ඉවර වෙච්ච ගමන් ඒ ක්වෙෂන්ස් ටික කෙරිලා, ඊට පස්සේ ටර්ම් ටෙස්ට් එකට යනකොටත් ආයි ඔයා ඒ ක්වෙෂන්ස් ටික කරනවා, ආයි ඊළඟ ටර්ම් ටෙස්ට් වලදීත් කරනවා.
14:54
Speaker A
එතකොට එක්සෑම් එකට යන්න කලින් ඔයාගේ අතින් මේ පාස්ට් ක්වෙෂන්ස්, පාස්ට් ක්වෙෂන්ස් වෙන්න ඕනේ නැහැ, මොඩල් පේපර්ස් පවා තියෙනවනේ, කොහොම හරි ඒ සබ්ජෙක්ට් කෑල්ලට අදාළ ප්‍රශ්න ටිකක් ඔයාගේ අතින් කෙරිලා තියෙනවා.
15:09
Speaker A
අනිත් එක අපි පාස් පේපර්ස් අන්තිමට හතර පස් පාරක් කරන්න හිතන් හිටියොත් ඒක වෙන්නේ නැහැ සහ ඒක හරිම කම්ප්ලෙක්ස් දෙයක්, ඉතින් ඕයාලා මෙහෙම සැරින් සැරයට එහෙම පාස් පේපර්ස් කරලා තියෙනකොට ඕයාලට ඉබේම පාස් පේපර්ස් කවර් වෙනවා.
15:25
Speaker A
ඊළඟට ඕගොල්ලෝ පාස් පේපර්ස් කරනකොට විශේෂයෙන්ම ෆිසික්ස්, කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට්ස් දෙකේදී පුළුවන් තරම් රිවීව්ස් ලියන්න.
15:37
Speaker A
රිවීව්ස් ලියන්න කියන්නේ ලොකු රිවීව්ස් නෙමෙයි, ඔයාගේ සීආර් පොත කොටස් මෙහෙම හයකට බෙදලා ඒක කොටුවක එක ප්‍රශ්නෙකට, ඒ ප්‍රශ්නය හදන විදිය, ඒ ගාන හදන විදිය, ඒ ප්‍රශ්නෙට උත්තරේ ගන්න විදිය වගේ චුටි රිවීව් එකක් ලියන්න ඒකේ වටෙත් පොඩ්ඩක් ඉන්ක්ලූඩ් කරලා.
15:55
Speaker A
එතකොට එක දෙයක් තමයි එතකොට ඔයාට ඒ ප්‍රශ්නය හදන විදිය ගැන හරියටම අවබෝධ වෙනවා, ඒ වගේම ඔයාට ඒක ආයි අමතක වුනොත් ඔයා ආයි ඇවිල්ලා බලනකොට ඔයාට ආයි ඒක තේරුම් ගන්න හරිම ලේසියි.
16:14
Speaker A
ඒ වගේම අපි නිකන් බ්ලයින්ඩ්ලි ආ මේකට මේක කියලා ගහලා යනවා වගේ නෙමෙයි, අපි අරම පොඩි එෆර්ට් එකක් ගත්තම අපිට ඒක හොඳට ඔලුවට යනවා.
16:32
Speaker A
එතකොට ඔයාට ආයි ඒ ප්‍රශ්නෙම නොවුනත් ඒ වගේ ප්‍රශ්නයක් ඒ විදියට හදන ප්‍රශ්නයක් ආයි ආවොත් ඔයාට හරිම ලේසියෙන් ඒ ප්‍රශ්නෙට ඔයා ඇප්‍රෝච් කරන්නේ කොහොමද කියලා ඔයාට තේරෙන්න ගන්නවා.
16:49
Speaker A
ඊළඟට ෆිසික්ස් වලදී ඔයා ගාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල් ටිකක් තමයි රෝසස් වර්ක්ගේ විවරණ පොත් ටික.
16:59
Speaker A
ඒ ටික මටත් සෑහෙන උදව්වක් වුනා, ඕයාලටත් සෑහෙන උදව්වක් වෙයි පාස් පේපර්ස් කරද්දී, ඒ ටිකත් ගන්න, ගන්න හරි ලයිබ්‍රරි එකකින් ඔයාට ඕන වෙලාවක පාවිච්චි කරන්න හරි කොහොම හරි ඒ පොත් ටික පාවිච්චි කරන්න.
17:12
Speaker A
ඊළඟට ගොඩක් අය අහන දෙයක් තමයි මොනවද අපි කියවන්න ඕන අමතර පොත් කියලා.
17:17
Speaker A
අපේ කාලේ අපි ස්කෝලේ නෝට් එක බැලුවා, ක්ලාස් එකේ නෝට් එක බැලුවා, ටියුෂන් ක්ලාස් එකේ නෝට් එක, ඊට අමතරව ටීචර්ස් ගයිඩ් එක තමයි බැලුවේ.
17:27
Speaker A
ඉතින් ඒ ටික තමයි මමත් බැලුවේ, ඉතින් ඒක මට සෑහෙන උදව්වක් වුනා, මට හිතෙන්නේ අපි අමතර පොත් කියවනවාට වඩා අපේ අපි දන්න දේ හරියටම දැනගන්න එක තමයි වැදගත් වෙන්නේ.
17:42
Speaker A
එතකොට ඒ කියන්නේ අපේ සිලබස් එකේ ඒගොල්ලෝ අපිට අපි දැනගන්න ඕන හැම දෙයක්ම වගේ දෙනවා.
17:56
Speaker A
ඒක හරියට පුළුවන් කරගත්තොත් අපිට එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන් අමතර පොත් ගොඩාක් හොයන්න යනවාට වඩා.
18:10
Speaker A
සමහර විට කියවන්න හොඳ අමතර පොත් ඇති, හරිද.
18:13
Speaker A
මම 2018 අවුරුද්දේ ඒ ලෙවල් කරේ, ඉතින් දැන් ඊට වඩා ගොඩක් වෙනස්, සිලබස් එක පවා වෙනස්.
18:22
Speaker A
ඉතින් එතකොට ඔයා ළඟදී ඒ ලෙවල් කරපු අක්කා කෙනෙක්ගෙන් හරි අයියා කෙනෙක්ගෙන් හරි ඒක අහලා හොයාගත්තොත් තමයි මම හිතන්නේ ඕයාලට ගොඩක්ම රිලේට් වෙන්නේ.
18:35
Speaker A
මට හිතෙන විදියට, ඉතින් ඒක කොහොම හරි හොයලා දැනගන්න, හරිද.
18:38
Speaker A
ඊළඟට ළමයි පාඩම් කරනවා කිව්වාම පොත බලාගෙන පාඩම් කරන එක විතරක් නෙමෙයි.
18:42
Speaker A
ඕගොල්ලෝ පාඩම් රිවයිස් කරන්න, ඒකට අර එක තැනකින් ඉඳගෙන එහෙම කරන්න ඕනේ නැහැ.
18:49
Speaker A
බස් එකේ යන ගමන්, ඒ වගේ පාඩම් රිවයිස් කරන්න.
18:54
Speaker A
එතකොට ඔය රිවයිස් කරන එක මාර වැදගත්.
18:57
Speaker A
අර එතකොට ඔයාට අකුරුවෙනවා ඔයාට මොනවද මතක නැත්තේ කියලා.
19:01
Speaker A
ඉතින් එහෙම කරන්න.
19:02
Speaker A
ඒ වගේම තව දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් එයාලට කියලා දෙන්න.
19:05
Speaker A
ඒ කියන්නේ ඔයාට පාඩම පුළුවන් වෙන්න කියලා නෙමෙයි, ඇත්තටම අපේ යාළුවෝ ඉන්න පුළුවන්.
19:11
Speaker A
ඇත්තටම අපේ උදව් ඕනේ.
19:14
Speaker A
ඉතින් එතකොට හැමෝටම කියලා දීලා හැමෝත් එක්කම එකතු වෙලා වැඩ කරලා ඒ ගමන ගියාම තමයි ලස්සන.
19:20
Speaker A
දැන් මගේ ගත්තොත් මගේ කැම්පස් එකේම මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා.
19:27
Speaker A
ඒ ලෙවල් කාලේ ඉඳන්ම හිටපු හොඳම යාළුවෝ.
19:32
Speaker A
ඉතින් එතකොට හරිම ෂෝක් ඉතින්.
19:34
Speaker A
ඊළඟට කියන්න යන්නේ ගොඩක් අය කියන්නේ නැති එකක්, හරිද.
19:40
Speaker A
ඒක තමයි මේක කියනවද නැද්ද කියලත් මම ටිකක් හිතුවා මොකද මේක කිව්වට පස්සේ.
19:49
Speaker A
දැන් මේක අම්මලා වගේ එහෙම බලනවා නම් ළමයින්ට කරදර කරයිද කියලා මට හිතුනා.
19:55
Speaker A
හැබැයි මට හිතුනා කොහොකටත් කිව්වොත් හොඳයි කියලා ප්‍රයෝජනයක් ගන්න කෙනෙක්ට හරියට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්නේ.
20:01
Speaker A
ඒ හින්දා ඒක තමයි මම 2018 අවුරුද්දේ ඒ ලෙවල් කරේ, මම ෆිසික්ස් වලට 2017 අවුරුද්දේ ඒ ලෙවල් ක්ලාස් එකකට ගියා.
20:13
Speaker A
ඒ කියන්නේ මගේ අවුරුද්දට කලින් අවුරුද්දේ ක්ලාස් එකකට සිලබස් කලින් කවර් කරගන්න.
20:20
Speaker A
සිලබස් කලින් කවර් කරගන්න එක ප්‍රයෝජනවත්ද කියලා ඕයාලට හිතෙන්න පුළුවන්, මෙහෙමයි, හරිද.
20:31
Speaker A
අන්තිම කාලේ අපේ ක්ලාසස් වල පාඩම් මාර ඉක්මනට කරලා ඉවර කරනවනේ.
20:40
Speaker A
ඉතින් එතකොට අපිට ලොකුවට ඔලුවට යන්නේ නැහැ.
20:44
Speaker A
හැබැයි අර කලින් අවුරුද්දේ ක්ලාස් එකටත් ගියපු හින්දා අර කලබලේ එක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැනේ.
20:53
Speaker A
හෙමින් සැරේ එතකොට ඒ ක්ලාස් එකෙනුත් වෙලා තියෙන හින්දා මට ඒක සෑහෙන උදව්වක් වුනා.
21:00
Speaker A
කලින් පාස් පේපර්ස් කරන්න, කලින් අර සිලබස් කවර් කරගත්ත එක.
21:06
Speaker A
ඉතින් ඕයාලටත් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා නම් පාවිච්චි කරන්න.
21:12
Speaker A
හැබැයි ඒක හරිම ස්ට්‍රෙස්ෆුල් වැඩක්, ඒ කියන්නේ ඇයි ඒ ක්ලාස් එකෙත් හෝම්වර්ක් දෙනවා.
21:18
Speaker A
අපිට නිකන් මේ අපේ අවුරුද්දේ ඒ ලෙවල් වැඩ ටික කරගන්නත් හරි අමාරුයිනේ, මාරම අමාරුයිනේ.
21:26
Speaker A
ඒ අතරේ අර කලින් අවුරුද්දේ ක්ලාස් එකට ගියාම මාරම ස්ට්‍රෙස්ෆුල්.
21:30
Speaker A
ඒකෙත් හෝම්වර්ක් දෙනවා, සමහර දවස් වලට අඬ අඬ එපා වෙලා තමයි යන්නේ.
21:34
Speaker A
කොහොම හරි.
21:35
Speaker A
ඒ කියන්නේ මෙහෙමයි, හරිද, එහෙම කරන්නම ඕනේ නැහැ.
21:41
Speaker A
මගේ යාළුවෙක් ගියා, එයත් දැන් මාත් එක්කම ෆැකල්ටි එකේ ඉන්නවා, එයාට ඒ වැඩේ සෙට් වුනේ නැහැ.
21:48
Speaker A
එයා ඊට පස්සේ ඒක නැවැත්තුවා, එයා සාමාන්‍ය විදියට වැඩ ටික කරගෙන ගියා, එයත් හොඳම රිසල්ට් එකක් අරගෙන අපේ ෆැකල්ටි එකටම ආවා.
21:55
Speaker A
ඉතින් ඒ වගේ අර මම මම කරපු හැම දෙයක්ම ඕයාලට කියනවා.
22:01
Speaker A
ඕයාලට ගැලපෙන දේවල් විතරක් අරගෙන ඕයාලගේ ගමනට ඒක උදව්වක් කරගන්න, හරිද.
22:06
Speaker A
ඊළඟට මට ඕයාලට කියන්න අමතක වුනා.
22:10
Speaker A
අපේ කාලේ වගේ නෙමෙයි දැන් ඔන්ලයින් එහෙම තියෙනකොට.
22:14
Speaker A
ඕයාලට ඔය වීඩියෝ එක බලාගෙන ඉද්දි නිදිමත එනවනේ.
22:17
Speaker A
ඉතින් එතකොට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ලියන එක, හරිද.
22:21
Speaker A
ලියනකොට වෙන එක දෙයක් තමයි ඕයාලට නින්ද යන්නේ නැහැ.
22:24
Speaker A
අනිත් වැඩේ තමයි ඕයාලා ලියනකොට ඔයාලා ඇහෙන දේ තේරුම් අරගෙන ලියන්නේ.
22:31
Speaker A
නිකන් මොකක් හරි බලාගෙන ලියනවා නෙමෙයිනේ.
22:34
Speaker A
එතකොට ඔයා අර ලියන්නේ ඔයා අවබෝධ කරගත්ත දේ.
22:40
Speaker A
එතකොට ඔයාට ඒ වෙලේම පාඩමක් හොඳටම තේරෙනවා.
22:45
Speaker A
ඒකේ එක්ස්ට්‍රා ඇඩ්වාන්ටේජ් එක තමයි ඒක.
22:48
Speaker A
ඉතින් එහෙම කරන්න.
22:50
Speaker A
ඊළඟට ස්ට්‍රෙස් මැනේජ් කරන්නේ කොහොමද කියලා.
22:53
Speaker A
අයියෝ මේක ඉවර වෙන්නේ නැහැ, මට නම් මේකට එපා වෙලා තියෙන්නේ.
22:58
Speaker A
කොච්චර වැඩ කරත් ලකුණු මෙහෙමනේ කියලා අපිට හිතෙන්න පුළුවන්.
23:02
Speaker A
හරිද.
23:03
Speaker A
මටත් ඒ කාලේ එහෙම තමයි.
23:05
Speaker A
හැමෝටම එහෙමයි, හරිද.
23:06
Speaker A
ඒක හැමෝටම තියෙන දෙයක් සහ ඕනම දෙයක් නිසා ඇතිවන ස්ට්‍රෙස් එකක් මම නම් නැති කරගන්නේ මේක තාවකාලිකයිනේ.
23:12
Speaker A
මේක ඉක්මනට යනවා.
23:14
Speaker A
අපි සතුටින් හිටපු දවස් තියෙනවා, ඒ දේවල් පාස් වෙනවා.
23:18
Speaker A
අපි දුකින් හිටපු දවස් තියෙනවා, ඒවා පාස් කරලා අපි ඇවිත් තියෙනවා.
23:21
Speaker A
මේ කාලෙත් එහෙමයි.
23:23
Speaker A
මේ අවුරුදු ටික අපි මහන්සි වුනොත් අපිට ඉතුරු ටික අපි ආසම ෆීල්ඩ් එකෙන් වැඩ කරන්න පුළුවන්.
23:29
Speaker A
වගේ හිතලා අපිට පුළුවන් අපේ හිත හදාගන්න.
23:32
Speaker A
ඊළඟට විශේෂයෙන්ම යාළුවොත් එක්ක හොඳට කතා කරලා ඉන්න.
23:36
Speaker A
එතකොට ස්ට්‍රෙස් එකත් අඩුයි, ඒ කියන්නේ ලොකුවට බරක් නැතුව වැඩේ කරගන්න පුළුවන් එතකොට.
23:40
Speaker A
ඊළඟට මේ ඩොක්ටර් කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ, හරිද.
23:43
Speaker A
ඕයාලට සිලෙක්ට් වෙන්න බැරි වුනොත් දුක් වෙන්න එපා, මම කමෙන්ට්ස් වල දැක්කා සමහරු එහෙම දුක් වෙන අය ඉන්නවා.
23:48
Speaker A
ඊළඟට සමහරු ආසයි ඒත් මේක ලැබෙයිද නැද්ද කියලා බයේ ඉන්නවා, ඉතින් මෙඩිසින් විතරක් නෙමෙයි, තව ගොඩාක් දේවල් තියෙනවා, සමහරු මෙඩිසින් වලට ආසත් නැහැනේ.
23:59
Speaker A
ඩොක්ටර්ස්ලා ඉන්න සමහරු ආසත් නැහැ.
24:01
Speaker A
ඉතින් ඒ වගේ නෙමෙයි, දැන් ඔයා ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි, ආසයි, මෙඩිසින් කරන්න හරිම ආසයි වගේ එහෙම තියෙනවා නම් ඉතින් ට්‍රයි කරන්න.
24:08
Speaker A
හැබැයි ඒක ලැබුනත් නැතත් දුක් වෙන්න එපා, තුන් පාරම ට්‍රයි කරන්න.
24:14
Speaker A
ඊළඟට එහෙම බැරි වුනත්.
24:17
Speaker A
හැම වෙලේම ඔයා වෙනුවෙන් මේ ලෝකේ ලස්සන ප්ලෑන් එකක්, ලස්සන කතාවක් තියෙනවා.
24:23
Speaker A
ඔයාට ගැලපෙනම දේ ඔයාට කොහොමත් අනිවාර්යයෙන් හම්බවෙනවා.
24:28
Speaker A
සමහර විට ඔයා කොච්චර මෙඩිසින් වලට ආස වුනත් සමහර විට ඔයා දන්නේ නැති තව දෙයක් තියෙන්න පුළුවන්.
24:35
Speaker A
ඔයා හරිම දක්ෂ, ඔයාට සෑහෙන මානසික සතුටක් අරන් එන.
24:40
Speaker A
ඉතින් කිසිම වෙලාවක දුක් වෙන්න එපා, ඔයාට හොඳ පාරක් පෙනෙයි.
24:45
Speaker A
ඒ වගේම ජොබ් ඔපචුනිටීස් දැන් ගොඩාක් එක එක ඒවා තියෙනවා, ලෝකේ දැන් ගොඩාක් වෙනස්.
24:52
Speaker A
එහෙමයි, මම හිතන්නේ මට කියන්න ඕන ඔක්කොම ටික මම කිව්වා.
24:56
Speaker A
Thanks for watching guys, ඕගොල්ලොන්ට ගන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් ගන්න මේ වීඩියෝ එකෙන්.
25:01
Speaker A
හොඳට වැඩ ටික කරගන්න.
25:04
Speaker A
සෝෂල් මීඩියා ඉන්න වෙලා ටිකක් අඩු කරලා හොඳට වැඩ ටික කරගන්න.
25:09
Speaker A
Good luck.
Topics:A/L පාඩම්ටයිම් මැනේජ්මන්ට්ටියුෂන් ක්ලාස්ශෝට් නෝට්ස්පොමොඩොරෝ මෙතඩ්ක්ලාස් තේරීමරිවයිස් ක්‍රමසිලබස්පාඩම් උපදෙස්ශ්‍රම කළමනාකරණය

Frequently Asked Questions

A/L පාඩම් සඳහා හොඳ ටියුෂන් ක්ලාස් එකක් කොහොම තෝරගන්නද?

හොඳ ටියුෂන් ක්ලාස් එක තෝරගන්න, අලුත්ම සිසුන්ගෙන් හෝ හොඳ ප්‍රතිඵල ලබාදුන් අයගෙන් උපදෙස් ලබාගන්න. එකම ක්ලාස් එකට දිගටම යාම වැදගත් වේ.

ටයිම් මැනේජ්මන්ට් සඳහා කුමන ක්‍රම හොඳද?

ටු ඩූ ලිස්ට් එකක් සරලව හදාගෙන, පොමොඩොරෝ මෙතඩ් (විනාඩි 25 වැඩ, 5 විනාඩි විරාම) භාවිතා කිරීම හොඳ ක්‍රම වේ. වැඩ කරන කාලය පුද්ගලික අවශ්‍යතාව අනුව වෙනස් කළ හැක.

ශෝට් නෝට්ස් ගැහීමෙන් කුමන ප්‍රයෝජන ලැබේද?

ශෝට් නෝට්ස් නිවැරදිව සකස් කිරීමෙන් පාඩම් කරන කාලය කෙටි කරමින්, රිවයිස් කිරීම පහසු කරයි. ප්‍රශ්න සහ සමරි එකතු කිරීම මතක තබා ගැනීමට උදව් වේ.

Get More with the Söz AI App

Transcribe recordings, audio files, and YouTube videos — with AI summaries, speaker detection, and unlimited transcriptions.

Or transcribe another YouTube video here →